Friday, August 9, 2013

ජිවිතය වෙනුවෙන් සටන් කරන්න....

කාලෙකට පස්සෙ ආයෙමත් අකීකරුහිතට ලියන්න හිතුන මොනවම හරි...
ජීවිතේ එක පාරක් වැටුනම නැගිටින්න හිතට හයියක් ගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි... ඒත් නැගිටින නැගිටින සැරේට ඇදන් වැටෙන එක මහා විකාරයක්.... මොනව වුනත් එහෙම ඉදලා  නැගිටිද්දි හිතට දැනෙන්නේ හරි අපූරු සතුටක්....
ඔව් දැන් මම ඉන්නේ ඒ වගේ සතුටකින්!!!!!
මම දන්නවා ආයෙමත් කොයි වෙලාවක හරි මාව ඇදන් වැටෙන බව.... එතෙක් මම සතුටින්!!!
කැම්පස් ජීවිතේට සමු දෙන දවස් එද්දී හිතට ආව ලොකුම ප්‍රශ්නේ මම ඊළගට මොනවද කරන්නේ?

රස්සාවක්???

කැම්පස් එකෙන් එළියට එනකොටම කාටවත් එහෙම රස්සාවක් ලැබෙන්නෙ නැති බව දැනන් හිටියත් මට ඊට වඩා බයක් තිබුනා. කවුද කැමති වෙන්නේ මම වගේ කෙනෙකුට රස්සාවක් දෙන්න?
හිතේ තිබුන ලොකුම බය ඒක...
ඒත්..
නොහිතපු විදිහට කැම්පස් එකේ ගෙවපු අන්තිම දවස් වල සම්මුඛ පරීක්ෂණයකට කැදවීමක් ලැබුනා. 

කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ ඉල්ලුම් පත්‍ර  පුරවලා කවදාවත් පාස් වෙයි කියලා නොහිතපු විභාගයකටත් ඉදලා හදිසියෙම සම්මුඛ පරීක්ෂණයකට කැදවද්දි කොහොමටවත් ඒක මට ලැබෙන්නේ නැති වග මම දැනන් හිටියා...
කවදාවත් සම්මුඛ පරීක්ෂණයකට ඉදලා නැති මම එදා කොළඹ ගියේ  අම්මත් එක්ක.
යන්න ඕන වෙලාවටත් වඩා පරක්කුවෙලා එතනට යද්දි හැම තැනකදිම වගේ මුලින්ම ආවේ පෙඩිපෙල් ප්‍රශ්න. හැමෝම ආයතනයකට ඇතුල් වෙන්නේ ඉස්සරහ දොරෙන් වුනත් මට යන්න වුනේ පස්ස දොරෙන්.
ඒ යද්දිත් සීයක් විතර පොළිමේ. පුරුදු විදිහටම හැමෝගෙම ඇස් මගේ නිල රථය දිහාට හැරෙද්දි පුළුවන් තරම් ඒ ඇස් මග ඇරලා අයිනකට වුනා.
කොහොමින් හරි කැදවීමක් ලැබුනම  සහතික ටිකත් තදින් අල්ලගෙන මම ඇතුලට ගියේ රස්සාව කෙසේ වෙතත් කිසිම අකරතැබ්බයක් වෙන්න එපා කියලා දෙයියන්ට කියන ගමන්.

මම කොහොමද එතන දොර ඇර ගන්නේ?
මම කොතනද රෝද පුටුව නවත්ත ගන්නේ? මේ ප්‍රශ්න හිතේ පිරිලා තිබුනත්  අවාසනාවකට ඒ එකකටවත් උත්තර මගේ ළග තිබුනේ නෑ

වෙන දෙයක් වෙච්චාවේ මාව මරන් කන්නැයි කියලා ඇතුලට යද්දි එතන හිටිකෙනෙක් දොර ඇලා දුන්නා. පළවෙනි ප්‍රශ්නේ විසදුනා. දෙවනි ප්‍රශ්නෙත් ඒත් එක්කම විසදුනේ ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හිටපු සර් කෙනෙක්ම නැගිටලා එතන තිබුන පුටුව අයින් කරලා මට ඉඩ හදලා දුන්න  එකෙන්.

