Friday, November 26, 2010
කේන්තිය නිවෙන තෙක්--බඩපුරා කෑවෙමි
ගසති මරති මහ යුද්දෙකි....
ලේ වැගිරීම් දසත ගලති....
ඒ මැද්දට මැදිවු මා
අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
කඩු හරඹ නිම වුනි
ඉංගිරිසි පන්තිය ඇරුනි
සාමය උදාවුනි.
හෙළ වදන් සිහි කරමිනි
සුද්දන්ට බනිමිනි
වරුසාව මැදිනි
යන්නට ආවෙමි
වරුසාව තද වුනි
කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
බඩපුරා කෑවෙමි
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
හේ...හේ..ඉංග්‍රීසි වලට බනින්නෙපා.
ReplyDeleteතියෙන බඩජාරි කම... හරි ෂෝක් ගෑනු ළමයෙක් හැදෙන විදිය.
ReplyDeleteඅපෝ මෙයා දැන් දරුණු වෙලානෙ.හෙළ වදනුත් මතක් වෙනව එහෙනම්.
ReplyDeleteඅපිටත් පහුගිය දවස් වල හෙළ බස ගැන කිව්වා. අනේ මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ. දෙය්යනේ කියලා campus එක එපා වෙන්නේ නැතුව තියෙන්නේ English නිසා. තව ආචාරධර්මත් උගන්වනවා. ඒවා උගන්වන්නේ අපේ තත්ත්වය උසස් කරන්නලුනේ. අනේ මන්දා.
ReplyDeleteබැනපිය සහෝදරී බැනපිය ! මාත් ඉන්නව ඔයත් එක්ක ඔය ඉංගිරීසි මටත් පේන්න බෑ ...
ReplyDeleteමමත් මොනාහරි කන්න ඕන ....මොනාද කන්නේ
අදහස ලස්සනයි ...
ජයවේවා !!
@හිස් අහස - සුදු පුතේ මොකෝ මේ? උඹ කොම්පුතර් උගන්නන්නේ සිංහලෙන්ද කොල්ලෝ?
ReplyDeleteහරියට හරි නංගියා..... මටත් ඔය කඩුව ඇතිවෙලා...අපේ ඔපීසියේ ආසාවට සිංහල කතාකරන්න එකෙක් නැ .... සුද්දට ගිය රට....
ReplyDeleteමේක ෂෝක්.
ReplyDeleteසරළයි/අව්‍යාජයි/වෙනස්/කැමතියි.