Wednesday, December 29, 2010

නුඹේ ඒ මතක පොද-නුඹ එක්ක ගෙන යන්න

දින ගනන් ගෙවී ගොස් -හිත තාම එතනමය
හිත පුරා ඇවිද ගිය -අඩි පාර එහෙමමය

උදා වෙන ලොව එක්ක- හෙට දිනේ හිනහෙන්න
නු‍ඹෙ පිය සටහන-මකන්නට දිරි දෙන්න


කවමදාවත් නොහඩමි මම-නුඹට දුන් ඒ පොරොන්දුව...
ළය පැලි මිය යන තුරුම-රකිමි මා පණ විලස...

කදුළු වලට දිය වෙච්ච-හිත එක්ක හිනහෙන්න
නුඹේ ඒ මතක පොද-නුඹ එක්ක ගෙන යන්න

නූඹෙ ලොවේ පිපෙන මල්-ආදරෙන් රැක ගන්න...
මා සමු ගත් දිනක-මගේ සොහොන සරසන්න

ඉදින් ඒ දවස-එන තුරා මා ලගට
ජිවිතේ විද ගන්න- මගෙ ලොවින් නුඹ යන්න

~~~~~~~~******~~~~~~~~




 

3 comments:

  1. එලවන්නේ ඇයි මෙහෙම - මට ඕනේ ලඟ ඉන්න
    එපා මට වෙන ලොවක් - ඉඳිමි මම නුඹ එක්ක

    ReplyDelete
  2. "දින ගනන් ගෙවී ගොස් -හිත තාම එතනමය
    හිත පුරා ඇවිද ගිය -අඩි පාර එහෙමමය"

    අගේ ඇති පද යොදා ගැනීමක්..

    ReplyDelete
  3. ලස්සනයි ...සමුගැනීම් ගැන කියන්න එපා ඔයතරම් .. මට දුක හිතුනා එහෙම නෙවේ ! ඒත් පොඩ්ඩක් දුක හිතුනා ..

    4 පාරක් කිවලා බැලුවා ...
    ජයවේවා !!

    ReplyDelete