Saturday, September 24, 2011

පොන්න නැකැත්තා - කොත්මලේ ගණිතයා සහ දුටුගැමුණු කුමාරයා

කොත්මලේ  කියන්නේ කදු වළල්ලකින් වටවෙච්චි ගමක් වගේම නානාප්‍රකාර ජනකතා වලිනුත් පිරිච්ච ගමක්... සත්‍ය අසත්‍යතාව කොහොම වුනත් අපුරු රසවත් බවක් මේ ජනකතා වල කැටි වෙලා තියෙනවා .අපි පුංචි කාලේ ඉදන්ම රසකර කර අහපු මේ කතා වලින් කිපයක් මේකේ ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. 
                              මේ කතා අතර පොන්න නැකැත්තා සම්බන්ධ කතා හරි අපුරු ඒවා.. මේ නම අහද්දි කාට හරි හිතෙන්න පුළුවන් මේක කුණුහරුපයක් වගේනේ කියලා.. ඒත් මේක දෙමළ භාෂාවෙන් ආපු වචනයක්..දෙමළෙන් (තෙළිගු)  "පොන්" කියලා කියන්නේ රත්තරන් වලටලු.මේක තෙළිගු බමුණු කුළයක නමක් විදිහටයි සලකන්නේ.මේ පරම්පරාව නක්ෂත්‍රය ගැන ඉතා විශාල දැනුමක් ඇති අය. මේ විදිහට මේ පරම්පරාවේ  කෙනෙකුට පුස්කොළ පොතක් හම්බ වෙලා තියෙනවා. රාවණා රජතුමාගේ කාලේ නිදන් කරපු රත්තරන් පුහුලක් ගැන තොරතුරු මේ පොතේ තිබිලා ඔහු ලංකාවට එනවා මේ රත්තරන් පුහුල ගන්න. මේ පොන්න නැකැත්තා එන්නේ කොත්මලේට. ඒ මේ නිධානේ තිබුනේ කොත්මලේ මාවෙල කියන ගමේ නිසා.මෙහෙම ආපු ඔහු කොත්මලේ පදිංචි වෙලා ඒ ගමේම කාන්තාවක් විවාහ කර ගන්නවා. මේ විවාහයේ යටි අරමුණ වුනේ නිධානේ ගන්න අවශ්‍ය බිල්ල සදහා ඔහුගේම කුළුදුල් දරුවෙක් ඇති කර ගැනිමයි. කෙසේ වෙතත් ඔවුන්ට උපදින දරුවා බිලි දිලා පොන්න නැකැත්තා මේ රත්තරන් පුහුල ගන්නවා..(ගැරඩි ඇල්ල, රම්බොඩ ඇල්ල කියන දියඇලි වල නම් හැදුන හැටි කියවෙන ජනකතා වල තියෙන්නෙත් මිට සමාන කතාවක්) ඒත් එක ගල් තලාවකදි  ඔහු වෙහෙස නිමා ගැනිමේ අදහසින් රන් පුහුල ගල් තලාවේ තියලා වතුර ටිකක් බොන්න යනවා. ඒහෙම යනවත් එක්කම ගල්තලාව ඉරි තලලා රන් පුහුල යට ගියා කියලයි මේ ජනකතා වල කියවෙන්නේ.රන් පුහුල යට ගියපු තැන අද හදුන්වන්නේ පුසුල්පිටිය කියලා. පුසුල් පිටිය රජමහා විහාරයේ තමයි අතිතයේදි ධන්තධාතුන් වහන්සේත් සගවලා තිබුනේ. රන් පුහුල නැති වුන එක ගැන ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජිවිතේ නැති කර ගන්න හදපු පොන්න නැකැත්තා බේරගෙන තියෙන්නේ හාමුදුරුවො කෙනෙක් . මේ හාමුදුරුවන් ගෙන් බණ අහලා පොන්න නැකැත්තා බෞද්ධයෙක් වුනා.මේ විදිහට ලංකාවට ආපු පොන්න නැකැත්තාගෙන් පැවත එන පරම්පරාව නක්ෂත්‍රය ගැනත් ගණිත කර්ම ගැනත් හසල දැනුමක් ඇති අය නිසා ඔවුන්ට හැකි වෙනවා රාජ සභාවට ගිහින් රජු වෙනුවෙන් සේවය කරන්න.
                             පස්සේ කාලෙක දුටු ගැමුණු කුමාරයා කාවන්තිස්ස රජුත් එක්ක අමනාප වෙලා  පලායන්න හදද්දි විහාර මහා දේවි ඔහුව එව්වෙ කොත්මලේට.මේ විදිහට ආපු දුටුගැමුණු  කුමාරයා කොටගේපිටියේ වීසුරුගෙදර වැඩකාරයෙක් විදිහට වෙස් වලාගෙන ජිවත් වෙන්න පටන් ගන්නවා. ගුත්තා , හිද්දලයා වගේ නම් වලින් දුටු ගැමුණු කුමරු අප්‍රසිද්ධියේ පෙනි ඉදලා තියෙනවා වගේම තමන් පදිංචි වුන ගෙදරම හිටිය රන්මැණිකාව විවාහ කරගත්තත් ඇයටවත් තම රහස එළි කරන්නේ නැ.මේහෙම කාට හැංගුවත්  ඒ වෙන කොට ගමේ ජිවත් වෙච්ච පොන්න නැකැත්තගෙන් ඒ රහස සගවන්න කුමාරයාට බැරි වෙනවා. දුටුගැමුණු කුමාරයා දකින හීනයක තේරුම දැන ගන්න පොන්න නැකැත්තා ලගට යද්දි තමයි මේ රහස එළිවෙන්නේ.

