ගෙවුනු දවස් ටික හරිම විකාර දවස් ටිකක්... අකිකරු හිතට වෛද්‍ය පරීක්ෂණ වගයකට රෝහල් ගත වෙන්න සිද්ධ වුනා..කැමැත්තෙන් ගිය ගමනක් නම් නෙමෙයි... අපේ මව්තුමියගේ දැඩි බලපෑම් මත ඒක කරන්න වුනා... කොහොම හරි අන්තිමට වාට්ටුවේ නවතින්න වුනා.. ඒක තමයි මම ජිවිතේට දැකපු අපිරිසිදුම වාට්ටුව.. අපෝයි...ඒකේ මිනිස්සුන්ට වඩා උන්නේ මීයොයි... මදුරුවොයි... කූඹියි... මීට කලින් ඉස්පිරිතාල වල ඉදලා පුරුද්දක් තිබුනත් මේක දැක්ක ගමන් එපා වුනා.... මගේ රෝහල් ගත වීමේ ඉතිහාසේ කීවොත්
මුලින්ම පේරාදෙණිය- මාස 3ක්( අත කඩා ගැනීම හේතුවෙන්)
ඊළගට නුවර -මාසයක් විතර... (කකුළක් කඩා ගැනීම නිසා)
ආයෙත් පේරාදෙණිය- මාසයක් (අනෙක් කකුළ කඩා ගැනිම නිසා)
කොළඹ- සති 3ක් විතර( වැඩිදුර පරීක්ෂණ සදහා)
කොළඹ- සති 3ක් විතර( වැඩිදුර පරීක්ෂණ සදහා)
රාගම පුනරුත්ථාපන රෝහල- අවුරුද්දක්( වැඩිදුර ප්‍රතිකාර සදහා)
රාගම මුලික රෝහල-සති 2ක්
ආයෙමත් පේරාදෙණිය- මාසයක්(අතේ කළ සැත්කමක් නිසා)
අන්තිමට නුවර- දවස් 3ක්(පරීක්ෂණ සදහා)
මීට අමතරව ක්ලීනික්... පරීක්ෂණ.. අනංමනං ගොඩකට ඉස්පිරිතාල වල රවුම් ගැහුවා... මෙහෙම බලද්දි මම වැඩිපුර ඉදලා තියෙන්නේ ඉස්පිරිතාල වල....ඒත් හිනා යන වැඩේ කියන්නේ මෙච්චර ඉදලත් අද වෙනකන්ම මට තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයාගෙන නෑ...තාමත් පරීක්ෂණ... ඉතින් තවත් මාව මේවට ඇදන් යන එකට අම්මත් එක්ක වලි දාගන්නව ඇරෙන්න මොනවා කරන්නද?
මම කියන්න ගියේ මේ සැරේ නතර වුන වාට්ටුව ගැන...මේක දැක්කම පුදුම හිතුනා...වහලේට යටින් ඉටිරෙදි ගහලා..ඒත් ඒක තැනින් තැන ඉරිලා.. මීයන්ගේ රජ දහන වුනේ ඒක.. මට ලැබුන ඇදට උඩින් ඉටිරෙද්දේ ලොකු හිලක්...මම පණ බයේ හිටියේ කොයි වෙලාවේ මී පැටව් ඇගට වැටෙයිද කියලා... එකට මම කලේ හැම වෙලේම ඔළුවේ හිටන් වහගෙන හිටි එක....මම හිතන්නේ මේ දවස් වල එහේ මී පැටවුන්ගේ ක්‍රිඩා උත්සවයක් වත් තියෙන්න ඇති...හොද සෞඛ්‍ය සේවයක් පවතිනවා යැයි කියන රටේ මෙහෙම දේවලුත් තියෙනවා ඉතින්..
