Tuesday, November 2, 2010

ජිවිතේ තියෙන මේ කළුවරට ...මං ගොඩාරියක් බයයි මගේ අම්මේ.............

මම කවදාවත් කිව්වේ නෑ මං කළුවරට බයයි කියලා......
ඒත් ඔයා ඒක දන්නවා නේද අම්මේ..........................
ඇත්ත‍ටම ජිවිතේ තියෙන මේ කළුවරට මං ගොඩාරියක් බයයි මගේ අම්මේ.............
ඔයා දන්නවද පහුගිය දවස් වල මං හරි සතුටින් හිටියේ.... 

“මගේ හීනෙට තටු ඇවිත්...” මං කවදාවත් නොගිය තරම් පියැඹුවා.. ඈතට.... ඈතින් ඈතට.... දන්නවද සතුට වැඩිකමට  මං හිතුවේ මගේ හුස්ම හිර වෙයි කියලා.........  කාලෙකට පස්සේ මං ගොඩාක් සතුටු වුනා අම්මේ...

ඒත් එක පාරටම ......
ආයෙමත් මං මහපොළවටම වැටුනා.. ඒ ඇයි අම්මේ?
මගේ හීනෙට පාර කිව්වෙ ඔයාමයි නේද... ඉතින් ඇයි දැන් මුකුත් නොකියන්නේ?

හ්ම්... මට තේරෙනවා.. මට ලැබුනේ ඇත්ත තටු නොවන බව...
මගේ හීනේ බිදුනම මට කලින් කදුළු ආවේ ඔය ඇස් වලට...... පොළව‍ට වැටුනු මම හැම තැනම විසිරුනු මගේ හීනේ හොයනවා.. ඒත් ඒක දූවිල්ලක් වෙලා අම්මේ.....ආයෙමත් මං හීන දකින්නේ නම් නෑ කවදාවත්.. හීන හැමදාමත් මාව අඩවනවා...... මට දුක මං ගැන නෙමෙයි , මගේ හීනෙට මටත් වඩා ආදරේ කල ඔයා ගැනයි අම්මේ.....

අන්තිමට ඔයා මගෙන් ඇහුවා... “ඔයා මට වෛර කරනවද පුතේ?”

හීනෙකින්වත් නෑ අම්මේ... මං කවදාවත් වෛර කරන්නේ නෑ.. මොකද මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ ඔයාටයි.......

මම ආයෙමත් බින්දුවටම වැටිලා.. මේ හිත ගොඩාක් රිදෙනවා... ඒත් මං අඩන්නේ නෑ අම්මේ..  හැමදාම ඔයාට ඕන වුනේ මගේ සතුට.... ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නැති තරම්..... මං හැම බලාපොරොත්තුවක්ම අතැරලා ඉදිද්දිත් ඔයා මාව සනීප කරන්න කොයි තරම් දොස්තරලා ලගට අරන් ගියාද... සමහර වෙලාවට අපි රණ්ඩු වුණා....ඒත් ඔයා නැවතුනේ නෑ.. ආයෙමත් ‍මගේ බලාපොරොත්තු වලට පණ දුන්නා..... ඒ බලාපොරොත්තු මාව තෙරක් නොපෙනෙන අහස උඩටම අරන් ගියා අම්මේ... එදා දොස්තරලා  කියපු දේවල් ඔයාට නොතේරුනාද එහෙමත් නැතිනම් නොතේරුනා වගේ හිටියද කියලා මම දන්නේ නෑ.... ඒත් ඒ වචන තාමත් මට ඇහෙනවා අම්මේ..

ඔයා ඇහුවා “ මේ ලෙඩේට බෙහෙත් තියෙනවද ඩොක්ට?”
පිළිතුර වුනේ තාම ලෝකේ ‍මේ ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ කියන එක.... ඇයි ඔයාට ඒක නොතේරෙන්නේ අම්මේ?
ඔව් ඔයාට ඒක නොතේරෙන්නේ ඔයා මගේ අම්මා නිසා..................
                               මං වැටුන හැම වෙලාවකම ඔයා මට අත දුන්නා.. මං ආයෙමත් වැටිලා අම්මේ.......... ආයෙත් මට අත දෙනවද අම්මේ... මම පරදින්න කැමති නෑ.. මොකද මම අම්මගෙම දුවනේ..... ඒත් ජිවිතේ වහගෙන පැතිරෙන මේ කළුවරට මං බයයි අම්මේ.. ඉතින් මගේ අත අතාරින්න එපා.. මේ කළුවරේ මම තනි වෙයි.... මහ සෙනගක් මැද්දෙ තනි වෙන්න මං බයයි මගේ අම්මේ.........   මගේ අත තදින් අල්ල ගන්න.. එතකොට මගේ හිත හරිම උණුසුම්.... ඒ උණුහුමට මං හරි ආදරෙයි....  


6 comments:

  1. කියන්න දෙයක් නෑ මට... දුකයි. එච්චරයි.

    ReplyDelete
  2. මෙහෙම කියන්න එපා නංගියෝ අම්මට ගොඩක් දුක හිතෙයි...මටත් ඇස් වලින් කඳුලු වැටුනා...ඔයාට හොදක්ම වෙයි..ඔයාගේ හිතට ඉක්මනින්ම සතුට එයි...

    ReplyDelete
  3. 0 වටම වැටුණා කිව්වට ඒක 0 නෙවෙයි......ඔයාගෙ මේ අදහස් වල වටිනාකම ජීවිතේට එක් වුනාම ඒක බොහොම වටිනා ජීවිතයක්.......

    ReplyDelete
  4. අනේ මගේ ඇස් වලට ඇත්තටම කඳුලු ආවා.....

    ReplyDelete
  5. සයවැන්න,

    ජීවිතේටම කියවන්න අමාරුමවුන වචන ටික ඒ ටිකයි කියල පිළිගනීවිද මන්ද,ඇස් කඳුලින් බොඳව යද්දිත් අමාරුවෙන් කියාගත්තේ ඒ නිසයි..
    කවුරුන් දැන නොගනීවිද ඔබවන්ම සවිමත් හිතක් ඇත්තී,ඒ ඔබේ මවයි කියා....

    බුදු සරණයි!!

    ReplyDelete
  6. දෙයියනේ . . .

    මොනවද මම ලියන්නේ මේකට

    කඳුලින් බොඳවුනු ඇස් දෙක නෙමෙයි හිතම ගල් වෙලා . . .

    ReplyDelete