රෝහලේ කොරිඩොව කෙළවරට වෙලා පන්සිය පණස් ජාතක පොත තරම් ලොකු වෛද්‍ය වාර්ථා පිරුනු ෆයිල් කවර ටිකත් තුරුල් කරගෙන අම්මත් මාත් බලා ගෙන උන්නේ මගේ අලුත් හීනෙට පණ දෙන්න දෙවි කෙනෙක් එනකන්.....ආයෙමත් හීන දකින්නේ නෑමයි කියලා මම පොරොන්දු වෙලා තිබුනත් හිත ඇතුලේ කෙළවරක හැංගුනු එකම එක හීනයක් ආයෙමත් හිත පුරාම සැරිසරන්න ගත්තේ නොදැනුවත්වම...අවුරුදු 12ක් තිස්සෙ පොළවේ පය නොගහපු කකුල් දෙක නිසා හිත කොයි තරම් නම් විදෙව්වද කියලා වචනෙකින් දෙකකින් කොහොමද විස්තර කරන්නේ..ජිවිතේ දරා ගන්නම බැරි තරම් දුක දැනෙන වෙලාවෙදිත් හිනා වෙන්නම පුරුදු වුන මට දැන් දුක මොකද්ද සතුට මොකද්ද කියලා වෙන් කරගන්න බැරි තරම්....
කොරිඩෝව දිගේ එහෙට මෙහෙට යන ලෙඩ්ඩු ....නර්ස්ලා...දිහා මම ඔහේ කැරකි කැරකි බල බල ඉද්දි ඩොක්ට ඇවිත් ඇතුළට කතා කලා. ඇත්තටම ඒ වෙලාවේ මට ඇයව පෙනුනේ දෙවි කෙනෙක් විදිහට... මගේ රෝග තත්වයට යම් තරමක හරි සුවයක් දෙන්න ඇය ගොඩක් උත්සහ කරන බව මම දැනගෙන හිටියා..ඒ හිංදම මම ඇස් දල්වගෙන බලා හිටියේ හැමදාම ඇහෙන වචන ටික වෙනුවට වෙනස් දෙයක් ඇසිමේ බලාපොරොත්තුවෙන්..
ඉතින් කොහොමද දරුවෝ?
ඇය එහෙම අහද්දි මගේ කටට ආවේ මම හැමදාම හැමෝටම මන්තරයක් වගේ කියන වචන ටික... මම හොදින් ඉන්නවා.. ඩොක්ට...!
හොදයි... මම ඔයාට එන්න කිවේ ඇයි දන්නවද?
මම ඔළුව වැනුවා...
දරුවෝ මම අනෙක් අයත් එක්ක ඔයා ගැන කතා කලා..ඒත් ඔයා දැන් ඉන්නේ දුර්වල මට්ටමක..ඒ නිසා එයාලා බයයි ඔයාව ඔපරේෂන් එකට අරන් අවදානමක් ගන්න.. අනිත් එක ලංකාවේ ඒ වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි... ඔයාට තේරෙනවා නේද?
උගුරේ මොකද්දෝ හිර වෙලා වගේ දැනුන නිසා මම ඒකටත් ඔළුව වැනුවා...
කෝකටත් ඔයා දිගටම බෙහෙත් ගන්න ඕනා හොදද? එහෙම නැති වුනොත් තවත් දුර්වල වෙයි....අපි තව උත්සහ කරල බලමු...
අම්මා තව තවත් ඇගෙන් ප්‍රශ්න අහමින් හිටියත් ඒ කිසිම දෙයක් ගැන අහගෙන ඉන්න ඕන වුනේ නැ මට...
කාලෙකට පස්සේ පණ දෙන්න හදපු හීනේ ඉපදෙන්න ඉස්සෙල්ලම වළලලා දාන්න සිද්ධ වුනා...ඒ හීනෙත් මගෙන් ඈතට ගියාම හිස් වෙච්ච හිත පිරෙන්න මම ලොකු හුස්මක් පුරව ගත්තේ හිත හිස් වුනාම තියෙන මුසල ගතියට අකමැති නිසා...වගේම කාගෙවත් ඉස්සරහ මගේ කදුළු වට්ටන්න අකමැති නිසා..
ආයමත් අපි එන්න හැරුනා.කකුල් දෙකේ රැදිලා තිබුනු කවදාවත් බිම නොතියපු සපත්තු දෙක දකිද්දි මම මටම හිනා වුනා... සුපුරුදු පරිදි අතිසාර්ථක ලෙස ආයෙමත් අකීකරු හිත පැරදුනා .... ඒත් ............