පුදුමයකට වගේ ඇතුලෙදි කවුරුවත් මම දිහා පුදුමෙන් බැලුවේ නැ.
ඒ නිසාම හිතේ බය පැත්තකින් තියලා අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. 

ඔයා හිතනවද ඔයාට මේක කරන්න පුළුවන් කියලා?
සත්තකින්ම මමත් හිටියේ ලොකු සැකයකින් මට පුළුවන්ද?
ඒත් ඕන මගුලක් කියලා පුළුවන් කිවා...
තව ප්‍රශ්න වැලකට පස්සේ ඔවුන මට සමු දුන්නා....
 මම එළියට ආවේ ආයේ කැදවිමක් ලැබෙන්නේ නැති වග හිතේ තියාගෙන... ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැති වග මම දැනන් හිටියා...

මාසයක් දෙකක් ඔහේ ගෙවිලා ගියා....
ආයෙමත් ලිපියක් ලැබුනා.......
පත්වීම් භාර ගන්න දිනයක් කියලා....

කිසිම දෙයක් ගැන බලාපොරොත්තු නොවි ඉදිද්දි ලැබෙන පුංචිම පුංචි අවස්ථාවත් ජිවිතේට මහ මෙරක් වගේ... 
පුදුමාකාර සතුටක්!!!!
ඒත් එක්කම ප්‍රශ්න ගොඩාරියක් මගේ  ඉස්සරහට කඩන් වැටෙන්න තියෙන බව හිතද්දි බයක් නොතිබුනා නෙමෙයි...
අන්තිමේදි  පත්වීම භාර ගනිද්දි ඒ බය දෙගුණ වුනා.

මම ඉස්කෝලේ යන කාලේ  දේශපාලන විද්‍යා පොතක පිට කවරේ ඇරිස්ටෝටල් කියපු වාක්‍යයක් ලියලා තිබුනා... ඒක මම ගොඩාක් ආස කරපු වගේම බයක් දැනුන හැම වෙලාවකම මතක් කරන දෙයක් අදටත්

සටන් කරන්න... 
ජිවිතය වෙනුවෙන් සටන් කරන්න... 
බිය නොවන්න.... බිය යනු මරණයයි.... 
ලෝකයා ඔබව බය කරයි...
බිය නොවන්න.. 
ජිවිතය වෙනුවෙන් සටන් කරන්න.....

ඉතින් මම ගේ අලුත් බලාපොරොත්තුව වෙනුවෙන් සටන පටන් ගත්තා. 
පඩිපෙල් ප්‍රශ්න මුලටම
මට වැඩ කරගන්න පුළුවන් වෙයිද?
මිනිස්සුත් එක්ක ගැවසෙන්නෙ කොහොමද?
මාව කොහොම පිළිගනීද?
පහුගිය කාලේ පුරාවටම මේ ප්‍රශ්නත් එක්ක ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් පැත්තකට ගියා.

මේ  මගේ රැකියාවේ  සතුටින් පිරුනු හයවෙනි මාසේ . 
ශාඛා කාර්යාල තුනකින්ම මාව බාර ගන්න බෑ කිව්වත් එක අපූරු ප්‍රධානියෙක් මාව ඒ ශාඛාවට ගැනිමේ අභියෝගය බාර ගත්තා.... 
ඔහුට සතුටුදායක  සේවයක් ලබා දෙන්න මට පුළුවන් වුන නිසාම අනිත් අයට වගේම පිළිගැනීමක් මටත් ලැබුනා.... 
ඉතින් මම දැන් සතුටින් පිරුනු, කාර්යබහුල, මිනිස්සු පිරුන  තැනක ජීවිතේට අලුතින් අත්දැකීම් එකතු කරනවා...
කොහොම වුනත් මම දැන් පින් දෙනවා මාව බාර ගාන්න බෑ කිව්ව අයට මොකද එයාලා එහෙම නොකරන්න මට මේ තරම් හොද තැනක්, සුන්දර හදවතක් ඇති ප්‍රධානියෙක් වගේම තවත් සුන්දර අපූරු සහෝදර පිරිසක් ලැබෙන්නේ නෑ...
ඉතින් මේ දවස්වල මගේ ආදර්ශ පාඨය  
                            හැමදේම වෙන්නෙ හොදටයි....!!!





