Saturday, December 4, 2010

අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද ඔය ජරාව බොන්නේ??


 දයාබර අයියේ
ජිවිතේ කියන්නේ හරි අපුරු දෙයක්...”  මෙච්චර සැර කුනාටු ජිවිතේ පුරාම හමද්දිත් මට එහෙම හිතෙනවා.... මට හිතෙන්නේ දුක් විදින එකෙත් අමුතුම රසයක් තියෙනවා කියලා... මෙහෙම කියද්දි ඔයා කියයි මට  පිස්සු කියලා.. දුක් විදින එකේ මොන රසයක්ද කියලා අහයි... අනේ මන්දා.. ඒත් ඒ ම‍ට හිතෙන විදිහ..
                          අපිට දුක ගැනත් සරලව හිතන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න අඩුයි කියලයි මම හිතන්නේ...ගොඩක් අය ජිවිතයට පුංචි ප්‍රශ්නයක් ආවත් පුදුම විදිහට කඩා වැටෙනවා...ඒත් හැම වෙලාවෙම මතක තියා ගන්න අපිට වඩා දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.. සමහරු ප්‍රශ්න වලට බයේ පැනලා යනවා..ජිවිතේම දාලා යනවා...එහෙමත් නැත්නම් තමන්ගේ ජිවිතේ අරක්කු බෝතලේකට උගස් කරනවා...
                                    විශේෂයෙන් ආදරෙන් පැරදුනාම ගොඩාක් අය මේ තත්වෙට වැටෙනවා.. ඒත් මම නම් කියන්නේ ආදරෙන් ඇති වෙච්ච දුක නැති කරගන්න කව්රුහරි බොනවනම් ඒ මනුස්සයා තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නේ නැති කෙනෙක් කියලා...තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නෙ නැති කෙනෙක්  කොහොමද තව කෙනෙකුට ආදරේ කරන්නේ... මම මෙහෙම කියනකොට ඔයාගේ හිත රිදේවි...... ඒක මම දන්නවා.. ඒත් ඒක නේද ඇත්ත..මම දන්නවා ඔයා වගේ ගොඩක් අය ඉන්නවා.. ආදරේ නිසා .. ජිවිතේ තියෙන ප්‍රශ්න නිසා මිවිතට ජිවිතේ දන් දුන්න... ගොඩක් සංවේදි හිත් තියෙන ඒ වගේ මිනිස්සු ඒ වගේ විනාස වෙන්න හදන්නේ ඇයි කියලා මම දන්නෙ නැ...ජිවිතේ ප්‍රශ්න එනවා තමයි ඒත් ඒවා විසද ගන්න නම් හොද සිහියක් තියෙන්න ඕන නේද? මම එහෙම කියද්දි ඔයා කියයි “කියන්න නම් ලේසි..කරන්න තමයි අමාරු” කියලා..ඇත්ත කටට එන වචන ටික කියන්න ලේසි.. කරන්න අමාරුයි.. ඒත් අමාරුවෙන් හරි කලොත්...??
                                 පොඩ්ඩක් හිතන්න අම්මා ගැන...එයා ජිවිතේ මොන තරම් දුක් විදින්න ඇද්ද? අපිව හදන්න..අපට කවන්න පොවන්න ලොකු මහත් කරන්න..ඒ වගේම එයාට ජිවිතේ මොන තරම් ජිවිතේ ප්‍රශ්න තියෙන්න ඇද්ද? අපේ අත්තම්මා කියන්නේ අම්මාටත් අහසටත් නිවනක් නෑ කියලා.. ඒකේ තේරුම එයා මොනව කලත් බැනුම් අහන්න වෙනවා කියලා..ළමයෙක් වරදක් කලත් බනින්නේ අම්මට... ඉතින් එයා මොන තරම් නම් දුකක් උහුලනවද?මේ වගේ ප්‍රශ්න කියලා අපේ අම්මලා ජිවිතෙන් කවදාවත් පැනලා ගියාද?? එයාලා දුක නිවා ගන්න කියලා අපේ අයියණඩිලා වගේ බෝතලයක් අතට ගත්තද??? නෑ නේද? අම්ම කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නැත්තේ එයා එයාගේ ජිවිතේට ආදරේ නිසා..එයාගේ ජිවිතේ කියන්නේ එයාගේ දරුවො ටික.. ඉතින් ඒ වගේ අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද ඔය ජරාව බොන්නේ??  පොඩ්ඩක් හිතන්න... අම්මෙක් එයාගේ ලේ ටිකයි කිරි කරලා අපට පොවන්නේ... එයාගේ ඒ ලේ ටිකට කරන අගෞරවයක් නෙමෙයිද ඔය ජරාව බොන එක.. මම දන්නවා ඔයා අම්මට ගොඩාරියක් ආදරේ බව.. ඉතින් ඒ හිත රිද්දන්න එපා..
                  මම දන්නවා තමන් බලාපොරොත්තු වෙන ජිවිතේ..ආදරේ නොලැබුනාම ජිවිතේ එපා වෙනවා.. කලකිරෙනවා... ඒත් එහෙම කියලා ජිවිතෙන් පැනලා යන්න නම් ඇයි අපි ඉපදුනේ.... ඔයා දන්නවද සමහර වෙලාවට ජිවිතේ නරකම  කාලෙදි තමයි ජිවිතේ හොදම දේවල් වෙන්නේ... ඔයා හැමදාම ජිවිතේ වැහුනු දොරක් ලගට වෙලා කොච්චර බලන් හිටියත් වැඩක් නෑ.. පොඩ්ඩක් වටපිට බලන්න ඔයා නොදැකපු දේවල් ගොඩයි....
ඇස් අරින්න..බලන්න වටේටම... ඔයා හිතන රටාව වෙනස් කරන්න.. ඊට පස්සේ ඔයාට තේරේවි මේ ජිවිතේ ඒ තරම් නරක නැති බව....
                                                                   මේ චුටි නංගා



