Tuesday, December 28, 2010

දිරා ගිය ගසක් ගැන - කිමද නුඹ ලතවෙන්නේ

"ඔයා කියන්නේ මට යන්න කියලද.....හැබැයි මම ගියොත් ආයේ කවමදාවත් එන්නෙ නම් නෑ ඒක මතක තියාගන්න..."
"ඔව් ඔයා යන්න..ඒ වගේම කවමදාවත් එන්නත් එපා.. මම බලන් ඉන්නේ නෑ ඔයා එනකන්" 
                          ඒ වචන ගොඩාරියක් ඔය හිත රිදවන බව මම දන්නවා.. තවත්  වචනයක්වත් නොකියපු ඔයා යන්න ගියා... රොබරෝසියා ගස් අතරින් ඔයා ඈතට ඇවිද ගෙන ගියා....එකම සැරයක්වත් ආයෙත් හැරුනෙ නෑ.. අකලට පිපුනු රොබරෝසියා මල් කිපයක් බිමට වැටුනේ මගේ නපුරු වචන දරා ගන්න බැරිව වෙන්න ඇති.. ඒ වැටුනු මල් ඔයා ගිය දිහාවටම පාවෙලා යන්න වෙර දැරුවා...ඒත් එයාලා පැරදුනා... ඇත්තටම ඔයා යන්න ගියා... කිව්ව වගේම ආයෙමත් ආවේ නෑ..කතා කලෙත් නෑ...
                 ඔයා ජිවිතේ ඉස්සරහ‍ට යන්න තෝර ගත්තේ හරිම පටු... කටු පදුරු වලින් වැහුනු ඒ වගේම අවසානයක්වත් ඇරඹුමක්වත් නැති පාරක්...ඒ පාරේ  එක්ක ගිහින්  අතරමං කරන්නෙ කොහොමද මං... මටවත් අගක් මුලක් හොයා ගන්න බැරි ලෝකෙකට තවත් කෙනෙකුට පාර කියන්නේ කොහොමද...
               ඒ වගේම ඔයා වෙනුවෙන්ම ඉදි වුන ලස්සනම ලස්සන ලෝකෙකට පාර කියන්න ඇය බලාගෙන ඉන්නවා... එහෙම තියෙද්දිත් තව තවත් අපායක් වගේ තියෙන මේ ජිවිතේ ඇතුලේ ඔය හුස්ම හිර කරන්න මට බෑ....





ඇගේ රන් විමනේ පිපි කුසුම්
නුඹෙ නමයි කොදුරන්නේ...
ඇගෙ විමානෙන් නැගෙන ගී හඩ
නුඹ ගැනයි විමසන්නේ...

දිරා ගිය ගසක් ගැන 
කිමද නුඹ ලතවෙන්නේ
නුඹෙ නමින් රන් විමන්
ඇගේ හදේ ඉදිවෙන්නේ

රන් විමනේ පෙම් කුරුළු වී
ගයනු මැන පෙම් ගීත
නුඹ තුටින් ගයන ගී
එළි කරයි මගේ හීන..

ඉදින් නුඹ ඉගිලියන්
ඇගේ මුදු තුරුල්ලට..
අමනාපයක් නෑ හිතේ 
සුබ පතයි තුන් හිතම

7 comments:

  1. අමනාපයක් නෑ හිතේ
    සුබ පතයි තුන් හිතම....

    ගොඩක් ලස්සනයි ඒ පද ටික..

    ReplyDelete
  2. නියමයි... thtz all.

    ReplyDelete
  3. ඒ තරම් අවංක වීමනම් කරන්න අමාරුම දෙයක්.

    අපූරුයි..

    ReplyDelete
  4. "ඉතින් නුඹ ඉගිලියන් ඇගේ තුරුලටම"
    මල්ලිය අහල තියෙනව "සඟවා කීම කවීත්වයයි" කියල.... ෂා ..එළනෙ
    ඔයා ඒක මරුවට කරල තියෙනව..

    ReplyDelete
  5. මම ඉතින් මොනවා කියන්නද ලස්සනයි මිසක ..මට කවි සිතුවිලි එන්නේනෑ .. මම කරන්නේ ඔයා ලියන ලස්සන කවි රස විඳින එක විතරයි සහෝදරී..

    ජයවේවා !!

    ReplyDelete
  6. ලස්සනයි අක්කි..‍

    ReplyDelete
  7. @සිරකරුවා - ගොඩක් ස්තුතියි...

    @prasanna86k -ස්තුතියි...ඔව් thtz all තමයි.. :D

    @``` Outsider``` -මේක අවංක විමක් නෙමෙයි.. තවත් පව් නොකර සිටීමක්..

    @චාමර මල්ලී- සැගවුනු දේ තේරුම් ගත්තා එහෙනම්..

    @හිස් අහස-කවි නොලීවට රසවිදින්න පුළුවන්නේ...රසවිදින්න පුළුවන් වෙන්නෙත් කවි හිතකටම තමයි..හැම හිතකම කවියෙක් ඉන්නවා.. බොරුනම් බලන්න ගොඩක් දුක හිතුන වෙලාවක මත් වෙන්නෙ නැතිව කවියක් දෙකක් ලියලා..

    @තරු අහස - ස්තුතියි මල්ලියෝ

    ReplyDelete