Sunday, December 5, 2010

අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නෑ


              පුංචි කාලේ කියන්නේ හරි අපුරු කාලයක්...ඒ කාලේ කරපු පිස්සු වැඩ ..ගොං වැඩ කෙළවරක් නෑ..අදටත් මම හරි ආසවෙන් මතක් කරන කාලයක් ඒක..එදා තිබුන සැහැල්ලුව සතුට..ආයේ කවදාවත් ලැබෙන එකක් නැ..ඒත් මැරෙනකන්ම මතක් කර කර රසවිදින්න පුළුවන් කාලයක් ඒක.....
                            මම හැදුනෙ ගමක..හැම තැනම කදු..දිය පාරවල්..වැස්ස..ඔය හැම දෙයක්ම ඕනවටත් වැඩිය තිබුන පරිසරයක...අවුරුදු ගාණක් මේ කකුල් දෙකට ඒ පොළවේ රස්නෙ නොලැබුනත් අදටත් ඒ උණුහුම මතකයි මට..මම පුංචි කාලේ අකමැතිම දේ බස් වල යනඑක.. ඉස්කෝලේ යන්න ටික දුරක් තිබුන නිසා බස් එකේ යන්න කිව්වත් අයියලවත් මමවත් කවදාවත් ඒ වැඩේ කලේ නෑ.. අපේ ගෙවල් ලග ඉදන් ඉස්කොලේ ලගට අඩි පාරක් තිබුනා..අඩිපාරක් කිවට ඒක පඩිපෙලක්..කොහොම හරි කිලෝමිටරයක් විතර දුරයි...කදු මුදුනක ඉදලා පහල‍ට බහින්නයි තිබුනේ..ඒක හරි අපුරූ ගමනක්....උදේ පාන්දර මීදුම අස්සෙන් කන්ද පහලට දුවන එක කොයිතරම් අපුරුද???? මේ පඩිපෙල දෙපැත්තේ කුඹුරු තිබුනා..අපේ පැති වල කුඹුරු තියෙන්නෙ හෙල්මැලි ක්‍රමයට..ඒ කියන්නේ තට්ටු තට්ටු... ඒ කියන්නේ මෙන්න මේ වගේ...


කන්ද පහල දුවන්න ගිහින් ඔය කුඹුරු වල වැටිලා..මඩකරියා වගේ ආයෙමත් ගෙදර යන්න වුන අවස්ථාත් එමටයි.. ඇත්තටම ගොයම් හැදෙන කාලෙට ඒ පරිසරය කියන්න බැරි තරම් ලස්සනයි....වටපිට බලබල වතුර වලවල් වල පැන පැන අයියලගෙන් බැනුම් අහඅහා ඉස්කෝලේ යනව වගේද බස් එකක හිර වෙලා යනඑක..මේ විදිහට කැලැ අස්සේ රිංගලා දවසක් ගැරඩියෙකුට බයවෙලා කෑ ගහලා අයියා මාව අයෙමත් ගෙදර එලෙව්වා... ඒවා අද හරි සොදුරු මතකයන්...
ඒ වගේම යාළුවොත් එක්ක චන්ඩියෙක් වෙන්න හිතාගෙන ලොකු ඇලකින් පනින්න ගියා දවසක්.. කොහොම හරි ගල් වලින් පැන පැන ඇවිත් මැද හරියෙදි පැන ගන්න බැරි වෙච්චි..අන්තිමට චන්ඩිකම පැත්තකින් තියලා මහ හයියෙන් බෙරිහන් දිලා ඇඩුවා..ඒ කැගැහිල්ලට ඒ ලග හිටපු මාමා කෙනෙක් ඇවිත් යන්තම් ගොඩ ගත්තා... ඒ වගේ මෝඩ වැඩ කරන්න හරි දක්ෂයි මම...අපේ අයියලත් දැනන් උන්නා මම හිටි ගමන් මැටි වැඩ කරන බව..ඒ නිසා හැම වෙලේම මාව පරිස්සම් කලා.... ඒත් සමහර වෙලාවට එයාලම මාව මෝඩයා කරපු අවස්ථාත් තියෙනවා..දවසක් දා ලොකු අයියණ්ඩි මගෙන් අහපි “ඔයාට මම එලොව පොල් පෙන්නන්නද?” මමත් මෙලොව පොල් දැකලා තිබුනත් එලොව පොල් දැකලා නැති නිසා එක පයින් නෙමෙයි දෙපයින්ම කැමති වුනා.. අන්තිමට අයියා මගේ කන්දෙකෙන් අල්ලලා අඩි දෙකක් විතර උඩට ඉස්සුවා.. ඇත්තටම එදා  වරුවක් විතර යනකන් මගේ කන්දෙක රතු වෙලා තිබුනේ.... 
                      ඒ වගේම තමයි හොරා පොලිස් සෙල්ලමේදි හැමදාම හොරා වෙන්න වුනේ මට..මොකද අයියලා දන්නවා මං වගේ මෝඩ හොරෙක්ව අල්ලන්න ලේසි කියලා... හැබැයි ඉතින් සමහර දවස් වල එයාලට හොයා ගන්න බැරිතැන් වල හැංගිලා මමත් විරයා වුනා කලාතුරකින්..ඒ වෙලාවල මට උදව් කලේ අත්තම්මා..එයාටත් දුක හිතෙන්න ඇති මම හැමදාම අහුවෙලා ගුටිකද්දි.... 
                                   මේ දේවල් එක්ක පුංචි කාලේ ගෙවිලා ගියේ හරි ඉක්මනට... මේ විදිහට කුරුළු පිහාටුවක් වගේ පාවෙවි උන්නු මට අද මෙහෙම ඉන්න උනේ ඇයිද කියලා මම තාමත් හිතනවා.. තාමත් ඇස් දෙක පියාගෙන හිතෙන් ඒ කුඹුරු අතරින් වැටිච්ච පඩිපෙලේ තාමත් දුවනවා මම... ඒ වෙලාවට හිතේ අදුරුම කොනක හීන් විලාපයක් ඇහෙනවා..ඒත් ඒ වෙලාවට ඒක ඇහෙන්නැති වෙන්න මම මාත් එක්කම හිනා වෙනවා.....අන්තිමට අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නෑ කියලා හිත හදා ගන්නවා....

