ඔබ ඇයට උදව් කිරීමට කැමති වීම ගැන මටත් වඩා ඇය සතුටු වනු ඇත. ඉතින් අපි ගමන පටන් ගනිමු. මිදුමෙන් පාර වැසි යන නිසා අප පුරුදු වන තෙක් සෙමින් ගමන් කරමු. මෙවන් නුපුරුදු මාවතක පුරුදුකාරයන් මෙන් හැසිරීම මෝඩකමකි. එසේම මේ මාවත් පුරා දිග පළල මනිමින් එහා මෙහා ගාටන කූඩැල්ලන් බොහෝය.
ඉදින් පරිස්සම් වන්න. කොයි මොහොතක හෝ උන් ඔබේ දෙපාවල එල්ලෙනු ඇත....
ඔබේ ඇස් බියෙන් දෙපා වෙත එල්ල වනු පෙනේ. එහෙත් ඔතරම් බිය වියයුතු නැත. පරිස්සමින් අඩිය ඉක්මන් කර එන්න...
කදුකරයේ ලස්සන මතින් ඔබේ ඇස් දුවන්නේ මහත් ආශාවෙන් වීම සතුටකි. අපගේ ගමන් වෙහෙස අමතක කරවන්නට මෙන් හඩදෙන නන්නාදුනන කුරුල්ලා කවුදැයි තවමත් මට හදුනා ගත නොහැක.
ඔබට හදුනා ගත හැකිද?
මගේ මිත්‍රයා, ඔබේ ගමන බාල වන්නේ වෙහෙස නිසාද? නැතිනම් ඔබේ ඇස් මේ ගස්කොළන් අතරේ අතරමං වන නිසාද?
කෙසේ හෝ අප දැන් තරමක් ඉක්මන් කළ යුතුය. මක් නිසාද යත් අපගේ පැමිණිම බලාපොරොත්තුවෙන් කෙනෙකු මග බලා සිටි. ඇය සිටින්නේ ප්‍රශ්නයකට මැදිවී නිසා නොඉවසිල්ලෙන් මග බලනු ඇත.
ඇයට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඔබ අසන්නේද?
ඒ පිළිබදව මා කිසිත් නොදන්නා බව කීම ඔබට පුදුමයක් වනු ඇත. එහෙත් ඈ මා වෙත එවු ලිපියේ ඒ පිළිබදව කිසිත් දක්වා නොතිබීම මටද ගැටළුවකි. කෙසේවුවද ඈ බැරෑරුම් ගැටළුවකට මුහුණපා ඇති බවක් ඒ ලියමනෙන් පැහැදිලි විය. එනිසයි මා ඔබගෙන් මේ සදහා උදව් ඉල්ලුවේ...
ඔබ ඉදිරිය දෙස විමසිල්ලෙන් බලන්නේ මක් නිසාද?
ඕ....හෝ....එසේ නම් අප ගමනාන්නයට පැමිණ ඇත. මටත් කලින් ඔබ එය හදුනාගත්තේ කෙසේද? ඇතැම් විට ඔබ අනුමාන කරන්නට ඇත.
ඔව් ඔබ සිතු පරිදිම ඉදිරියෙන් පෙනෙන නිවහන ඇයගේය. මා සිතුවේ අප එන තෙක් ඇය මගබලා සිටිනු ඇති කියාය. එහෙත් කිසිවෙකු පෙනෙන්නට නැත.
ඉන්න මම දොරට තට්ටු කරන්නම්.....
තව මොහෙතකින් ඇය පැමිණ අපව පිළිගනු ඇත. ඉන් පසු මෙතෙක් සිත පුරා පිරි තිබු සෑම ප්‍රශ්නයකටම ඇගෙන් පිළිතුරු ලැබෙනු ඇත.
දොරෙහි අගුල හැරෙන ශබ්දය ඇසේ. දැන් අපට ඇය දැකිය හැකි වනු ඇත.ඔබේ ඇස් පුදුමයෙන් මහත් වනු පෙනේ. ඔබ පමණක් නොව මා ද තිගැස්සුනේ ඔබේ ඇස් යොමුවු රුව දැකීමෙනි. ඒ ඇරෙන දොරින් මතු වුයේ ඇය නොවූ නිසාය. මා සිතුවේ මෙහි සිටින්නේ ඇය පමණක් කියාය.
