පොඩි කාලේ ඉදන්ම මගේ ළගම රැදුනු දෙයක් තමයි රේඩියෝ එක... ගෙදරදි වගේම ඉස්පිරිතාලෙදිත් ලග තියා ගන්න පුළුවන් වෙච්ච පොකට් රේඩියො එකක් මගේ ලග තිබුනා.. ඒ හිංදම මම නිතරම කාලේ ගෙව්වේ සින්දුත් එක්ක... හිත පුදමාකාර විදිහට වෙනස් කරන්න සංගීතෙට පුළුවන්... ඒ අතරින් මම ආසම කරපු සින්දු කිපයක් මේ...
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි- සනත් නන්දසිරි
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටිය කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.
.......................................................................
ඉකි ගසා හඩන-අමරසිරි පීරිස්
ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක්
තිබුණා....
හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත
ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක්
තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...!!
..........................................................
කාත් කවුරුවත් -අමරසිරි පීරිස්
කාත් කවුරුවත් නැති බව දැනගෙන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා..
සාංකාව ඇහැරෙන ගණ අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන ගිනි කතරේ
දැස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්... හමුවෙමු මතු භවයේ...
..............................................................................
බිදුනු කලක.... පුන්සිරි සොයිසා
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කදුලේ රිදුමෙන් සොයමි රස හැගුම්
කුමට සුබ පැතුම්....
වැටහෙන්නේ නැ වින්ද දුක රුදුරු
නිමා වී නැති....
ගිලිහි ගියදෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්..
......................................................................
නොමළ ගෙයකින් - .ගුණදාස කපුගේ
නොමළ ගෙයකින් අබ මිටක් සෙවු
කිසාගෝතමියක්...
ප්‍රථම ප්‍රේමෙන් දිනූවත් ලොව
සොයා යයි ගමනක්...
දොරින් දොර පෙම්වතුන් වතියන්
අසා වගතුග ලියන්නී...
තුන් සිතම මගේ විසාලාවක් කලේ මේ
අබ සිගන්නී....
මගේ දොර ලග නතර වී ඇය
දොඩා අබ මිට යදින්නී..
මිටට දෙමිටක් දෙන්ට සිත මට
ඇසේ අබ පුපුරවන්නී...
............................................................
මේ තරම් සියුමැලිද කළුගල් -සුනිල් එදිරිසිංහ
මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...........
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...
....................................................
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි ගීතයේ රූප රචනය හරිම ඉහළයි.....
ReplyDeleteඔව් ඒක ගොඩක් හිතට දැනෙනවා.. කොහොම වුනත් මම වැඩියෙන්ම කැමති ඒ හඩට...
Deleteඉකි ගසා හඩන-අමරසිරි පීරිස් - අසා නැත....
ReplyDeleteහොයාගන්න ඕනේ... මේ පදත් එක්ක සිංදුවේ ලින්ක් එකක් දැම්මොත් නරකයි නෙහ්....??? ;)
සින්දුවේ ලින්ක් දාලා තියෙන්නේ අයියා
Deletemachan, me sindu liyanna hethu wechcha kathawa hoyaganna tiyanawanam, tawath honda wei. jayawewa!!
ReplyDeleteමේ අතරින් බොහෝ ඒවා මගේ ප්‍රියතම ඔබට ස්තුතියි.
ReplyDeleteස්තුතියි ඔබටත් මේ පැත්තට ගොඩවැදුනට
Deleteබිදෙන බඳුන් සින්දුව මම ආසම සින්දුවක්..
ReplyDeleteමමත්..
Deleteමං ආසම ගීත කිහිපයක්ම ඒ අතර තිබුණා ඒ වගේම දැන් අහල ආසා වුනු ගීතත් තුබුණා
ReplyDeleteසතුටුයි ඒ ගැන
Deleteකවුද මේ "කුමුදුණිය" ගීතය ගායනා කරන්නේ කවුද? මේ ගීතයේ ඔරිජිනල් එකද? යූ ටියුබ් එකේ තියෙන්නෙ ඉන්දු මිහිරාණි අමරනාථ කියන නම.
ReplyDeleteමේ ගීතය මවු ගුණ ගීතයක්ද?
මමත් හරියටම නම දන්නේ නැ.. යූටියුබ් එකේ තියෙන්නෙ ඉන්දු මිහිරාණි අමරනාථ කියලා තමයි..
Deleteමේක මව් ගුණ ගීතයක් නම් නෙමෙයි
සමහර ගීත නම් අහලත් නෑ. අහලා බලන්ඩ වටිනවා. වැඩපොලේදිවත් මේ වීඩියෝ ටික ලෝඩ් කරලා බලන්ඩ ඕනා.
ReplyDeleteඅහලා බලන්ඩකෝ
Deleteමාත් වැඩියෙන් අහන කැමති සිංදු ටිකක්.. ඒත් මේ බිදුන කලෙක මම අහලා නෑනේ..
ReplyDeleteඒකත් අහලා බලන්න.. ලස්සනයි
Deleteමං නම් වැඩිය රේඩියෝ අහන කෙනෙක් නෙවෙයි...එත ඔය අන්තිම සින්දුව ඇරෙන්න අනිත් හැම එකක්ම අහල තියෙනවා.. ගොඩක් සින්දු වලට මාත් එහෙමම කැමතියි..
ReplyDeleteඔය අන්තිම සින්දුව අඳුන්නල දුන්නට බොහොම ස්තුතියි අක්කා.. මොකද මං එකෙන් දැන් ප්‍රයෝජනයක් ගන්න යන්නේ..(කෙනෙක්ට පෙන්නලා)
;)
ඒ කෙනා අනිවාර්යෙන්ම සින්දුවට කැමති වේවි
Deleteබිදුණු කලක ගීතයට මම කැමතියි.මගේ ජීවිතයටත් බොහොම සමීප අත්දැකීම් තියෙනවා.
ReplyDeleteමමත් ඒකට ගොඩක් කැමති
Deleteහොඳ සින්දු ටිකක් තෝරගෙන තියෙනනෙ.
ReplyDeleteහොද සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ
Delete