මම ඔයාට බය නෑ සිරින්ජරයෝ...
පහුගිය දවස් වල මග ඇරුණ බ්ලොග් කිපයක් කියවමින් ඉන්න අතරෙදි
එක පාරට මගේ ඇස් නැවතුනේ මම ගොඩක් ආසාවෙන් කියවන සිත් ආර බ්ලොග් එකේ එක ලිපියක් ලග....
ටික වේලාවකට හිත නැවතුනා... කිසිම දෙයක් ඔළුවට ආවේ නෑ...
අදුරු හෙවනැලි කීපයක්ම හිත වටේ කැරකෙනවා කියලා විතරක්ම දැනුනා....
ඔව්
සේලයින් බෝතල් ....සිරින්ජර.... ඇල්පෙනිති තුඩු තරම් තියුණු කටු....බෙහෙත් ගද...සුදු පාට ඇදුම්...
ඒවා මොනතරම් භයානකද?
....................................................................................................
ගොඩක්ම පුංචි කාලේ... අපේ අක්කා කෙනෙක් සේලයින් බෝතලේකින් මට ලස්සන මාළුවෙක් හදලා දුන්නා..
මම ඒක අරන් ආවේ රටක් රාජ්‍යයක් ලැබුන කෙනෙක් වගේ....
සේලයින් මාළුවා වෙන කවුරු හරි ගනීවි කියලා බයට මම ඒක හැංගුවේ
මගේ පුංචි සිගරට් ලී පෙට්ටියේ...
හරියට පරිස්සම් කලා ඒක...
......................................................................................................
ඒත් කල් ගතවෙද්දි
සේලයින් බෝතල් මට පේන්න බැරුව ගියා....
සිරින්ජර දකිද්දි ඇස් වලට කදුළු එන එක නවත්ත ගන්න බැරි වුනා...
හරි බය වෙන්න එපා මම ඔයාට රිද්දන්නේ නෑ...
මේ විදිහට බොරු කියන ගමන් අතේ හම සිදුරු කරන් ලේ ටික ඇදලා ගන්න නර්ස්ලා දකිද්දි මට මතක් වෙන්නෙම ඩ්‍රැකියුලා....
මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ හොදට...ඇස් වල කදුළු පුරවගෙන මන්තරයක් වගේ අම්මා එහෙම කියන කොට එදා මට තේරුනේ නෑ ඒක....
ඒ විදිහට මගේ අතේ තියෙන ලේ ටික හිමින් හිමින් සිරින්ජරේ පිරෙන කොට මම හිතුවේ මම මැරේවි කියලා....
පුංචි එකෙකුට දරා ගන්න තරම් ලොකු වැඩියි ඒ බය....
ඒත් කල් ගතවෙද්දි මම ඉගෙන ගත්තා ලේ ටිකක් ගත්තට මම මැරෙන්නේ නැති වග....
.......................................................................................................
දැන් නර්ස්ලා මාව බොරු කියලා රවට්ටන්නේ නෑ
එයාලා කියන්නේ එක දෙයයි...
ඔයාගේ නහර හොයන්න අමාරුයිනේ මිස්... අපි තව පාරක් උත්සහ කරලා බලමුද??
ඉස්සර වගේ කදුළු පුරවන් අඩන්න අමතක වුනා නෙමෙයි...
ඇඩුවට වැඩක් වෙන්නේ නෑ කියලා දන්න නිසා එයාලා කියන කියන දේට ඔළුව වනනවා.....
හැම මාසේම මේ විදිහට ලේ ටික සිරින්ජරයකට දන් දීලා ගෙදර එද්දි...
ආච්චිගෙන් ලොකු බත් එකක් ලැබෙනවා...
ලේ වැඩෙන්න හොදට කන්න ඕන......
ලොකු බත් ගුලි හද හදා එදාට කවනවා.....
......................................................................................................
මගේ පාඩම් මේසේ පෑන් රදවනය ඇතුලේ අලුත් සිරින්ජරයක් තියෙනවා...
මම ඒක තියා ගත්තේ ආසාවට නෙමෙයි..
හේතුවක් නෑ....
පාඩම් කරලා කම්මැලි උනාම මම ඒක අතට අරන් බලනවා...
පුරුද්දට එහෙට මෙහෙට හරවලා බලනවා...
මේ කටුවේ තුඩ හරි තියුණුයි....
ඩ්‍රැකියුලා....
ඒත් දැන් මම ඔයාට බය නෑ සිරින්ජරයෝ...
ස්..ස්........
මම හරි ආඩම්බරෙන් ආපහු ඒක තිබ්බ තැනම තියනවා....
කාලයයි අත්දැකීමුයි අපි දෙවල් දකින විදිය කොච්චර වෙනස් කරනවද!
ReplyDeletehenryblogwalker the Dude
ජීවිතේ දුකක් උනත් ජීවත් වෙන්න වෙනවමයි නංගියෝ...
ReplyDeleteජීවිතේ තියෙනකන් ජීවත් වෙනවා අක්කෝ...
