Thursday, July 19, 2012

ඔයාටත් බැරිද ඒ මල වගේ මගේ හීන පස්සෙන් එන්න.....

ගරා වැටුනු පාළම අද්දර අරලියා ගහ මලින් වැහිලා...
බිම වැටුනු මල් දකිද්දී හිතට කොහේදෝ තිබුන දුකක් කාන්දු වෙනවා වගේ දැනෙද්දි.. ඒ හැගීමෙන් මිදෙන්න මම ඔහු දෙස බැලුවා..
ඒ ඇස් ඈ...ත.. අහසේ.......
මොනවද ඔච්චර කල්පනා කරන්නේ?
අර.... අහසේ අශ්ව කරත්තයක් යනවා.......
ඔහු ඇගිල්ල දිගු කර දිහාවට ඇස් යැව්වා.....
ඒක අශ්ව කරත්තයක් නෙමේ...
එහෙනම්...??
ඒක ගොං කරත්තයක්...අර තියෙන්නේ ගොනාගේ අං දෙක....
මම කැමතිම විදිහෙ හීන් හිනාවක්...
ඒත් මම කැමති ඒක අශ්ව කරත්තයක් කියලා හිතන්න
ඇයි ඒ?
නිකං... මම ඒකට කැමති නිසා.......
මම දන්නවා..
මොනවද?
ඔයා හීන දකින්න කැමතියි කියලා....
ඔව්... මම හීන දකින්නෙක්...!!!!!!
ඔයා කැමති නැද්ද හීන දකින්නෙක්ට???
හීන කියන්නේ වචන ගොඩකට.....
ඔව් මම කතා කරන හැම වචනයක්ම මගෙ හීනයක්......
ඇත්ත..ට.... එහෙනම් ගගට එබිලා කතා කරන්න එපා...වචන ටික ගගට වැටිලා ගහගෙන යයි....
ඉතින් හොදයිනේ...
ඇයි හොද? වචන කියන්නේ ඔයාගේ හීනනේ??
මගේ හීන ගග දිගේ ගහගෙන ගිහින් එයාට හොද තැනක නතර වෙයි...
හ්..ම්ම්......................


අර ...... අරලියා මල් පිරී...ලා...
අපරාදේ...........
මල් පිපෙන එක අපරාදයක් වෙන්නේ කොහොමද??
පිපෙන එක නෙමෙයි... ගහ මුලම පරවෙන එක... අපරා...දේ...!!!
ඔහු මලක් ගෙනවිත් මා හිසේ ගසා සිනාසෙයි......
දැං මේ මල වාසනාවන්තයි......
ගහ මුලම මැරෙනවට වඩා වෙනස් අත්දැකීමක් එයාට......

ඇයි ඒ මල වතුරට දැම්මේ????
එයා වාසනාවන්ත නිසා.... කවදාවත් මලකට දකින්න බැරි දේවල් මේ දියපාරත් එක්ක යද්දි එයි දකීවිනේ.....
ආයෙමත් ඒ මුණේ ලාවට හිනාවක්........
සමහර විට මලට මගෙ හීන හම්බවෙයි නේද.........
සමහර විට.........
ඔයාටත් බැරිද ඒ මල වගේ මගේ හීන පස්සෙන් එන්න.....
අනේ මංදා.... මට ගහ අතාරින එක ලේසි වෙන්නේ නෑ....
ඔයාට පුළුවන්නේ ගහ මුලට එන්න....
බෑ......... මම දැන් ගගට බැහැලා ඉවරයි....
පේනවට වඩා මේ ගග ගැඹුරුයි...ඒත් හරී...... සුන්දරයි................
මට මේ යකඩ වැටට උඩින් ගගට පනින්න හයියක් නෑ......
එහෙනම්...ඔයාටත් වෙන්නේ ගහ මුලම මැරිලා යන්න..කිසිම වෙනසක් නැතිව.......
හ්ම්ම්ම්...............
එහෙනම් ඔයා දැං යන්න......
ඒත් කවදා හරි හීනයක් දකින්න ඕන වුනොත් ගං ඉවුරට එන්න....
මම නැතත් මගේ හීන ඔයාට ගොඩක් දේවල් කියලා දේවී...........


11 comments:

  1. මෙන්න මේ ලිපිය කියවගෙන යනකොට මට මතක් උනේ පොලියානව. පොලියානා කියන්නේ පුංචි කාලේ ඉදන්ම මුකුත් ලැබුනේ නැති පුංචි දුවෙක් !!

    එයාට ඒයාගේ අප්පච්චි පොඩි කාලේ ඉදන්ම හුරු කරලා තියෙනවා හම දේකම සතුට හිතන පැත්තක් ගැන හිතන්න.

    අන්න ඒ වගේ කතාවක් තමා මේක. තමන්ට නොලැබෙන දේකට දුක් වෙනවට වඩා ලැබෙන දේ ගැන සතුටු වෙන්න පුලුවන්.

    ලස්සන සිතුවිල්ලක් නංගි !!!
    ඒක නෙමේ අර ඔයාගේ පොත් වල පිටකවර වල දාපු කවි ටිකක් අපට කියවන්න බැරි වේද... :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒ පොත කියවල තියනවා ඔව් . හරිම ලස්සනයි අක්කේ

      Delete
    2. පොලියානා හරිම ලස්සන පොතක් තමයි අයියා... මමත් ගොඩක් ආසාවෙන් කියවපු පොතක්... ස්තුතියි ඔයාලා දෙන්නටම......

      Delete
  2. හොඳ හීනයක්... අපිටත් ​ඉගෙන ගන්න දේවල් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හැම දේකින්ම මොනා හරි ඉගෙන ගන්න පුළුවන්නේ නේද

      Delete
  3. ලස්සන සීනයකි...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දකිද්දි මට මතක් වුනේ සින්දුවක්...

      Delete
  4. Replies
    1. ස්තුතියි හිතුවක්කාරි

      Delete