Friday, November 26, 2010

කේන්තිය නිවෙන තෙක්--බඩපුරා කෑවෙමි


ගසති මරති මහ යුද්දෙකි....
                                       ලේ වැගිරීම් දසත ගලති....
          ඒ මැද්දට මැදිවු මා
                                      අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
                                   කඩු හරඹ නිම වුනි
   ඉංගිරිසි පන්තිය ඇරුනි          
                                       සාමය උදාවුනි.
 හෙළ වදන් සිහි කරමිනි
                                      සුද්දන්ට බනිමිනි
                වරුසාව මැදිනි 
                                      යන්නට ආවෙමි
             වරුසාව තද වුනි 
                                      කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
                                     බඩපුරා කෑවෙමි

8 comments:

  1. හේ...හේ..ඉංග්‍රීසි වලට බනින්නෙපා.

    ReplyDelete
  2. තියෙන බඩජාරි කම... හරි ෂෝක් ගෑනු ළමයෙක් හැදෙන විදිය.

    ReplyDelete
  3. අපෝ මෙයා දැන් දරුණු වෙලානෙ.හෙළ වදනුත් මතක් වෙනව එහෙනම්.

    ReplyDelete
  4. අපිටත් පහුගිය දවස් වල හෙළ බස ගැන කිව්වා. අනේ මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ. දෙය්යනේ කියලා campus එක එපා වෙන්නේ නැතුව තියෙන්නේ English නිසා. තව ආචාරධර්මත් උගන්වනවා. ඒවා උගන්වන්නේ අපේ තත්ත්වය උසස් කරන්නලුනේ. අනේ මන්දා.

    ReplyDelete
  5. බැනපිය සහෝදරී බැනපිය ! මාත් ඉන්නව ඔයත් එක්ක ඔය ඉංගිරීසි මටත් පේන්න බෑ ...

    මමත් මොනාහරි කන්න ඕන ....මොනාද කන්නේ

    අදහස ලස්සනයි ...
    ජයවේවා !!

    ReplyDelete
  6. @හිස් අහස - සුදු පුතේ මොකෝ මේ? උඹ කොම්පුතර් උගන්නන්නේ සිංහලෙන්ද කොල්ලෝ?

    ReplyDelete
  7. හරියට හරි නංගියා..... මටත් ඔය කඩුව ඇතිවෙලා...අපේ ඔපීසියේ ආසාවට සිංහල කතාකරන්න එකෙක් නැ .... සුද්දට ගිය රට....

    ReplyDelete
  8. මේක ෂෝක්.
    සරළයි/අව්‍යාජයි/වෙනස්/කැමතියි.

    ReplyDelete