Deleteඩ්‍රැකියුලා නෙවෙයි ළමය! කැනියුලා! :D :D ! ඩ්‍රැකියුලා කැනියුලා ට වඩා අහිංසකයි! :D
ReplyDeleteඅම්මපා කැනියුලා එක්ක බලද්දදි ඩ්‍රැකියුලා අතදරුවෙක්....
Deleteදුකට බයට මූන දීලම හිත හයිය වෙලා නේද.
ReplyDeleteමේ ළඟදි අපේ ආච්චි හොඳටම අසනීප වෙලා සේලයින් එකක් දෙන්න ගියාම කිව්වෙ ලේ නහර හීනි වැඩියි කියලා සේලයින් කටුවටත් වැඩිය. අපිට බත් ගුලි කරල කවපු අත් දැන් පරඬැල් වගේ.
හ්ම්.......!!
Deleteමගේ ආච්චි තාමත් වෙව්ලන අත් වලින් බත් ගුලි කවනවා මට......
ඉන්ජෙක්සන් කටු ගැන උඹට කියල වැඩක් නෑනෙ... සිගරට් ලී පෙට්ටි නෙමෙයි බන්, ඒව බීඩි පෙට්ටි... මම මට එයින් ඒකක් අයිතිකරගන්න ට්‍රයි කොරපු ට්‍රයි කිරිල්ලක්.. :)
ReplyDeleteමට ටැපලිලා නේද
Deleteකිව්වමයි මතක් වුනේ මගේ ලග තිබුනේ ලාල් බීඩී පෙට්ටියක්.. දැන්නම් ඒවා නැතුව ඇති නේද
ඉස්පිරිතාල මතකය !!! හ්ම්... මටත් හරිම අප්‍රසන්න මතකයක් තමා... හැබැයි වුනේ නම් මට නෙවේ. අපේ අයියා නිසා...
ReplyDelete//මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ හොදට//
ඉස්පිරිතාල මතකය බොහොම අප්‍රසන්නයි...
Deleteමිනිස්සුන්ව මෙහෙම අඩවන්න එපා නංගෝ . . ..
ReplyDeleteඅනේ අඩවන්න හිතුවේ නැ අයියා.. හිතට දැනුනු දේ ඔහේ ලියාගෙන ගියා විතරයි..
Deleteඊයේ කියවන්න පටන් ගත්තා "නෝ බොඩීස් චයිල්ඩ්" කියලා පොතක් . .
ReplyDeleteඒකේ කියන්නේ ජීවිතේ පුදුමාකාර විදිහට දුක් වින්ද කෙනෙක් ඒ දුක් හැමදේම අමතක කරලා තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතත් ලස්සන කරන්න . . ලෝකෙටම ආදරේ කරන්න ජීවත්වෙන හැටි . . පුලුවන් නම් හොයාගෙන කියවපන් නගේ . .
ඉංගිරිසි පොත් කියවන්ට තරම් මගේ දැනුම මදිනේ අයියා.. අපරාදේ
Deleteමටත් එහෙමට කියලා ඉන්ගිරිසි දැනුමක් නෑ බන් . . අමාරුවෙන් ඩික් එකක් ලඟ තියාගෙන කියවන්නේ . . .ඒ පොතේ වචන හරි ලේසියි . . හොයලා බලන්න ට්‍රාන්ස්ලේශන් එකක් තියනන් පුලුවන් . .
Deleteමම හොයලා බලන්නම් අයියේ..
Deleteමොන හේතුවකටද මන්දා නංගි මගේ ඇස් දෙකට කඳුලු ආවා...
ReplyDeleteදුකා අයියට කිව්වා වගේම අඩවන්න හිතුවේ නැ අයියා.. හිතට දැනුනු දේ ඔහේ ලියාගෙන ගියා විතරයි..
Deleteමම මොනවද ලියන්න ඕන කියලා හිතා ගන්න බෑ.. ඔයාගේ හිත ශක්තිමත්..
ReplyDeleteඅනේ මංදා
Deleteමේවට කමෙන්ට් කරන්නේ කොහොමද අයියෝ...
ReplyDeleteකී බෝර්ඩ් එකට ඇගිලි තියලා ඔහේ මොනවා හරි කොටන්න...
Delete......
ReplyDeleteතිත් පෙළක්........
Deleteමාරයියගේ ඇඩ් එක දැකල ආවේ. සහතික ඇත්ත කියල තියෙන්නේ නගේ.
ReplyDeleteපුදුමාකාර දිරියවන්ත පුංචි නංගි කෙනෙක්ගේ බ්ලොගයක්
ආවට ස්තුතියි.......