19 comments:

  1. මාර වටින ලිපියක්....ඇරිස්ටොටල් ගෙ වචන මරු

    ReplyDelete
    Replies
    1. ඒ වචන මම ගොඩක් කැමති වචන ටිකක්

      Delete
  2. අද උඹ උඹ ගැනම ලියන මේ වචන ටික නංගියේ කවදා හරි දවසක අපේ රටේ පාසල් පොත්වල ලියවෙන දවසක් එයි... ලෝකයෙන් ආදර්ශමත් චරිත හොය හොය ඉන්නේ නැතිව අපේ රටේ අපේම කෙනෙකුගේ දිරිය ගමනකට උඹට වඩා හොඳ තවත් උදාහරණයක් නැහැ...

    රස්සාව හොඳින් කරගෙන යන්න... පුළු පුළුවන් වෙලාවට විස්තරත් දාන්න... සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. මට තාම මතකයි මාරේ අයියා මගේ පෝස්ට් එකකට දාපු පළවෙනි කමෙන්ට් එක.. එදා වගේම අදත් මාරේ අයියා මේ පැත්තට එන එක ගැන ගොඩක් සතුටුයි.

      Delete
  3. ජය වේවා සොයුරියේ!!! කොළඹ පළාතේද රස්සාව කරන්නෙත්?

    ReplyDelete
    Replies
    1. නෑ අක්කා... අපේ ගම්පලාතේම තමා

      Delete
  4. හුඟාක් සන්තෝසයි නංගී. නංගිගෙ මේ ලිපිය දැකලා, දුර්මුඛව හිටි එක්කෙනෙක් හරි, ජීවිතයට අවස්ථාවක් දෙයි. ඉදිරි අනාගතයට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එපා වුනු කවුරු හරි ජීවිතයට අවස්ථාවක් දෙනවා නම් ඊටවඩා සතුටක් කොහෙද...
      ස්තුතියි ඔබට

      Delete
  5. හරිම සන්තෝසයි... අපේ රට ගැන කළකිරිලා ඉන්න වෙලාවක මෙහෙම ජීවිතේ පස්සේ පන්නගෙන යන ජීවිතත්, ඒ ජීවිත වලට හයියක් වෙන්න කොන්ද හයිය තියෙන ජීවිතත් තියෙන බව දැනගැනීමත් හිතට සැනසීමක්...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විවිධාකරයිනේ..... ඒ අතර මට මුණගැහුණා වගේ සුන්දර මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා......

      Delete
  6. //මට මේ තරම් හොද තැනක්, සුන්දර හදවතක් ඇති ප්‍රධානියෙක් වගේම තවත් සුන්දර අපූරු සහෝදර පිරිසක් ලැබෙන්නේ නෑ...//

    තාමත් මිනිස්සු අපි අතරෙ ඉන්නව :)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම තාමත් "මිනිස්සු" අපි අතර ඉන්නවා

      Delete
  7. සුභ පැතුම්...! අනාගතය හොඳින් දිනාගන්න...!

    ReplyDelete
  8. මුලින්ම මේ අඩවියට ආවෙ අද හරිම ලස්සනයි....

    සටන් කරන්න...
    ජිවිතය වෙනුවෙන් සටන් කරන්න...
    බිය නොවන්න.... බිය යනු මරණයයි....
    ලෝකයා ඔබව බය කරයි...
    බිය නොවන්න..
    ජිවිතය වෙනුවෙන් සටන් කරන්න.....

    ReplyDelete
  9. ඇත්තටම සතුටුයි , මං එත් බැලුවා සද්දයක් නැත්තේ ඇයි කියලා

    ReplyDelete
  10. සුභ පතනවා ඔබට... දිරියෙන් ජීවිතයට මුහුණදෙන්නට....

    ReplyDelete
  11. :)හුඟාක් සතුටුයි ඔයා ගැන

    ReplyDelete
  12. best buddy...i wish u all the best

    ReplyDelete
  13. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete