Monday, December 27, 2010

හිරුට අවනත රුදුරු කතරේ


දූවිලිත් වපුරාන මීදුමත් සගවාන
රුදුරු උඩු හුළග නගයි මැසවිල්ල
මුදා තෙතමනය බිමේ සරුසාර
අකල් අව් ගින්න හෙලයි දුක් ගින්න

පිම්මෙ පිපිදෙන නිල්ල පොඩි කර
පතුලේ සැගවුන හීන අළු කර
හැලෙන විට නුඹ අහස් කුස හැර
කදුළු වැජඹෙයි නුවන් දියකර

හිරුට අවනත රුදුරු කතරේ
දැවි දැවී දුක තනිව වැලළේ
පෙර කරපු පව් කෙරෙන් සසරේ
තවත් හිනහෙමි දුකට අදුරේ....

1 comment:

  1. "තවත් හිනහෙමි දුකට අදුරේ"ගොඩක් අය ඒවගේ ..

    හරිම ලස්සන කවි සිත්තම ..

    තව දෙයක් ඔයා හිතනවාට වඩා ජීවිතේ ලස්සනයි ..

    ජයවේවා !!

    ReplyDelete