Friday, December 31, 2010

එන්න අපි ගයමු අපේ ජිවිතේ ගීතය....

මේ උදා වෙන්නේ අලුත් වසරක්... අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුවක්...මේ බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරන්නේ...ඉතින් අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තුවක් පොදි බදිමු...

ඔයාව ජිවත් කරන්න පුළුවන් බලාපොරොත්තුවල තියෙන අහිංසක මුදු දිස්නයට ඇස් මත‍ට වැටෙන්නට ඉඩ දෙන්න...... හෙමින් හෙමින් මුළු ලෝකයටම රහසේ ඒ බලාපොරොත්තු තමන්ගේ ආත්මයට ලං කර ගන්න....ඔය ආත්මයත් එක්ක බද්ද වෙච්ච හැම පුංචි නහරයක් දිගේම ඒ බලාපොරොත්තුව යවන්න.. රිදිලා පලුදු වෙලා තියෙන ඔය හිත ඒ බලාපොරොත්තු වලින් උනුසුම් කරන්න.. දැන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන්
දුක් විදින්න පටන් ගන්න....දුක් නොවිද  බලාපොරොත්තු  වලට පණ දෙන්න බෑ...ගෙවෙන හැම තත්පරයක්ම පාසා බලාපොරොත්තු වෙනුවෙන් ආශාවල් කෝටියක් වුනත් කැප  සුදානම් වෙන්න... ඒ බලාපොරොත්තුව වෙනුවෙන් උදේ හවා හීන දකින්න... ඒ තුල ජීවත් වෙන ටික දවසකින්ම දැනේවිබලාපොරොත්තු හුස්ම ගන්න හඩ ... ඒ හඩට කන් දෙන්න.. ඒ ජීවිතේ ගීතයයි...
ඉතින් එන්න අපි ගයමු අපේ ජිවිතේ ගීතය....

උදා වෙන
ලස්සනම
හිරු එළියත් එක්ක
නුඹෙ සියලු දුක්
පිණි මෙන් වියකෙන්න...

සිනා මල් දෝත දරා ගෙන
මා එක්ක හිනහෙන්න...

මගේ පැතුම් පිළි ගන්න..
සුබ නව වසරක් මගේ යාළුවෝ හැමෝටම....

5 comments:

  1. සුභම සුභ නව වසරක් වේවා, ආදරණීය අකීකරු හිතටත්...

    ReplyDelete
  2. සුභම සුභ නව වසරක් වේවා අකීකරු හිතට කෙසේ වෙතත් ඔයාට.....:-D

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා !! ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  4. සුභ නව වසරක් සුදු නංගී...ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත්!!!

    ReplyDelete
  5. හ්ම්ම්.. 2010 ඉවර උනා මේ දැං. තව 38 යි....

    ReplyDelete