ඒ වගේම ගොඩක් බෙහෙත් වර්ග ගන්න වෙන්නෙත් පිටින්.. එහෙම බලද්දි ප්‍රයිවට් ඒවාගෙයි මේවගෙයි වෙනසක් නෑ...ඒ වගේම තමයි මේ තැන්වල ඉන්න බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ එයාලට වද දෙන්න ආපු අය කියලා..මම දන්න තරමින් නම් කිසිම කෙනෙක් කැමැත්තෙන් අසනීප වෙන්නේ නෑ..පරීක්ෂණ වලට කියලා වරුවක් මාව බඩගින්නෙ තියලා ඔන්න පටන් ගත්තා ලේ ගන්න... මගේ අසනීපයත් එක්ක ලේගැනීම අමාරු වැඩක් .. එයාලට හරියටම ලේ ගන්න නහර හොයා ගන්න බැරි නිසා එයාලට හිතෙන හැම තැනකටම ඇනලා බලනවා...අන්තිමට 13 පාරක් ට්‍රයි කිරිමෙන් අනතුරුව ඒ වැඩේ හරි නෑ කියලා ගත්තෙ නැද්ද ලොකු කට්ටක්....ඔක්කොමත් ඉවසුවැකි ඒත් ඒ නර්ස්ලාගේ තදියමට තමා මට වැඩිපුර කේන්ති ගියේ...එයාලා දන්නෙ නැතිව ඇති කට්ටකින් ඇනලා ඒ මදිවට ඒක සැරින් සැරේ හෙලවද්දි රිදෙනව කියලා...ඒ මදිවට කියනව ඉවසන්නලු.. අන්තිමට නර්ස්ලා දෙන්නෙක් ඉන්ජෙක්ෂන් කට්ටකින් ඇනලා අත දෙපැත්තට ඇද ඇද ලේ ටික ගත්තා...කොහොමින් හරි අන්තිමට අතේ තැන් තැන් වල පුංචි පුංචි හිල්...ඒ මදිවට අත නිල් වෙලා...
ඒ හැම දේකටම පස්සේ ගෙදර ආවා...දැන් නම් නිවන් දැක්ක වගේ......
ඔයාගේ අකීකරු හිත ලස්සනයි...අද තමයි මේ පෑත්තේ ආවේ...දිගටම ලියන්න...අපි ඉන්නවා හෑමදාම
ReplyDeleteනංගි බබා ඔහොම ලියනකොට අපිට දුක හිතෙනවනෙ.
ReplyDeleteහපෝ..........ඔය නර්ස්ල ඔහොම තමා.දැන් වැඩියෙන් වැඩ කරන්න කියල තියන හින්ද තවත් මලෙන් ඇත්තෙ.
හි...හි...මී පැටියෙක් වැටෙන්න තිබුනෙ ඇදට...
එක පාරක් පස් යටත් දැම්මලු.මොකද්ද අනේ ඔයාගෙ අසනීපෙ.?
ඔයාට අයේ ඉස්පිරිතලයක් දකින්න නොලැබේවා කියලා ප්‍රර්තනා කරන්නම්...
ReplyDeleteI know you have been hospitalized for your arms and legs...
ReplyDeleteNo arms.. no legs...no worries
http://www.youtube.com/watch?v=Gc4HGQHgeFE&feature=player_embedded
රෝහල් වල ගත කරන එක ගොඩක් අමාරු වැඩක් තමයි. අත්දැකීම් වලින්ම මමත් ඒක දන්නව.
ReplyDeleteමොනා කරන්නද සමහරුන්ට එහෙම වෙන අවස්ථා අඩුයි. තවත් සමහරුන්ට නිතරම් රෝහල් ගානෙ රස්තියාදු වෙන්න වෙනව. අපේ ශරීර වල ස්වභාවයන් වෙනස් එකිනෙකාට. අතීත කර්මත් ඒකට බලපානව ඇති.
ඉතින් අමාරුවෙන් හරි හිත හදාගෙන වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දෙන්න. නියම වෙලාව ආවම ඔයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙයි. ඒ පිළිබඳ විශ්වාසයෙන් ඉන්න.
රෝහලක දවස් 5 ඉඳලා ජීවිතේම එපා උනා මට ..ඔයා කොහොම හිටියද කියන්න මම දන්නේ නෑ ..ඒත් මට විස්වාසයි ඔයාගේ හිතේ හයිය ගොඩක් ඉහල බව නැත්නම් කොහොමද ඔයතරම් ඉවසලා .
ReplyDeleteඔයා නීරෝගි වෙන්ඩ පතන්නම්
ජයවේවා !!
ම්.... රොහල් ගත උනේ අසනිපයක් නිසානේ නංගි බබෝ.... අපි ගෙදර හිටියනම් නර්ස්ල රිදවනවට වඩා රිදෙනව...මොකෝ බෙහෙත් නොකරම... තනියම වේදනාව දරාගන්න වෙනවනේ.... කොහොමෙන් කොහොමහරි ඔයා දැන් සනීපෙන්නේ..... ඒක ඇති මට....
ReplyDeleteඊක්මනට සනීප වෙයි ඔයාට. බය නැතුව ඉන්න.
ReplyDelete