Monday, November 15, 2010

සුසානයක මල් වඩමක සුවදට


සුසානයක මල් වඩමක සුවදට
මුකුලිත බඹරුන් සෙමින් ඇදේ...
මිලාන වූ මල්පෙති මත පොර වැද
තලා පෙලා රොන් උරන රගේ

පරවුන මල දැක වල්මත්  බඹරුන්
සරදම් වියරුව පාන දිනේ
උන්ගේ තුඩුමත තැවරුනු රොන් පොද
මල ගැන කදුළක් නැවුම් කලේ...

5 comments:

  1. නගේ මම කීප සැරයක් කියෙව්ව. කියවද්දි කියවද්දි තව දේවල් දැනෙන්න ගත්ත. කවියක් තියා උඹේ කවිය ගැන කියන්නවත් මගේ වචන පන නැති එක ගැන දුකයි මට. ජය වේවා.

    ReplyDelete
  2. සහෝදරී මටත් කියන්න තියෙන්නේ එකම දෙයයි ඒ තමයි ..හරිම ලස්සනයි ..නිකම්ම නිකං ලස්සනයි නෙවේ ,අමුතුයි ...!

    මේ පේලි අටේන් ලොකු කතාවක් කියන්න පුලුවන්

    ජයවේවා !!

    ReplyDelete
  3. මට නම් කියන්න දෙයක් දෙයක් ඇත්තෙම නෑ, දයියයි, හිස් අහසයි ඔක්කොම කියලා. ඒත් එක දෙයක් තියෙනවා,... හරි ලස්සනයි කවි පෙළ.

    ReplyDelete
  4. කියන්න තේරෙන්නෑ... කවිය දෙක කීපසැරයක්ම කියෙව්වා...ඇති වෙන හැගීම කියන්න වචන ගලපා ගන්න බෑ...
    කොහොම හරි ගලපලා මෙහෙම කියන්නම්...

    ලස්සනයි....

    ReplyDelete