Tuesday, August 14, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 5

         අමන්දා ටිකක් වෙලා බලන් හිටියේ කතාව පටන් ගන්නේ කොතනින්ද කියලා හිතන්න වගේ. ඊට පස්සේ එයා කතාව පටන් ගන්න වගේ ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. මම හිතනවා ඔබත් ඇගේ කතාවට හොදින් ඇහුම්කන් දෙයි කියලා.
" අප්පච්චියි මායි මෙහෙන් ගියේ අපේ අම්මා නැති වුනාට පස්සේ. හදිස්සියේම අම්මා නැති වුනාම අප්පච්චි මෙහෙ ඉන්න වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒ නිසයි මාවත් එක්ක ගෙන අප්පච්චි ඕස්ට්‍රේලියා ගියේ. එයාට ඕන වුනේ නෑ ආයෙත් එන්න. ඒත් මම ආස කලේ මෙහෙට... අප්පච්චි අකමැති වුන නිසා මට එන්න විදිහක් තිබුනේත් නෑ. ඒත් දැනට මාස 4කට විතර කලින් අප්පච්චි ඇක්සිඩන්ට් වුනා.ඒකෙන් මට මගේ අප්පච්චිවත් නැති වුනා."
අමන්දා ගැන ලොකු අනුකම්පාවක් මට දැනුනේ එයා එයාගේ අප්පච්චිට මෙනතරම් ආදරේද කියලා දන්න හිංදා.
"අප්පච්චි නැති වුනාට පස්සේ මට එහෙ ඉන්න පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනෙ නැ. ඒ හිංදා මම තීරණය කළා අයෙත් ලංකාවට එන්න. මම  එනවා කියලා මෙහෙ කවුරුත් දැනන් හිටියෙ නෑ. අඩුම තරමේ පාල දන්නෙත් මම ආව දවසේ. මුල් දවස් දෙකේ පාල ඇවිත් ගේ සුද්ධ කරලා දුන්නා. ඇත්තටම මට මෙහෙ ආවම පුදුම සැහැල්ලුවක් දැනුනේ. කවුරුත් නොහිටියා වුනත් මම ඉපදුන දා ඉදලා හැදුනෙ වැඩුනේ මේ ගේ ඇතුලේ නිසා තනිකමක් දැනුනෙ නෑ..."
"ඒත් දැන් සති දෙක තුනකට කලින් ඉදන් සිද්ධ වෙන දේවල් එක්ක මගේ හිත හොදටම අවුල් වෙලා..."
" සිද්ධ වුන දේවල් කීවේ?"
 ඒ ප්‍රශ්නය මටත් නොදැනිම මගෙ කටින් පිට වුනා.
"පළවෙනි සිද්ධිය වුනේ මම ඇවිත් මාසයක් විතර ගියාට පස්සේ. මම ගෙදර ඉන්න නිසා අපේ තිබුන පරණ ගේට්ටුව අලුතින් හදලා ලොකු ඉබ්බෙකුත් දාලයි තිබුනේ. කාටවත් ඇතුලට එන්න විදිහක් නෑ. මම මේ සිද්ධිය වුන දවසේ උදේ පාන්දරම එළියට ආවේ පොඩ්ඩක් ඇවිදින්න හිතාගෙන. ඒත් මම ගේට්ටුව ලගට යද්දි මට හිතා ගන්න බැරි වුනා. ගේට්ටුව සම්පුර්ණයෙන්ම ඇරලා දාලා. කලින් දවසේ රෑ මමමයි ඒකට ඉබ්බත් දාලා ලොක් කරලා ආවේ. යතුරත් තිබුනේ මගෙ ළග.. මම හිතුවෙම හොරෙක් ඇවිත් කියලා. ඉතින් මම ඉක්මනටම ගේට්ටුව ළගට දුවගෙන ගියා. එතනදි දැක්කදේ මට කොහොමටවත් විශ්වාස කරන්න බැරි වුනා. ගේට්ටුවේ කොනක රෝස පාට සළුවක් එල්ලිලා තිබ්බා... ඔයා දන්නවද ඒක කාගෙද කියලා?"
අමන්දා ඒ ප්‍රශ්නේ අපි දිහා බලලා ඇහුවට ඒකට උත්තර බලාපොරොත්තු වුනේ නෑ වගේ. ඉතින් අපි බාධා නොකර අහගෙන ඉමු.
"ඒක මගේ අම්මගේ...."
"අම්මගෙ සළුවක් කොහොමද එතනට ගියේ?" බාධා නොකරනවා කියලා හිතුවට ඒ ප්‍රශ්නේ මට අහන්නම හිතුනා.
"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. අනික ඒ සළුව මට කවමදාවත් අමතක වෙන එකක් නෙමෙයි. මොකද මම අම්මව අන්තිමට දැක්ක දවසේ එයා එයා දාගෙන හිටියේ ඒ සළුව.... දැනට අවුරුදු 10 කට විතර කලින් මැරුණු කෙනෙකුගේ සළුව කොහොමද මෙතෙන්ට ආවේ කියලා මට හිතා ගන්න බැරි වුනා..."
"ඒක වෙන්න බැරි දෙයක්නේ... ඒක වෙන කාගේ හරි එකක් වෙන්න බැරිද.... "
ගොඩක් වෙලා අමන්දගෙ කතාව අහගෙන හිටපු ඔබ නගපු ප්‍රශ්නයට උත්තර බලාපොරොත්තුවෙන් මම ආයෙත් අමන්දා දිහාවට හැරුනා.
"නෑ ඒක අම්මගෙම තමා. මට හොදටම විශ්වාසයි ඒක මොකද ඒක අම්මට දුන්නෙ මමමයි. එයාගේ උපන්දිනේකට මගේ අතින්ම ගොතලයි ඒක දුන්නේ. ඒකේ කොනක මම මගේ නමත් ගැහුවා."
"හරි එතකොට මේ ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද?"
"මම දන්නෙ නෑ..... අම්මගෙ මිනියවත් හොයාගන්න බැරි වුන විදිහටයි එයාගේ කාර් එක කන්දෙන් පහළට වැටිලා ගිණි ගත්තේ. ඉතින් කොහොමද සළුව විතරක් ඉතිරි වෙන්නේ.."
"ඒකත් එහෙමද....ඒත් මේ වගේ සිද්ධියකට එච්චර කළබල වෙන එක හොද නැ නේද අමන්දා?" 
මම එහෙම කිවේ අමන්දා ඕනවට වඩා කළබල වෙලා කියලා හිතුන හිංදා. 
"ඇත්ත මේ දේට කලබල වෙන එක තේරුමක් නෑ තමයි. ඒත් ඊට පස්සෙත් මේ වගේ අමුතු දේවල් වෙන්න පටන් ගත්ත එක ගැන මට කළබල නොවි ඉන්න බෑ..."
"ආයේ මොනවද සිද්ධ වුනේ? ඔයා දිගටම කියාගෙන යන්නකො."
"එදා ගේට්ටුව ඇරලා තිබුනට හෙරෙක් පැන්න සළකුණක්වත් තිබුනේ නෑ.. ඒත් මම කෝකටත් පාලටත් ඒ ගැන කිව්වා. පාල මට වඩා පුදුම උනා සළුව දැකලා. ඊට පස්සේ හැම තැනම සෝදිසි කරලා බැලුවත් කිසිම වෙනසක් දකින්න ලැබුනේ නැ... ඒ නිසාම මම ඒ ගැන හොයන අමතක කරලා දැම්මා.  එදා ඉදන් මම හොදට මතක් කරලා ගේට්ටුව වහලා යතුරත් අරන් තියනවා. දවස් දෙක තුනක් යනකන් ආයෙත් කිසිම වෙනසක් වුනේ නෑ. ඒත් ටික දවසකට පස්සේ ආයෙමත් අර විදිහටම ගේට්ටුව ඇරලා දාලා."
"එදත් මොනා හරි තිබුනද ගේට්ටුව ළග?"
"ඔව් ".
"එදා තිබුනේ කළු පාට රෝස මලක්....."

