Tuesday, May 29, 2012

දහම් වනේ සරන යකා

.......................................
දඩ මස් කකා දහම් වනේ සරන යකා
කඩුවක් අමෝරා කවි බණ කියනු අසා
වැන්දත් පිදුම්  නොලබන්නේ කිමද සිතා
තවමත් හිදී වැදගෙන මල් දෝත දරා...
............................................

Wednesday, May 2, 2012

විදිමි ලද ජීවිතේ


දෑගිලි අතරින් ගිලිහි වැටෙනා
ජීවිතය යදින්නට සිතුනා ආයෙම
නොදකින හීනෙක නැගෙන සිනා හඩ
මගේ සවන්මත රැව් දෙන හිංදම

හීන බිදෙන විට දුකක් දැනෙන වග
කොදුරා පවසන හිත අමතක කර
හීන වළාවන් පිරි ඝන අහසේ
පියඹා යමි දැන් මා අමතක කර

නොසිතු මොහොතක නොපැතු විලසින
අහිමිව යන මේ ජීවිත දැක දැක
තවත් කෙලෙස මා බලා හිදින්නද
නොවිද මා ලැබු ජිවිත සිහිනය..