----------------------------------------------------- දුක සතුට දෙකම ජිවිතේට අයිති දෙයක්....බිදිලා ගිය හීනෙට සිරිලා ගිය හිතට මතක් වුනා එකපාරටම අද දවස...ඔව් ඒක විශේෂයි....ඒ කියන්නේ අදට අකීකරු හිතගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙනවා... අවුරුද්දක්... අපෝයි..ඒක හරි ලොකු කාලයක්...මෙච්චරකල් මම මේකේ රැදිලා හිටියේ අපුරු මිනිසුන් ටිකක් මට මේ බ්ලොග් අවකාශයෙදි හමු වුන නිසා...
මම මුලින්ම කියෙව්වේ කතන්දරගේ බ්ලොග් එක..ඊට පස්සේ සොදුරු සිත.. මගේ මරණය කියෙව්වා...ආස හිතුනා මටත් ලියන්න..වෙන මොනවටවත් නෙමෙයි..හිත ටිකක් සැහැල්ලු කර ගන්න...එහෙම ආපු මට මුලින්ම උදව් කලේ ළමයා මල්ලි..සින්ඩි ගැන මට කියලා දුන්නේ එයා...ඊට පස්සේ ගෝල්ඩ් ෆිෂ් අයියා මගේ බ්ලොග් එක ගැන පෝස්ට් එකක් දාලා තිබුනා..එකෙනුයි මාව ගොඩක් අය අදුන ගත්තේ...මේ දෙන්නා නැත්නම් සමහර විට මම මේක නවත්තලා දාන්න තිබුනා...ඉතින් ඒ දෙන්නටම ගොඩාරියක් ස්තුති වෙනවා අද මම...ඒ වගේම නම් විදිහට නොකිවට මාව බලන්න ආපු...කමෙන්ට් කරපු...හැම වෙලාවකම මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි...ඔයාලා නිසයි මම අවුරුද්දක් තිස්සේ කුරුටු ගැවේ...
සුභ පැතුම් නංගා...
ReplyDeleteබය වෙන්න එපා. ඔයාගෙ හීනෙ කවදා හරි ඇත්තක් වේවි..
ඔන්න මමත් අක්කීකරු හිතට සුබ පතනවා. තව කාලයක් බ්ලොග් අවකාශයේ රදී ඉන්න වරම් ලබෙන්න කියලා.
ReplyDeleteමාත් කාලයක් තිස්සේ ඉදන් කියවන බ්ලොග් එකක් මේක.
සුබ පැතුම් නංගි!!! දිගටම ලියන්න...
ReplyDeleteදිගටම ලියන්න ඔබට සුබපතනවා.දුකම කොයි තරම් සතුටක්දො.....වෙලාවකට එහෙම හිතෙනවා මට
ReplyDeleteඕනවට වඩා කනගාටුවෙන්න එපා.මමත් වසර 12 පුරා ඉන්නේ රෝද පුටුවේ. එක මගේ රැකියාව නිසා සිදුවුන අනතුරක ප්‍රතිපලයක්.සුෂුම්නාවට සිදුවුන හානියක් නිසා කිසිදිනක ප්‍රකෘති තත්වයට පත් වෙන්න බැරි බව මම දැනගත්තේ අනතුරෙන් දින කීපයකට පසුවයි.මගේ ජීවිතයේ මුල් වසර 26 ගැන මට උදම් වෙන්න පුළුවන් තත්වයක් තිබුනේ.මම ඉතාම නිරෝගී ශක්ති සම්පන්නව සිටිය කෙනෙක්.මගේ රැකියාව වුනත් ලැබුනේ ඒ නිසයි කියල කියන්න ඕනේ.මට බොහොම දේවල් නැතිවුණා සොඳුරු තරුණ කාලය, බොහොම උනන්දුවෙන් කල රැකියාව, ආදරය කල යුවතිය මේ අහිමිවීගිය දේවල් වලින් ටිකක් විතරයි.එත් මම ගෙවුණු අතීතය ගැන දැන් පසුතැවිලි වෙන්නේ නැහැ.මටම ආවේනික ක්‍රම වලින් සිත සන්සුන් කරගෙන ඉන්නවා.ඇවිදින අයත් අපි වගේ රෝද පුටු කාරයොත් එක විධියටම වයසට යනවා අවසානයේදී කොහෙහරි තැනක නාදුනන මිනිසුන් අතර මියයනවා.වැඩිය හිතන්න එපා ඔහොමයි ජීවිතේ.