"කළු පාට රෝස මලක්....??"
 ඔබ  එහෙම අහද්දි තමයි මට මතක් වුනේ ඔබත් මාත් එක්ක මෙතන ඉන්න බව... ඇත්තටම මම අමන්දගේ කතාව ලොකු ඕන කමකින් අහන් හිටියේ.
"ඔව් කළු පාට රෝස මලක් තමයි. එදා ඉදන් මේ වෙනකන්ම හැමදාම උදේ බලද්දි ගේට්ටුව ඇරලා දාලා ඒ පාමුල රෝස මලක් තියෙනව."
"ඔයාට හිතුනෙ නැද්ද රෑක බලන් ඉන්න මොකද මෙතන වෙන්නේ කියලා."
මගේ ප්‍රශ්නෙට අමන්දා උත්තර දුන්නේ  නළලත් රැළි කරගෙන.
"මම බලන් හිටියා. ඇත්තටම මටත් දැන ගන්න උවමනාවක් තිබුනා මෙතන මොකක්ද වෙන්නේ කියලා. යතුරක් නැතිව ඉබ්බා ඇරුනේ කොහොමද කියලා...අනික  මේ මල්??"
අමන්දා අත දික් කරලා පෙන්නුවේ ආලින්දයේ කොනක තිබුන කළුපාට රෝස මල් මිටිය....
ඇත්තටම මට පුදුම හිතුනා. මම කවදාවත් කළුපාට රෝස මල් දැකලා නැති නිසා. ඔබත් ඒ දිහා බලා ඉන්නේ ලොකු පුදුමෙකින් කියලා මම දන්නවා. 
"ඉතින් ඔයා බලා හිටිය නම් ගේට්ටුව ලග මොකද වුනේ කියලා දැන ගන්න ඇතිනේ?"
"මම අර අතන තියෙන පුටුවට වෙලා  දවස් දෙකක් බලන් හිටියා.... ඔයාලා දන්නවනේ මෙහෙ රෑට මොන තරම් මීදුමද කියලා... සමහර වෙලාවට මොනවත්ම පේන්නේ නෑ... ඉතින් එලියෙ වෙන දේවල් හොයා ගන්න විදිහක් තිබුනේ නෑ. අනික මට තනියම එළියට වෙලා බලන් ඉන්න බය හිතුනා. පාල වුනත් කැමැත්තක් දැක්කුවේ නෑ. ඒ මනුස්සයා මට වඩා බයයි. මනුස්සයා හිතන් ඉන්නේ  මේ ගෙදර හොල්මන් තියෙනව කියලා. මට ඉවසගන්නම බැරි  ඒ මගේ අම්මයි කියලා හිතන් ඉන්න එක."
 ඒ වෙලාවෙ නම් අමන්දගේ කටහඩේ තියෙන්නේ ලොකූ කේන්තියක් කියලා ඔබටත් දැනෙන්න ඇති.
"අමන්දා ඔයා අත්භුත දේවල් ගැන විශ්වාස කරනවද ?" මම එහෙම ඇහුවේ එයාව තවත් කේන්ති ගස්සන්න නෙමෙයි.
"ඔයාට පිස්සුද? මම ඒ මනස්ගාත කීයටවත් විශ්වාස කරන්නේ නෑ.  මේක කවුරුහරි කරන දෙයක් කියලයි මට හිතෙන්නේ....ඒත් මට හිතා ගන්න අමාරු ඇයි එහෙම කරන්නෙ කියලා."
අමන්දා එහෙම කියාගෙන අපි දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ. මට නම් කිසිදෙයක් හිතා ගන්න බෑ. හැබැයි මේක අත්භුත දෙයක් නම් වෙන්න බෑ.. ඔබ මොකද හිතන්නේ?