10 comments:

  1. mama akkage blogg ekma kyeuwa.harima lasanai athamai. samahara ewa kiyawala mama aduwada mata adunada kiyala hithagana baha.

    ReplyDelete
  2. අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නෑ
    අනාගතයේ සුවඳ පුසුඹින් ජීවිතය කුල්මත්...

    ReplyDelete
  3. ඒක ඇත්ත ළමා කාලය තමයි ජීවිතය සැබවින්ම විඳින කාලය. ඉන්පස්සෙ එන්නෙ ජීවිත් වෙනව කියල ජීවත් නොවීමයි.

    ReplyDelete
  4. ඔයා ඔය ගැන වැඩිය හිතන්න එපා නංගි බබා.ජීවිතේ හැම දේම අපි බලාපොරොත්තු වෙන විදියටම වෙන්නෙ නෑනෙ.ඔයාගෙ දුක අපිට තේරෙනව.අපි හැමෝගෙම ජීවිත වල සමහර දේවල් තියනව ආයෙත් සැරයක් ලඟා කර ගන්න අපහසු වෙන.සතුටින් ඉන්න උත්සාහ කරන්න.

    ReplyDelete
  5. ඔව් අතීතය සිහිනයක්......ඒකයි ඒක එච්චරටම ලස්සන...අතීතය ගැන සිතමින් වර්තමානයේ ජීවත් වෙන එකට වඩා.....

    ReplyDelete
  6. මට කියන්න තියෙන්නේ මෙච්චරයි බලාපොරොත්තු අතාරින්න එපා ! මම ඔයාට බොරු බලාපොරොත්තු දෙනවා එහෙම නෙවේ ..ඒ උනාට ..දව්සක නොහිතපු විදිහට ඔයාගේ බලාපොරොත්තු හීන ඔක්කෝම සැබෑවෙන්න ඉඩතියනවා ...එහෙම වෙන්න කියලා මම එක හිතෙන්ම පතනවා

    ජයවේවා !!

    ReplyDelete
  7. ජීවිතයම වෙලාවකට හීනයක් තමයි සුදු නංගි..ඒත් එක හීනයක් හරි එලිවෙයි නේද...

    ReplyDelete
  8. මම හිතන්නේ ජීවිතේ ඔයා හොඳට විඳිනවා කියලා. අපිට ඔය වගේ මතකයක්වත් නැ. ඔයා ගොඩක් වාසනාවන්තයි. හැම දේම ඔයාට ආපහු ලැබෙන්න කියලා අපි ඔක්කොමලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. වචන ලස්සනයි.....අරුත දුක් බරයි.....බලපොරොත්තු නැති තැන ජීවිතයක් නෑ.......කරුමෙට ඉපදුන නිසා,මැරෙනකන් ජීවත් වෙමු....

    ReplyDelete
  10. Nangi mama blog walata godak aluth. hariyata kiyawannawath danne naha. sinhala type karanna baha. jeewithe godak duka hithuna dawaswala mama office awith wada karanna hitha hadaganna bariuna wenawaka me blog eka kiyewwe. oyage thiyana hayya gana mama godak sathutui. oyage blog kiyewwata passe mama witharak newei me wage kudu wennama watila inne kiyala hithuna. oyage hayya mata wishwasayak athikala. oyata godak sathuta labenna kiyala mama prarthana karanawa. samaharawita mamath blog liyanna ganiwi. ehema unoth eka balanna oyata invite karannam. :). budusaranai

    ReplyDelete