Monday, June 25, 2012

දන්නවද මේ ගැන...

හැමෝම දන්නවනේ අපේ රටේ ජාතික පුෂ්පය මොකක්ද කියලා.... 
එතකොට ඔයාලා දන්නවද අපේ රටේ පළාත් නවයට අදාළ පුෂ්පයන් මොනවද කියලා....

දන්න අයට මතකය අලුත් කරගන්නයි.. 
නොදන්න අයට දැනගන්නයි
ඔන්න තියනවා ඒ ගැන...


බස්නාහිර පළාත - සුදු නෙළුම 

විද්‍යාත්මක නම -  Nelumbo nucifera gaertn



මධ්‍යම පළාත - මහරත්මල

විද්‍යාත්මක නම - Rhododrendron arboreum

 

දකුණු පළාත - හීන් බොවිටියා

විද්‍යාත්මක නම - Osbeckia Octardra

 

 ඌව පළාත- ගුරුළුරාජ

විද්‍යාත්මක නම - Rhynchostylis retusa blume


 

වයඹ පළාත- ඇට්ටේරියා

විද්‍යාත්මක නම - Murraya Paniculata (L) jack


 උතුරුමැද පළාත -ඇසළ

විද්‍යාත්මක නම - Cassia Fistula L

 

 සබරගමුව පළාත - වෙසක් මල

විද්‍යාත්මක නම - Dendrobium Maccarthiae thw


 නැගෙනහිර පළාත -ගොඩ මානෙල්

විද්‍යාත්මක නම - Crinum Zeyanicum


උතුරු පළාත -විෂ්ණු ක්‍රාන්තිය

විද්‍යාත්මක නම - Evolvulus alsinodes (L) L


ඡායාරූප -අන්තර්ජාලය ඇසුරෙන්

Wednesday, June 20, 2012

සිත් ගත් ගී

පොඩි කාලේ ඉදන්ම මගේ ළගම රැදුනු දෙයක් තමයි රේඩියෝ එක... ගෙදරදි වගේම ඉස්පිරිතාලෙදිත් ලග තියා ගන්න පුළුවන් වෙච්ච  පොකට් රේඩියො එකක් මගේ ලග තිබුනා.. ඒ හිංදම මම නිතරම කාලේ ගෙව්වේ සින්දුත් එක්ක... හිත පුදමාකාර විදිහට වෙනස් කරන්න සංගීතෙට පුළුවන්... ඒ අතරින් මම ආසම කරපු සින්දු  කිපයක් මේ...

 

 බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි- සනත් නන්දසිරි

  බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
 මගේ අම්මාවත් දොරටුව අද්දර හිටිය කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

 අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...


නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......


 දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.

.......................................................................

ඉකි ගසා හඩන-අමරසිරි පීරිස්

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
 හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
 සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...!!
..........................................................

 කාත් කවුරුවත් -අමරසිරි පීරිස්

කාත් කවුරුවත් නැති බව දැනගෙන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
 මටත් ඉරක් නැගෙනා..
සාංකාව ඇහැරෙන ගණ අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන ගිනි කතරේ
දැස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්... හමුවෙමු මතු භවයේ...

 ..............................................................................

බිදුනු කලක....  පුන්සිරි  සොයිසා

බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන්  කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කදුලේ රිදුමෙන් සොයමි රස හැගුම්
කුමට සුබ පැතුම්....
වැටහෙන්නේ නැ වින්ද දුක රුදුරු
නිමා වී නැති....
ගිලිහි ගියදෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්..

......................................................................

නොමළ ගෙයකින් - .ගුණදාස කපුගේ
නොමළ ගෙයකින් අබ මිටක් සෙවු
කිසාගෝතමියක්...
ප්‍රථම ප්‍රේමෙන් දිනූවත් ලොව
සොයා යයි ගමනක්...

දොරින් දොර පෙම්වතුන් වතියන්
අසා වගතුග ලියන්නී...
තුන් සිතම මගේ විසාලාවක් කලේ මේ
අබ සිගන්නී....

මගේ දොර ලග නතර වී ඇය
දොඩා අබ මිට යදින්නී..
මිටට දෙමිටක් දෙන්ට සිත මට
ඇසේ අබ පුපුරවන්නී...

............................................................

මේ තරම් සියුමැලිද කළුගල් -සුනිල් එදිරිසිංහ


මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරි නිසා
 මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...........

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...



 ....................................................


කුමුදුනිය ඔබයි මගේ-
කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ................

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය සොඳුරු විජිතයේ
 

Tuesday, June 5, 2012

අපේ ආදී මුතුන් මිත්තන්ගේ පාරිසරික ඥානය......