එහෙත්??
(මේ කතාවට හොද නමක් යෝජනා කරන්න ඔබට පුළුවන්ද?)
දැන් ඉතිං දොරෙන් මතු වුනේ කව්ද කියල හිතන්න එපැයි... :)
ReplyDeleteහිතන්න හිතන්න...
Deleteම්ම්..කතාව නම් ලස්සනට යනවා.. හිතට දැනෙනවා..
ReplyDeleteනමක්.. ම්ම්. "නොනිම් චාරිකා" ජය වේවා...
ම්.. ඒ නමත් හොදයි වගේ. අපි බලමුකෝ
Deleteකථාවට නම "චංචලා" හොඳයි කියලා මම හිතනවා....
ReplyDeleteඇයි ඒ වගේ නමක් මතක් වුනේ
Deleteකථාවේ හැටියට ගෑන්ලමයා ගේ හිත චන්චල වෙලා කියලා හිතුනා....
Deleteස්තුතියි අදහසට...
Deleteරෙඩ් රයිඩින් හුඩ් කියලා තියෙන නමට මං කැමතියි.
ReplyDeleteහරිම කුතුහල සහගතව ලියලා තියෙනවා නංගි.වෙනස්ම විදිහක කතාවක්.
හැමදාම එකම වගේ ඇඩියාවක් ලියනවට වඩා හිතුනා වෙනසක් කරන්න
Deleteකෑලි කෑලි හින්දා එක පාර නොකියෙව්වට ඔක්කෝම එක පාර කියෝලා හොඳ නරක කියන්නං නංගියේ ඈ...
ReplyDeleteහා.. ලියලා ඉවර වුනාම කියන්නම්කෝ මම අයියට
Deleteඅනේ මන්දා.... ඇවිදලා මගේ කකුල් දෙකත් රිදෙනවා.....
ReplyDeleteඑල්ලිලා ඉන්න කූඩැල්ලෝ ටික අයින් කළාට පස්සේ කතාවට නමක් හිතන්නම්....
අයියෝ ඉක්මණට ඇතුලට යංකෝ............
තාම යන්නෙ කොහෙද අගක් මුලක් නැතුව කොහෙද නම් කියන්නේ... කතාව අහලා පස්සේ කියන්නම්......
අම්මෝ මම හිතුවේ නැ එච්චර මහන්සි ඇති කියලා. අපි ඉක්මනටම ඇතුලට යමුකෝ
Deleteකවුද දනේ නෑ අර දොරෙන් ආවේ ? හ්ම්ම්.. මම් කල්පනා කර කර ඉන්නේ :)
ReplyDeleteඅපෝ මම නම් කූඩැල්ලන්ට බය නෑ. උන් ටිකක් වෙලා කනකන් බලාගෙන ඉදලා අතින්ම ගලවලා ඇඟිලි වලින් ගුලි කරලා විසි කරනවා. හික්ස් :)
කතාව දිගේ ආවනම් ඉතින් දොර ඇරිය කෙනා කවුද කියලා දකින්න එපැයි... අම්මෝ ඔයා කූඩැල්ලන්ට කරන දේ සත්ව සංවිධානයකට එහෙම ඇහුනොත් නඩුත් දායි...
Deleteඔය පොඩි කූඩැල්ලෙක්ට මොකට බය වෙනවද... හික්ස් :)
Deleteකතාවනම් ගොඩක් හොදයි වගේ
ReplyDeleteස්තුතියි උමා
Deleteදොර අරින්න කවුරු එන්න ඇතිද ?
ReplyDeleteකවුරු කියලද හිතෙන්නෙ
Deleteකාලෙක ඉදල ඔයාගේ අකීකරු හිත කියවනවා... හිතෙන දේවල් ගොඩක් තියෙනවා..
ReplyDeleteඅකීකරු හිතින් කතාවක් දිගේ ඇවිද යන්න, කියවන්නා ග්‍රහණය කර ගැනීම උපරිමයි.
තවත් ලියන්න ඔබට ජය.. නිරෝගී සුව පතනවා.
ස්තුතියි ඔබට...
Delete