Wednesday, June 20, 2012

සිත් ගත් ගී

පොඩි කාලේ ඉදන්ම මගේ ළගම රැදුනු දෙයක් තමයි රේඩියෝ එක... ගෙදරදි වගේම ඉස්පිරිතාලෙදිත් ලග තියා ගන්න පුළුවන් වෙච්ච  පොකට් රේඩියො එකක් මගේ ලග තිබුනා.. ඒ හිංදම මම නිතරම කාලේ ගෙව්වේ සින්දුත් එක්ක... හිත පුදමාකාර විදිහට වෙනස් කරන්න සංගීතෙට පුළුවන්... ඒ අතරින් මම ආසම කරපු සින්දු  කිපයක් මේ...

 

 බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි- සනත් නන්දසිරි

  බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
 මගේ අම්මාවත් දොරටුව අද්දර හිටිය කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

 අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...


නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......


 දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ..
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.

.......................................................................

ඉකි ගසා හඩන-අමරසිරි පීරිස්

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
 හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
 සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...!!
..........................................................

 කාත් කවුරුවත් -අමරසිරි පීරිස්

කාත් කවුරුවත් නැති බව දැනගෙන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
 මටත් ඉරක් නැගෙනා..
සාංකාව ඇහැරෙන ගණ අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන ගිනි කතරේ
දැස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්... හමුවෙමු මතු භවයේ...

 ..............................................................................

බිදුනු කලක....  පුන්සිරි  සොයිසා

බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන්  කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කදුලේ රිදුමෙන් සොයමි රස හැගුම්
කුමට සුබ පැතුම්....
වැටහෙන්නේ නැ වින්ද දුක රුදුරු
නිමා වී නැති....
ගිලිහි ගියදෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්..

......................................................................

නොමළ ගෙයකින් - .ගුණදාස කපුගේ
නොමළ ගෙයකින් අබ මිටක් සෙවු
කිසාගෝතමියක්...
ප්‍රථම ප්‍රේමෙන් දිනූවත් ලොව
සොයා යයි ගමනක්...

දොරින් දොර පෙම්වතුන් වතියන්
අසා වගතුග ලියන්නී...
තුන් සිතම මගේ විසාලාවක් කලේ මේ
අබ සිගන්නී....

මගේ දොර ලග නතර වී ඇය
දොඩා අබ මිට යදින්නී..
මිටට දෙමිටක් දෙන්ට සිත මට
ඇසේ අබ පුපුරවන්නී...

............................................................

මේ තරම් සියුමැලිද කළුගල් -සුනිල් එදිරිසිංහ


මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරි නිසා
 මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...........

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසු විට හිනහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...



 ....................................................


කුමුදුනිය ඔබයි මගේ-
කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ................

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය සොඳුරු විජිතයේ
 

23 comments:

  1. බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි ගීතයේ රූප රචනය හරිම ඉහළයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ගොඩක් හිතට දැනෙනවා.. කොහොම වුනත් මම වැඩියෙන්ම කැමති ඒ හඩට...

      Delete
  2. ඉකි ගසා හඩන-අමරසිරි පීරිස් - අසා නැත....

    හොයාගන්න ඕනේ... මේ පදත් එක්ක සිංදුවේ ලින්ක් එකක් දැම්මොත් නරකයි නෙහ්....??? ;)

    ReplyDelete
    Replies
    1. සින්දුවේ ලින්ක් දාලා තියෙන්නේ අයියා

      Delete
  3. machan, me sindu liyanna hethu wechcha kathawa hoyaganna tiyanawanam, tawath honda wei. jayawewa!!

    ReplyDelete
  4. මේ අතරින් බොහෝ ඒවා මගේ ප්‍රියතම ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මේ පැත්තට ගොඩවැදුනට

      Delete
  5. බිදෙන බඳුන් සින්දුව මම ආසම සින්දුවක්..

    ReplyDelete
  6. මං ආසම ගීත කිහිපයක්ම ඒ අතර තිබුණා ඒ වගේම දැන් අහල ආසා වුනු ගීතත් තුබුණා

    ReplyDelete
  7. කවුද මේ "කුමුදුණිය" ගීතය ගායනා කරන්නේ කවුද? මේ ගීතයේ ඔරිජිනල් එකද? යූ ටියුබ් එකේ තියෙන්නෙ ඉන්දු මිහිරාණි අමරනාථ කියන නම.
    මේ ගීතය මවු ගුණ ගීතයක්ද?

    ReplyDelete
    Replies
    1. මමත් හරියටම නම දන්නේ නැ.. යූටියුබ් එකේ තියෙන්නෙ ඉන්දු මිහිරාණි අමරනාථ කියලා තමයි..
      මේක මව් ගුණ ගීතයක් නම් නෙමෙයි

      Delete
  8. සමහර ගීත නම් අහලත් නෑ. අහලා බලන්ඩ වටිනවා. වැඩපොලේදිවත් මේ වීඩියෝ ටික ලෝඩ් කරලා බලන්ඩ ඕනා.

    ReplyDelete
  9. මාත් වැඩියෙන් අහන කැමති සිංදු ටිකක්.. ඒත් මේ බිදුන කලෙක මම අහලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් අහලා බලන්න.. ලස්සනයි

      Delete
  10. මං නම් වැඩිය රේඩියෝ අහන කෙනෙක් නෙවෙයි...එත ඔය අන්තිම සින්දුව ඇරෙන්න අනිත් හැම එකක්ම අහල තියෙනවා.. ගොඩක් සින්දු වලට මාත් එහෙමම කැමතියි..
    ඔය අන්තිම සින්දුව අඳුන්නල දුන්නට බොහොම ස්තුතියි අක්කා.. මොකද මං එකෙන් දැන් ප්‍රයෝජනයක් ගන්න යන්නේ..(කෙනෙක්ට පෙන්නලා)
    ;)

    ReplyDelete
    Replies
    1. ඒ කෙනා අනිවාර්යෙන්ම සින්දුවට කැමති වේවි

      Delete
  11. බිදුණු කලක ගීතයට මම කැමතියි.මගේ ජීවිතයටත් බොහොම සමීප අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
  12. හොඳ සින්දු ටිකක් තෝරගෙන තියෙනනෙ.

    ReplyDelete
    Replies
    1. හොද සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ

      Delete