                                        අද වෙනකොට සමාජය ගොඩාක් වෙනස් වෙලා වගේම හැම දෙයක්ම නවීන තාක්ෂණයත් එක්ක මුහු වෙලා. ඒක වරදක් නෙමෙයි... ඒත් මේ නවීන තාක්ෂණ වැලි තලාවෙන් අපේ පාරම්පරික දැනුම වැහිලා යන එකයි ගැටළුව... අද ගොඩක් දෙනෙක් අපේ සාම්ප්‍රධායික අදහස් වලට හිනා වෙනවා. ඒවා මිත්‍යා විශ්වාස විතරයි කියලා බැහැර කරනවා.....ඒත් අපි නොදන්න බොහෝ දේ ඒ මත සැගවිලා තියෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතලා බැලුවද? ඒකාලේ අපේ මිනිස්සු මේ සොබාදහමත් එක්කයි ජීවත් වුනේ..ඔවුන් දේවත්වයෙන් සැලකුවේ මේ පරිසරය... මූලිකත්වය දුන්නේ පරිසරයට...  අපේ පැරැන්නන් තුල අපූරු පාරිසරික ඥානයක් තිබුනා.. ඒ මත ගොඩනගා ගත්ත විශ්වාසයන් පද්ධතියක් තිබුනා... බැලූ බැල්මට ඒවා මිත්‍යා විශ්වාස... හරියට මෙන්න මේ වගේ දේවල්...
  • නිවසකට අවශ්‍ය ලී බඩු හදන්න ගහක් කපද්දි ඒක අමාවක දිනයක කැපුවොත් ගුල්ලෝ ගහන්නේ නැතිව දිගු කාලයක් භාවිතා කල හැකියි....
  • කතුරුමුරුංගා ගස් , පැපොල් ගස් ‍නිවසේ වහලයට වඩා උස යන්න හොද නෑ...
  • නිවස ඉදිරිපිට පෙතන්, කොබෝලීල ගස් හිටවන එක හොදයි........
  • අරලිය වගේ ගස් නිවසක් ඉදිරියේ හිටවන්න හොදනෑ...
                    බැලූ බැල්මට මේවා මිත්‍යා විශ්වාස. මොකද ඔවුන්ට හැකි වුනේ නෑ මේවගේ විද්‍යාත්මක බවක් පැහැදිලි කරන්න.. ඔවුන් හැම දෙයක්ම ඉගෙන ගත්තේ අත්දැකිමෙන්.  අපි බලමු පළවෙනි මතය.. නිවසකට අවශ්‍ය ලී බඩු හදන්න ගහක් කපද්දි ඒක අමාවක දිනයක කැපුවොත් ගුල්ලෝ ගහන්නේ නැතිව දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන් කියන එක. ගහක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය එක සාධකයක් තමයි ආලෝකය කියන්නේ.. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට හිරු එළිය අවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවා. සද එළිය කියන්නෙත් හිරු එළියේ පරාවර්ථනයක්නේ. එනිසා සද එළියෙදීත් ගහක පටක ක්‍රියාකාරි වෙනවා.. ඒ පටක අතර පවතින ඉඩ වැඩි වෙනවා.. ඒත්  අමාවක දවසකදී ආලෝකය නොලැබෙන නිසා කලින් තරම් ක්‍රියාකාරිත්වයක් ගහේ සිදු වෙන්නේ නැ...  මේවගේ වෙලාවක ගහක් කැපුවොත් ඒතුල ගුල්ලෝ ඇති වීමේ ඉඩකඩ අඩුයි. අපේ පැරැන්නන්ට මේ දේවල් පැහැදිලි කරන්න බැරි වුනාට විද්‍යාව මගින් මේ දේවල් අපිට උගන්නන්න පෙර සිටම මේ දැනුම අපි  අතරම රැදි තිබුනා... අනිත් එක තමයි කතුරුමුරුංගා, පැපොල් වගේ තවත් ගස් වැඩිය උස යන්න හොද නෑ කියන එක. මේ මතය ගොඩනැගෙන්නේ නම් ආරක්ෂාව වෙනුවෙන්... මේ ගස්වල කදන් එතරම් හයිය ඒවා නෙවෙයි. ලොකු බරක් දරන්න කොහොමටවත් බෑ. මේ වගේ ගහක් උසට හැදිලා ඒකේ  නැගලා දරුවන් අනතුරක් කරගනී කියන බයට ඔවුන් තුල මෙවන් මතයක් ගොඩනැගුනා වෙන්න පුළුවන්... එතකොට පෙතන්, කොබෝලීල ගස්, මේවා වල තියෙන විශේෂත්වය තමයි අකුණු සන්නයනය කිරිම.... මේ හරහාත් නිවෙස් වලට සිදුවිය හැකි අනතුරු අවම කර ගන්න ඔවුන් උත්සහ කලා.අරලිය වගේ ගස් ගෙවල් වල හි‍ටවන්න හොදනෑ කියන්නේ කාලෙකට මේ ගස් වල කොළ හැළිලා මූසල පෙනුමක් ගෙනදෙන හිංදා... තව මේවගේ දේවල් බොහෝමයයි....මේ දේවල් එක්ක බලද්දි මේවා මිත්‍යාවිශ්වාසම පමණක්ය කියලා කා‍ටද තර්ක කරන්න පුළුවන්??
        බටහිර විශ්වාසයන් අපේ රටට එන්න කලින් අපේ වටේ තිබුනේ පරිසරය කේන්ද්‍ර කරගත් සාරධර්ම පද්ධතියක්..පසුකාලෙදියි ඒක මානව කේන්ද්‍රීය එකක් බවට පත් වුනේ. බටහිර මතවාදයන්ට අනුව ඔවුන්ගේ සාරධර්ම පද්ධතිය ගොඩනැගෙන්නේ පහත ආකාරයට..
දෙවියන්

