දින ගනන් ගෙවී ගොස් -හිත තාම එතනමය
හිත පුරා ඇවිද ගිය -අඩි පාර එහෙමමය
උදා වෙන ලොව එක්ක- හෙට දිනේ හිනහෙන්න
නුඹෙ පිය සටහන-මකන්නට දිරි දෙන්න
කවමදාවත් නොහඩමි මම-නුඹට දුන් ඒ පොරොන්දුව...
ළය පැලි මිය යන තුරුම-රකිමි මා පණ විලස...
කදුළු වලට දිය වෙච්ච-හිත එක්ක හිනහෙන්න
නුඹේ ඒ මතක පොද-නුඹ එක්ක ගෙන යන්න
නූඹෙ ලොවේ පිපෙන මල්-ආදරෙන් රැක ගන්න...
මා සමු ගත් දිනක-මගේ සොහොන සරසන්න
ඉදින් ඒ දවස-එන තුරා මා ලගට
ජිවිතේ විද ගන්න- මගෙ ලොවින් නුඹ යන්න
~~~~~~~~******~~~~~~~~
එලවන්නේ ඇයි මෙහෙම - මට ඕනේ ලඟ ඉන්න
ReplyDeleteඑපා මට වෙන ලොවක් - ඉඳිමි මම නුඹ එක්ක
"දින ගනන් ගෙවී ගොස් -හිත තාම එතනමය
ReplyDeleteහිත පුරා ඇවිද ගිය -අඩි පාර එහෙමමය"
අගේ ඇති පද යොදා ගැනීමක්..
ලස්සනයි ...සමුගැනීම් ගැන කියන්න එපා ඔයතරම් .. මට දුක හිතුනා එහෙම නෙවේ ! ඒත් පොඩ්ඩක් දුක හිතුනා ..
ReplyDelete4 පාරක් කිවලා බැලුවා ...
ජයවේවා !!