Monday, August 6, 2012

කතාවක් දිගේ ඇවිද යමුද


ඔබ දැන් සුදානම් වන්නේ මෙය කියවීමටය. පුටුවකට බරවී සුවපහසුව හිදගත් ඔබ මේ වචන මතින් තම ඇස් දුවවන්නේ මෙය කුමක්දැයි දැන ගන්නටය.. ඔව් මේ සුදානම  කතාවක් කීමට බව සැබෑය. එහෙත් එයට ඔබද සම්බන්ධ විය යුතුය.. මක් නිසා යත් මේ කතාව ගලා යන්නේ ඔබත් සමගමය. ඉතින් මා ඔබට ආරාධනාවක් කරමි. එන්න, මේ කතාව තුලට මා සමග ඇවිද යන්න...ඔබ  මාගේ ආරාධනාවට අකමැති නම් මා මෙතනින්ම ඔබට සමු දෙමි.

.........................................................

එහෙත් ඔබ මා සමග ඉදිරියට යාමට කැමති වේ නම්,

.

.

කම්මැලි කමින් පිරුණු ඔය සුපුරුදු තැනින් නැගිටින්න..

අපි පටන් ගමු.....

 

එන්න යැයි අඩගැසූ පමණින් ආ ඔබේ සිතේ ප්‍රශ්න රැසක් පැන නැගී ඇති බව දනිමි.

 

අපි කොහෙද යන්නේ ඒ ඔබේ පළමු වැනි ප්‍රශ්නය වනු ඇති,

අප මේ යන්නේ කතාවේ ප්‍රධාන චරිතය සොයමින්ය.

 

ප්‍රධාන චරිතය කවුදැයි ඊළගට ඔබ අසන්නට සැරසෙනු පෙනේ.

අපගේ ප්‍රධාන චරිතය සිටින්නේ කදුකරයේය. ඔහේ ගලා යන දිය සීරාවන් අතරෙන් ඇදී යන මීදූම් සේලයන් මැද්දේ ඇයව සොයා යාමට ඔබ කැමති වේ යැයි සිතමි.

 

එක්වරම කඩා පැන මා සමග එන්නැයි කීවද  ඈ සොයා යෑමට පෙර මේ ගමනට ඔබ සූදානම් විය යුතු යැයි දනිමි. එම නිසා දැන් ඔබ ගමනට සූදානම් වන්න...

හෙට උදෑසන මා නැවතත් ඔබ හමුවට එමි...


16 comments:

  1. අළුත් කතාවක ආරම්භයක්..????

    ReplyDelete
    Replies
    1. ඔව් එනවද කතාව දිගේ යන්න

      Delete
    2. අනිවාර්යෙන්... පටන් ගැන්මෙන් කතාවේ ලස්සන හිතා ගන්න පුළුවනි...

      Delete
  2. මම නම් එනවා කතාව දිගේ යන්න... එහෙනම් හෙට උදෙන්ම පටන් ගමු කතාවක් දිගේ ගමනක් යන්ඩ... මම නම් ආස කොත්මලෙන් පටන් ගන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.... හැබැයි කොත්මලෙන් නම් පටන් ගන්න විදිහක් නෑ

      Delete
  3. ඈ මේ මොකද්ද කඳුකරයේ ඉන්නෙ කවුද මන්දා..
    ලෙනින් ද දන් නෑ...
    මන්ද ලෙනින් පිටවෙලා ගියේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ කතාවේ ලෙනින් කෙනෙක් නැ :D

      Delete
  4. යමු බලන්න එහෙනම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ගමනට

      Delete
  5. මේ ඔන්න මාත් එනෝ.... කතාව බලන්න... :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්

      Delete
  6. ඔන්න මාත් එනවා අකීකරු හිතේ කතාව කියවන්න..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට අලුත් නේද? කතාවට වගේම මගේ පුංචි බ්ලොග් එකටත් සතුටින් පිළිගන්නවා

      Delete
  7. මමත් ඉතින් කතාවක් නම් යං කියපු ගමන් පටාර් ගාලා එතන..එහෙනම් යමු.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා ඔයාව...

      Delete