මිනිසා

ගැහැණිය

දරුවන්

තිරිසන් සතුන්

ශාක
නමුත් අපේ සාරධර්ම පද්ධතිය රැදිලා තිබුනේ මීට වෙනස් ආකාරයකට.. ආචාර්ය හේරත් මහතා ඒ ගැන දක්වන්නේ මේ විදිහට.
හිරු-සදු ප්‍රමුඛ ස්වභාවධර්මය

මව(පෘතුවිය)

පියා (මේඝ)

කිරි අම්මා (වනාන්තර)

දියණිවරු(ගංගා)

සත්ත්ව ප්‍රජාව
                     මේ දේවල් වලින් අපේ මිනිස්සු පරිසරයට මොන තරම් ලෙංගතු විදිහට ජීවත් වුනාද කියලා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. පරිසරයටත් සත්ත්ව ප්‍රජාවටත් හිංසාවක් නොවී තමන්ගේ කටයුතු කරගන්න ඔවුන් බොහෝ උත්සහ දැරුවා. වගාවකදි වුනත් සතෙකුට සිද්ද වෙන හානිය ගැන කම්පා වුනා. ඒ ගැන දෙවියන්ට කන්නලව් කලා.. මේ විදිහේ අපූරු කන්නලව්වක් අපේ ආදී රජරට සහ ලග්ගල වැසියන් අතරේ තිබිලා තියෙනවා... ආචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා එම ප්‍රදේශයේ කරන ලද ගවේශනයක් තුලින් ඔවුන්ගේ මේ කන්නලව්..කවි..ගීත ගැන දක්වලා තියෙනවා.. ඒ අතරින් හේන් කෙටීමට පෙර  කෑළෑ ගිනිතියද්දි කරන කන්නලව්වක් තමයි මේ.....
හු ..හු.. හු..
අවසරායි බෝ - අවසරායි බෝමේ අඩවිය
රැකුම් බැලුම් කරන අපගේ අයියනායක දෙවිමහ
රා‍ජෝත්තමයාණන් වහන්සේ ගේ ආනුභාවයෙන්
ආඥාවෙන්, වෙළුම් කා තිබෙන මේ වල් පැලැස්සේ
ඉහළ පහළ ගෝටා ගැහි, දරණ ගැහී, ගුලි ගැහි,
හිල් ගැහි, වල් ගැහි ඉන්නා පා ඇත්තෝ, පා නැත්තෝ,
කුගාන ඇත්තෝ, බඩ ගාන ඇත්තෝ
කුරුල්ලන්, කොබෙයිනයන්, හන්දි ඇත්තෝ
හන්දි නැත්තෝ එකීමෙකී කුරාකූඹියාගේ පටන්
බූටාවේ මහ ඇත්තෝ දක්වා වූ සෑම සියලු පරාණකාරයෙක්ම
මේ හූවෙන්, මේ කැළැ ගෝට්ටියෙන් වැල් වෙලුම් පැලැස්සෙන් 
ගොඩ වෙන්ඩ
මම හේන කොටන්නේ සතා සිවුපාවා නැති බංග කොරන්ට නොවේ
කුරක්කං අමු මුං පෙනේරි ටිකක් වවා අඹු දරුවන් ආත්තු කරන්ඩයි
ඒකට ඉඩ දී ඒකං වෙලා යන්ඩ අවසරායි අවසරායි අවසරායි....
          
           එදා මිනිස්සු හිතුවේ තමන් ගැන විතරක් නෙමෙයි. සතා සිවුපාවා ගැනත් මේ ගහ කොළ ගැනත් හිතුවා... මේ හැම දෙයක්ම තමංගෙම දෙයක් විදිහට රැක්කා..
ඒත් දැන්??