Deleteපුංචිම කාලෙ ඉඳන් ඒ දේවලට මුහුණ දෙන්න වුණහම, ඉස්පිරිතාල හා ඒ සම්බන්ධ හැම දෙයක්ම පිළිකුල් වෙන එක, භයානක තැන්/ මිනිස්සු විදිහට හඳුනාගැනෙන එක පුදුමයක් නෙවෙයි. ඒත් නංගි සාර්ථකව ඒ දේට මුහුණ දීලා, අද හිත ශක්තිමත් කරගෙන. නංගිගෙ මේ අත්දැකීම් කියවන තවත් හුඟක් අය ඒකෙන් හිත ශක්තිමත් කරගනියි.
ReplyDeleteඔබේ ලිපියකිනුයි මේ හැමදේම ආයෙත් මතක් වුනේ...
Deleteස්තුතියි ඔබට
මට මතක ඇති කාලෙක මුලින්ම බෙහෙත් විද්ද දවසේ (මං හිතන්නේ එක වසරේ වගේ....), මට කලින් විදපු හැම එකාම ඇඬුවා....මං විතරක් බෙහෙත් විදිනකම් සිරිංජ් එක දිහා බලාගෙන හිටියා....අදටත් එහෙමම තමා..... :)
ReplyDeleteඅපෝ මම පොඩි කාලේ නම් පළාතම දෙවනත් වෙන්න කෑගැහුවා...
Deleteපුදුම හයිය හිතක්..
ReplyDeleteඅනේ නෑ නංගා දුක සතුට දැනෙන සාමාන්‍ය හිතක්..
Deleteහැමදේම වෙන්නේ මනුස්සයන්ට ..ගනං ගන්න එපා..හිත හදාගන්න ශක්තිමත් කරගන්න....ජය !!!!
ReplyDeleteනෑ දැන් මම ඒවා ගනන් ගන්නේ නෑ...
Deleteඔයාටත් ජය!!!
පුංචිම කාලේ නෙවේ ටිකක් විතර ලොකු උනාට පස්සේ මටත් හැදුනනේ කියනකොට දිව උළුක්කු වෙන නමක් තියෙන ලෙඩක්..
ReplyDeleteඉස්පිරිතාලේ සතිගනක් ඉන්න උනානේ..ඒ ඉන්නකම්ම නර්ස් නෝනලා දිනකට හතර බැගින් සිලින්ජරයක් පුරෝගෙන ඇවිත් හරිම අනුකම්පාවෙන් ඇනලා යනවා. හපෝයි එතකොට පුදුම සනීපයක් දැනෙන්නේ අප්පා..
ඒ විතරක් නම් මදැයි එහෙන් ආවට පස්සෙත් අවුරුදු පහක් විතර යනකම් මසකට එක බැගින්..
හරක්ට විදින සයිස් එකේ ලොකු සිලින්ජරයකින් එකක් පුරවාගෙන පස්ස පැත්තට අනින්න එනකොට දැනෙන හැගිමනම් අම්මෝ ඕන නෑ.........
බෙහෙත් විදින කොට තියෙන අමාරුව ගැන කියන්න නම් ඉතින් අත්දෑකීම් තියෙන්නම ඕන නේද
Deleteමං නම් බයයි.......
ReplyDeleteදුක හිතුනටත් වඩා අක්කා ගැන ආඩම්බරයකුයි මං ගැන ලැජ්ජාවකුයි හිතුනා.......
ඔය කිව්වට මමත් බයයි... ඒත් බය වුනාට වැඩක් වෙන්නේ නෑ කියලා හිත හදා ගන්නවා නංගෝ...
Deleteකවුරුවුනත් ඒ වගේ දේවල් වලට මුහුණ දෙනකොට ඒකට හුරු වෙනවා...
ඔයාගෙ දිරිය ගැන කියන්න වචන නෑ නගේ...
ReplyDeleteඅනේ මංදා අක්කෝ..ඒකට දිරිය කියනවට වඩා හුරුවීම කියන එක ගැළපෙනවා කියලයි මම හිතන්නේ
Deleteනුවර කෙල්ලොන්ට සෑහෙන ප්‍රශ්න....හ්ම්ම්...
ReplyDeleteහිතට තව තවත් ධෛර්ය ගන්න කෙල්ලේ.. අපේ තාත්තට හැමදාම දවසට දෙපාරක් ඉන්සියුලින් ගහනවා... පෙන් එකකින් නෙමෙයි සිරින්ජරයකින්... එයත් කියන්නේ "මේ රිදිල්ලට වඩා මට ඔයාල වෙනුවෙන් ජීවත් වෙන එක වටිනවා" කියලා...
ReplyDeleteමේ බ්ලොග් එක දැක්කෙ අහම්බෙන්. අකීකරු නංගියේ, අදනම් මට නින්ද යන එකුත් නෑ.. මේ පෝස්ට් කියවද්දි මට විශේෂ කෙනෙක් මතක් වෙනවා... නංගියේ, මේ ලෝකෙ සුන්දර වෙන්නෙ ඔයාල වගේ හිත හයිය මිනිස්සු නිසයි...
ReplyDeleteඔයාට ජීවිතය ජය ගන්න තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා..!
ජය වේවා...!!
ස්තුතියි සකි....
Delete