                          දුටුගමුණු රජතුමා ඒ දැකපු අපුරු හීනයත්.... පොන්න නැකැත්තා යකුන් බැදගෙන වැඩ ගත්ත හැටිත්...පොන්න නැකැත්තාට සිකුරා හමුවිමත් ඔහු මිය ගිය හැටිත් ගැන කතා කිපයක්ම මම ඊළග සැරේ දාන්නම්....

ප.ලි. - මෙම ජනකතා බොහොමයක් මම  දැනගත්තේ මම අපේ ඉස්කොලේ හිටපු උඩුවක ගුරු පියාණන්ගෙන්.. ඒ වගෙම කොත්මලේ ජනකතා කියන පොතත්...මිට අමතරව ප්‍රබෝධ කහදගමගේ සර්ගේ ලිපි සහ ඔහු ලියපු කොත්මලේ ඇත්තෝ  කියන පොතෙනුත් කොත්මලේ ගැන ගොඩක් දේවල් දැනගත්තා..ඒ දේවල් ආශ්‍රෙයනුයි මෙය ලියුවේ.
(ඇනෝ ස්තුතියි මගේ වරද පෙන්වා දුන්නට)

22 comments:

  1. කොත්මලේ ජනකතා තියෙන පොතක් කාලෙකට කලින් කියෙව්ව... ඒතෙ තිබුන කතා වලින් ගොඩක් තිබුනෙ පොන්න නැකැත්ත ගෙ ඒව... :)

    ReplyDelete
  2. This is a copy of http://lankajhothisha.blogspot.com/2011/09/blog-post_15.html
    Please at least put a link to source

    ReplyDelete
  3. නියම කොත්මලේ ජන කතා ටිකක්. ඔය මාවෙල තියෙන්නේ උලපනේ හන්දියෙන් හැරුන ගලත පාරේ. ඒ පාරෙම තමයි අර මහවැලි ගඟ හරහා තියෙන මෝඩයාගේ පාලමත් තියෙන්නේ.

    ReplyDelete
  4. මම අහලා තිබුනේ නැති කතාවක්..............