15 comments:

  1. අම්මෝ බය හිතෙනවනේ... අපිව හොල්මං බංගලාවකටද එක්කගෙන ගිහිං තියෙන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. අපෝ පටන් ගන්නකොටම බය වෙලානේ... ඔහොම බය වෙලා බෑ

      Delete
  2. matath baya hithuna eth lassana kathawak oya lassanata liyanawa yalu

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා යාළු... අපි බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා

      Delete
  3. බය හිතෙන සීන් එකකටද එන්න හදන්නේ.....

    ReplyDelete
    Replies
    1. නෑ. බය හිතෙන එකක් නෑ

      Delete
  4. රෝමෝද්ගමනයත් උනා.. මරු මරු..
    මේක හොල්මන් කතාවක් වගේ. ඒ වගේම මේ ස්ටයිල් එකත් මරු !

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පේ මේ උනයි කීවේ? හිකිස්!!!!

      Delete
  5. මරු මරු.. හැබැයි දැන් නම් මට හිතෙනවා කොටස් හතරක් පහක් යන්න දීලාම ආයේ බලන්න.. එතකොට එකදිගට කියවන්න පුළුවන්නේ.. මෙහෙම නවත්තන්න හිතෙන්නේ නැ අනේ..

    ReplyDelete
    Replies
    1. මම ටිකක් දිගට කතාව දාන්නම්

      Delete
  6. නිවාඩු පාඩුවේ අනිත් කොටස් ටිකත් කියෝලම එන්නම් . .

    ReplyDelete
    Replies
    1. හා අයියේ වෙලාවක් තිබුනොත් කියවන්න

      Delete
  7. අඩේ මේක හරි යන් නෑ... ඇයි වදේ... කලින් කියන්න එපැයි....
    කිව්වනං මං පරන පෙට්ටගමක් අවුස්සලා ෂර්ලොක් හෝම්ස් හො දුම් පයිප්පෙයි, ටිං ටිං ගේ ලොකු කරලා බලන කණ්ණාඩියයි සාක්කුවෙ දාගෙන ස්නෝවිවත් ලණුවකින් ගැට ගහගෙන එනවනේ.....

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං බය නොවුන එක්කෙනෙක් හරි ඉන්නව...
      කලින් කියන්න විදිහක් තිබුනේ නෑනේ හිරු.... අනික හොද වෙලාවට නොකීවේ එයා ස්නෝවිවත් ගෙනාවෙත් ඉවරයි.. ( මම බල්ලන්ට බයයි අනේ)

      Delete
  8. හොරර් කතාවක් වගේ, නේද?

    ReplyDelete