Wednesday, May 2, 2012

විදිමි ලද ජීවිතේ


දෑගිලි අතරින් ගිලිහි වැටෙනා
ජීවිතය යදින්නට සිතුනා ආයෙම
නොදකින හීනෙක නැගෙන සිනා හඩ
මගේ සවන්මත රැව් දෙන හිංදම

හීන බිදෙන විට දුකක් දැනෙන වග
කොදුරා පවසන හිත අමතක කර
හීන වළාවන් පිරි ඝන අහසේ
පියඹා යමි දැන් මා අමතක කර

නොසිතු මොහොතක නොපැතු විලසින
අහිමිව යන මේ ජීවිත දැක දැක
තවත් කෙලෙස මා බලා හිදින්නද
නොවිද මා ලැබු ජිවිත සිහිනය..



7 comments:

  1. වැටෙන්නට නොදී ජීවිතය
    දියබිදු සේ දෑතින් වෑහෙන
    මිටකට අරන් හැකි තරම් සතුට
    ජීවිත විදිමු හෙට සිනා වී ගෙන..

    ReplyDelete
  2. වේදනාවෙන් පිරුණද..
    කදුළු සීතල දැනුනද..
    ඒ දුක් මැදින් නිසැකව
    හෙට නුඹ වෙත සතුට එනු ඇත..

    ඒ මොහොත තෙක් සිහිනය
    රකිනු මැන සෙනෙහසින් ළං කොට!

    ReplyDelete
  3. ගොඩ දවසකින් ලියලා...

    ReplyDelete
  4. ජීවිතේ හිමි වීම් වලට වඩා තියෙන්නේ අහිමි වීම්. ඒ අහිමිවීම් එක්ක ජීවිතේ ගොඩ නගන්න උත්සහ කරනඩ ඕනා.ඒකට හිතේ ලොකු ධෛර්යයක් ඕන. මම දන්නවා ඔයාට ඒ ශක්තිය ධෛර්යය තියෙනවා කියලා.

    ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  5. ඉතාමත්ම ලස්සන කවි සිතුවිල්ලක්.....

    ReplyDelete
  6. ලස්සන පද වැල් ටික සහෝදරී. බිදෙන කොටනම් හිතට දුක තමයි. ඒත් හීන හැබෑ වෙන දවසකුත් කවදා හරි එනවා. ඒ නිසා හීන වලට කවදාවත් මැරෙන්න දෙන්න එපා..

    ReplyDelete
  7. ලස්සනම ලස්සනම ලස්සනයි

    ReplyDelete