Thursday, December 9, 2010

හිත ඇතුලේ අනවසර ඉදිකිරිමක්


වැට කඩුළු බැද රැකගත් හිතට
දඩබ්බර හොරෙක් ඇතුළු වූ සද
කෙසේ  ආවේදැයි සොයන ඩිංගට
ඉවරය මාලිගාවද සාදා හිත උඩ.....

"අනවසර ඉදිකිරිමකි" මෙය
මගෙ රැවුම් ගෙරවුම් මැද
අහිංසකව හිනා වුන නුඹ
කීවා හැකිනම් බිදිනා ලෙස

නිදහසේ උන් සිත 
අවුල් කල වරදට
වෙර දැරිමි බිදින්නට 
නුඹෙ හැම හීනෙම....

බිදපු හැම හීනෙම 
යළි යළිත් දළුලන විට
තවතවත් බිදලන්නට
දිරිය නෑ දැන් ඉතිරිව....

මට මගේ හිත ආයෙම
දෙනු මැනවි අයදිමි මම..
හඩන්නට බෑ තව
යනු මැනවි නොකියම...


7 comments:

  1. ඔය වගේ අනවසර ඉදිකිරීමක් මගේ හිතෙත්....

    ලස්සනයි අක්කා...

    ReplyDelete
  2. ලස්සනයි..මේ මටත් ඕක දවසක වෙයි නේද

    ReplyDelete
  3. අනවසර ඉකිර්‍රිමක් නේද ...කඩලා දාන්න එහෙම ලේසියෙන් බෑ කාටවත් ..වන්දියක් ඉල්ලන්න සහෝදරී ..

    ලස්සනයි ..

    ජයවේවා !!

    ReplyDelete
  4. මාර ම අදහසකි, පදවැල් වලින් ඒය තවතවත් අලOකාර වී ඇත.
    ජය වේවා

    ReplyDelete
  5. ඉදිකිරීම කරන්නේ හොරාට වඩා තමාමයි නේද තමන් තුළ... ඒත් ඒ ඉදිකිරීම තමයි ලෝකයට ජීවය සපයන්නෙ.

    ගොඩාක් ලස්සන අදහසක්....

    ReplyDelete
  6. බිඳ දමනු බෑ මගේ හීනය
    නුඹයි පාදම මාලිගය තුල
    අවැසිනම් එය සුනු කරන්නට
    නුඹට සිදු වෙයි මහැර යන්නට

    අත්තිවාරම නැති ලෝකයක් තුල
    බැම්ම වී මට, සවිය වී මට
    නුඹේ හිත මත තැනු මාලිගය
    කඩනු බෑ... උඹ ලෝභයි එයට

    ReplyDelete
  7. අයලේ ගිය මගේ දිවියට
    අරුත් දුන්නේ නුඹම වුන සද
    සුන් වුනොත් මේ හදපු මාළිග
    යලිත් නොහැකිය ගොඩනගන්නට
    දැනෙයි විලසට
    සුනාමිය විත් ගියපු ලෙසටම

    ReplyDelete