ReplyDeleteදිගටම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteඔයා දිගටම බ්ලොග් එක ලියන්න අපි මේ බ්ලොග් එක කියවන්නේ පුදුම කැමැත්තකින් .. අපි කාට කාටත් මොකක් හරි අඩු පාඩුවක් තියනවා අපි කවුරුත් සර්ව සම්පුර්ණ අය නෙවෙයි නේ අක්කේ
ReplyDeleteමේ පොඩි බ්ලොග් ගෙදරට මගෙනුත් සුබ පැතුම් ..!!
දිගටම ලියන්න සුබ පැතුම් නංගි
ReplyDeleteඅකීකරු හිතට මගෙනුත් උණුසුම් සුභ පැතුම්... දිගු ගමනක් යන්න හැකි වේවා...
ReplyDeleteඅනේ පොඩි එකියේ...
ReplyDeleteදෙවෙනි බියර් එකත් ඉවර වෙලා හුගක් වෙලා...මං දන්නවා උඹ මට බනිනවා කියලා..ඒත් මේක දැක්කම මට මොනවත් කොටන්නේ නැතිව යන්න පුළුවන්ද බං.
ඔය මළ මඟුල් අමතක කරහං නංගියේ. අපි හැමෝටම ඔහොම තමා. අපි හිතුව පැතුව දේවල් හම්බ උනානං අපි අද මෙතන ඉඳීද..ඒත මෙතන කොච්චර ලස්සන තැනක්ද..? පස්සේ හොද සිහියෙන් ඉන්න වෙලාවක කතා කරමු. මට දැන් වැඩියි.
ඔන්න යන්තං අමාරුවෙන් හදලා කොලා දානවා. උඹට වරදින්නේ නැහැ මගෙ පුංචි කෙලි... හැමදාම සතුටෙන් ඉදහන්...
Suba pathum! digatama liyanna! man ada thamai issellama mee paththe aawe! digatama ennam! hodata liyanna! aayeth suba pathanawa oyata!
ReplyDeleteජයෙන් ජය...!!
ReplyDeleteප.ලි - හැමදාම කමෙන්ට් දැම්මේ නැති වුනාට හැම එකම බලනව් මම..
දිගටම ලියන්න.... මගෙනුත් උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteසුබ පතුම් :)
ReplyDeleteපරක්කු වුනානෙ මේ පැත්තෙ එන්න...
ReplyDeleteබ්ලොගේට අවුරුද්දක් පිරුණට සුභ පැතුම් !....
අවුරුද්දට සුභපැතුම් සහෝදරී. පොලවෙ පයගහල ඉන්න දවසක් අනිවාර්යයෙන්ම එයි. බලාපොරොත්තු නැති කරගන්න එපා.
ReplyDeleteමං දැක්කේ දැනුයි. දවස් තුනක් පහු වෙලා. කමක් නෑ... ඔයාට ඉක්මනට සනීප වෙලා අපිත් එක්ක ඔය එක එක තැන් වල ඈවිදින්න යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසතියකට එක පෝස්ට් එකක් වත් දානවනම් තමා මං වැඩියෙන්ම කැමති. ඔය තියෙන අමුතු ස්ටයිල් එක වෙන බ්ලොග් වල මං දැකලා නෑ...
මගෙනුත් බ්ලොග් එකට සුබ පැතුම්....
ReplyDeleteනංගො... ජීවිතේ අපිට ලැබෙන දේවල් තියෙනවා... නොලැබෙන දේවල් තියෙනවා... ඒ දේවල් අඩු වැඩි විදියට අපිට ලැබෙනවා ජීවිතේ... කියන එක ලේසියි තමයි... ඒක මම දන්නවා... ඒත් අපිට ලැබුන දේවලින් සතුටු වෙලා ජීවිතේ ඉදිරියට මුහුන දෙමු... ඒක තමයි ජීවිතේ දිනන්න පුළුවන් විදිය.
ඔබට ජය.
සුභ පතනවා අනාගතයට!!
ReplyDeleteකොමෙන්ටුවටක් දන්න බැරි උනත් සිරි අයියා ජන්ජාලෙ පැත්තෙ එන ගොඩක් වෙලා වල ඉඩ ලැබුන හැටියෙම මෙ පැත්තෙ එන්න අමතක කරන් නැ .
ReplyDelete…සුභ පතනව නංගියෙ හදවතින්ම ....
…එ ගමන්ම තව දෙයක් කියන්න ඔනේ ...උබෙ හින බිදිලා නැ නංගියෙ තමා ... එ හීන බිදෙන්නෙත් නැ කවදවත් . නංගියෙ උබෙ සපත්තු දෙක හිනා වෙන දවසක් ලඟදිම එනවා... අමතක කරන්න එපා, හිත සවි කර ගන් නංගියෙ .......