Thursday, August 25, 2011
Thursday, August 18, 2011
(නො)දකින
හංසියක නොවේ මම
දියෙන් කිර වෙන් කරන......
මනුසත් දුවක් වෙමි
දුක සතුට මත රැදුන.....
සුදු පියාපත් නොමැත
නිල් අහස කළඹන්න....
ඒ නමුදු නෙත් ලදිමි...
ඒ අහස දැක ගන්න....
අහසටම පෙම් බදින
නෙත් ඇතත් මා සතුව
පොළො උණුසුම නොලද
දෙපා රිදවයි හිතම
කදුළු ඉනුවත් විටෙක
සිනහා නැගුවේ නිබද
කදුළු බර වැඩි නිසයි
හිනහෙනා මේ ලොවට
Labels:
කවි
Tuesday, August 9, 2011
දකිති-නොදකිති
මලම දකිති - කටු නොදකිති
බඹරු දකිති - විස නොදකිති
රුවම දකිති - සිත නොදකිති
හැඩම දකිති -ගුණ නොදකිති
.
.
කලක් ගතවුනි
.
.
කටුම දකිති - මල නොදකිති
විසම දකිති - බඹරු නොදකිති
සිතම දකිති - රුව නොදකිති
අගුණ දකිති - හැඩ නොදකිති
Labels:
කවි
Subscribe to:
Posts (Atom)