    ReplyDelete
  5. ජනකතා කියවන්න මාත් ආසයි. කලින් අහලා නම් නෑ මේ කතාව. බෙදා ගත්තාට ස්තූතියි..

    ReplyDelete
  6. @සාතන් -කොත්මලේ ගැන ලියවුනු ගොඩක් පොත් වල පොන්න නැකැත්තා ගැන කියවෙනවා.

    @ ඇනෝ -සමාවෙන්න මම ලිවේ මම අහල, කියවල තියෙන දේවල්. කාවවත් කොපි කරන්න හිතුවේ නැ.කොත්මලේ ගැන ලියවෙලා තියෙන පොත් කිපයක තොරතුරු වලිනුයි මේ ගැන ලීවේ.

    @මධුරංග- මෝඩයාගේ පාලම ගැන මමත් අහලා තියෙනවා.ඉස්සර මිනිස්සු හිතලා තියෙන්නේ ඒ පාලම වැරදිලා අනෙක් පැත්තට හදලා කියලා.ඒක නිසාලු ඒ නම දාලා තියෙන්නේ

    @Dinesh, හංසි , සෝරෝ- ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  7. එල එල දිගටම ලියන්න..

    ReplyDelete
  8. විටින් විට අතුරුදහන් වෙන්නේ නැතිව දිගටම ලියන්න.ජන කතාවලට අයිතිවාසිකම් කියන්න කාටවත් බැහැ.ඔය කතාවම අපේ ආච්චි මටත් කියාදීල තියෙනවා.

    ReplyDelete
  9. රසවත්....
    දිගටම ලියන්න.

    ReplyDelete
  10. අන්න නියමයි. මේ වගේ ඒව දැනගන්නනම් හරිම ආශාවක් තියෙන්නෙ.

    ReplyDelete
  11. @Kanishka | කණියා - ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවට

    @Anonymous - නැ ආයේ අතුරුදහන් වෙන්නැ :)

    @නිසුපා -ස්තුතියි අක්කේ

    @charmi -ස්තුතියි ඔබට ..

    @``` Outsider``` - තව කතා ටිකකුත් තියෙනවා...ඒවත් දාන්නම්කෝ

    ReplyDelete
  12. මමත් කොත්මලේ ගණිතයාගේ කතා කිහිපයක් අහල/කියව්ල තිබෙනවා.
    නියම කතා.
    ලියන්නකො. :)

    ReplyDelete
  13. ගුණසේකර ගුණසෝම මහත්තය ලියපු කොත්මලේ ජන කතා පොතේ මේ විස්තර සෑහෙන්න තියෙනවා. හරිම රසවත් පොතක් ඒක!

    ReplyDelete
  14. ඉක්මනට ලියමුද කතා ටික.... අර පිංතූරේ නම් මරු... හිටහංකෝ මං මාසයක් විතර නිවාඩු දාලා එනවා කොත්මලේ...

    ReplyDelete
  15. මාතෘකාව දැක්ක ගමන් හිතුව අපෙ වල් මලු අයියාගෙන් ගුරු හරු කමක් වතරන්ද කියලා අපෙ නංගි ... හික්zz .. :D
    ඇත්ත කොත්මලෙ නම් ගොඩයි ප්‍රසිද්ධයි තමා ඔය වගෙ ජනකතා වලට ... ලියමු ලියමු නංගියො දිගටම .....

    ReplyDelete
  16. ඉස්සර මං ලඟ පොතක් තිබ්බ...... රන් පුහුල් නිධානය සහ......... ect ect. පොත කොහෙට උනාද මන්ද අප්ප.

    ReplyDelete
  17. මැද රට ජනකතා නම් පොත කියවන්න..ඒ පොත බොහොම රසවත්.

    ReplyDelete
  18. ෙපාන්න නැකැත්තා දුටුගැමුනු රජ කාලයට සම්බ්නධ ෙකෙනක් ෙනෙවයි. ඒයා මෑත මහනුවර යුගයට අයිති ගනිතෙයක්

    ReplyDelete