හැමෝම දන්නවනේ අපේ රටේ ජාතික පුෂ්පය මොකක්ද කියලා....
එතකොට ඔයාලා දන්නවද අපේ රටේ පළාත් නවයට අදාළ පුෂ්පයන් මොනවද කියලා....
දන්න අයට මතකය අලුත් කරගන්නයි..
නොදන්න අයට දැනගන්නයි
ඔන්න තියනවා ඒ ගැන...
බස්නාහිර පළාත - සුදු නෙළුම
විද්‍යාත්මක නම - Nelumbo nucifera gaertn
මධ්‍යම පළාත - මහරත්මල
විද්‍යාත්මක නම - Rhododrendron arboreum
දකුණු පළාත - හීන් බොවිටියා
විද්‍යාත්මක නම - Osbeckia Octardra
ඌව පළාත- ගුරුළුරාජ
විද්‍යාත්මක නම - Rhynchostylis retusa blume
වයඹ පළාත- ඇට්ටේරියා
විද්‍යාත්මක නම - Murraya Paniculata (L) jack
උතුරුමැද පළාත -ඇසළ
විද්‍යාත්මක නම - Cassia Fistula L
සබරගමුව පළාත - වෙසක් මල
විද්‍යාත්මක නම - Dendrobium Maccarthiae thw
නැගෙනහිර පළාත -ගොඩ මානෙල්
විද්‍යාත්මක නම - Crinum Zeyanicum
උතුරු පළාත -විෂ්ණු ක්‍රාන්තිය
විද්‍යාත්මක නම - Evolvulus alsinodes (L) L
කඩදාසි මල තිබුනනම් ලේසියි...
ReplyDeleteඇයි ඒ?
Deleteමම නම් දැනන් හිටියේ නෑ. ස්තූතියි.
ReplyDeleteවෙසක් මල් ඇත්තටම දැකලා නෑ.
විෂ්නු ක්‍රාන්තිය කියන්නේ ආක්‍රමණික ශාකයක් කියලා අහලා තිබුනා...
හොඳ පෝස්ට් එකක්....
විෂ්නු ක්‍රාන්තිය කියන්නේ ආක්‍රමණික ශාකයක් කියලා මම දන්නෙත් දැන්..
Deleteඅපට සුදු නෙළුම දීලා තියෙන්නේ අපේ හිටපු මැඩම්ගේ සුදු නෙළුම සංකල්පය හින්දා වෙන්ටෑ.... :)
ReplyDeleteමම නම් මේ ටික දැනන් උන්නේ නෑ. ඒ නිසා වටිනවා !!!
මටත් හිතුනා ඒක නම්.. ඒත් ඉතින් වෙන හේතුවක් තියෙනවද දන්නෙත් නෑ
Deleteඇත්තෙන්ම දැනන් සිටියේ නැහැ. ස්තුතියි.
ReplyDeleteදැන් දන්නවනේ..
Deleteහපොයි මෙච්චර විස්තර දැන ගෙන හිටියෙ නෑ නොවැ.
ReplyDeleteදැන් දන්නවනේ ඉතින්..
Deleteපොඩි නිවැරදි කිරීමක් ඌව පළාතේ මලේ නම ගුරු රාජ නෙමෙයි ගුරුළු රාජ
ReplyDeleteමන් දන්නේ නැහැ සමහර පැතිවල ගුරු රාජ කියලත් කියනවද කියලා නම්
http://www.lankadeepa.lk/index.php/articles/4026
මගේ අතින් වැරදිලා. ස්තුතියි ඔබට.ඔන්න මම වරද හැදුවා..
Deleteඇත්තටම දැනගෙන හිටියේ නැහැ බොහෝම ඉස්තුතියි ...
ReplyDeleteදැන් ඉතින් මතක තියා ගන්න
Deleteදෙය්යෝ සාක්කි දැනං හිටියේ නෑ නේන්නම්....අකීකරු උනාට දන්න දේවල්...වටිනා පෝස්ටුවක්
ReplyDeleteස්තුතියි
Deleteලස්සන මල් ටික.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔබටත් සුභම වේවා
Deleteසමහර ඒවා මතකේ තිබ්බා.. සමහරක් ඒවා අමතකයි... ගොඩක් ස්තූතියි මතක් කලාට..
ReplyDeleteඅමතක ඒවා මතක් වුනානේ..ඒ ඇති
Deleteවටින විස්තරයක්....
ReplyDeleteස්තුතියි
Deleteමන් නම් මේ ගැන දනන් උන්නෙම නැ වටිනා විස්තරයක්
ReplyDeleteස්තුතියි සචිත්
DeleteGuru raja mala godak lassanai, sathutui eka UVA palathatama labuna eka.....
ReplyDeleteHabai Ada thamai me visthara danne. Godak sthuthi visthara yata,,,
ස්තුතියි ඔබටත් මේ පැත්තට ආවට
Deleteඅදමයි සමහර මල් දැක්කේ
ReplyDeleteමමත් නමින් දැනන් හිටියට දැකලා තිබුනේ නැ
Deleteෂා....... සුදු නෙළුම් මල මොන තරම් සුන්දර මලක්ද හැබෑට? අනික ඔය කාලයක් ජයටම ඒ නමින් ව්‍යාපාරයකුත් ගියා නොවැ. බොහොම පරසිදු මලක්..
ReplyDeleteගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට.....
දන්නැති දෙයක් දැන ගත්තා ස්තූතියි
ReplyDelete