Wednesday, April 30, 2014

ඇහුනේ මළකදට පමණද



හදවතක් අස්සේ
පැනනැගපු යුද්දේ
උණ්ඩයට හිස නමා
ඇද වැටුන දවසේ

ලේ මතින් පිපුණ මල්
සුදු වතින් නොවේ දිලුනේ

වඩම් වෙත පොදි බැදී
මල් මුමුණනා සද්දේ
ඇහුනේ මළකදට පමණද
හදවතේ යුද්දේ

6 comments:

  1. මොනවා කමෙන්ට් කරන්නද කියලා හිතාගන්න අමාරු කවි සිතුවිල්ලක්

    ReplyDelete
  2. හදවතේ යුද්ධ කවදා නිමා වේදෝ. නිමක් නැති යුද්ධ

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි.. ඇයි දැන් ඉස්සර වගේ නොලියන්නේ?

    ReplyDelete
  4. ලස්සනයි පද ගැලපිල්ල. එත් මට හරියට අර්ථය පැහැදිලි වුණාද සුවර් නෑ.

    ReplyDelete
  5. Harrah's Casino & Hotel - Mapyro
    Get directions, 목포 출장마사지 reviews and information 춘천 출장안마 for Harrah's Casino & Hotel in 경상북도 출장마사지 Atlantic City, NJ. 하남 출장안마 Harrah's is owned by 속초 출장마사지 Vici Properties and operated by Caesars Entertainment.

    ReplyDelete