12 comments:

  1. ආදරනීය නංගෝ...
    පළමුවෙනි වතාවටයි මෙසේ හැදුනුමක් නොමැතිව පිලිතුරක් ලියන්නට සිදු වූයේ.
    ඔබ කිවෙ මා හටනම්,
    මා මෙසේ කියමි,

    කිසිදු අපහසුවකින් තොරවම අද මෙ මොහොතේ සිට වූවද මෙය නවතා දැමිය හැක.එය මා හට අපහසුවක් නොවෙ.
    නමුත් එය සිදු කරන්නේ මන්දැයි මට නොතේරෙ.
    මන්ද,
    තව දුරටත් ජීවිතය හෝ..ජීවත් වීම පිළිබඳව මාහට කිසිදු ඇල්මක් හෝ උවමනාවක් නොමැති හෙයිනි.

    එසේම ඔබ කියන්නේ අම්මා ගැන සිතා හෝ මෙය නවතා දැමීමට නම්, කණගාටුයි නංගෝ..මෙවන් තත්වයකට මා පත්වීමට හේතු වූ කිසිවෙක් නිසා හෝ මෙය නවතා දැමීමට මට උවමනා නැත.
    කිසිවකුට ගැරහීමට හෝ, අතීතයේ කුණු අවුස්සාලීමට මා නොකැමැත්තෙමි.
    මට කිසිවකුට සමාව දීම ගැටළුවක් නොවෙතත්, අප්‍රියන් හා දිගින් දිගටම විසුම මා නොකැමැත්තෙමි.

    එසේම ඔවුන් නිසා මාගේ ඇවතුම් පැවතුම් කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට මට උවමනාවක්ද නැත.

    ඔබ නොදන්නවා විය හැක.ඇත්තෙන්ම ඔබ දන්නේ නැත.
    එබැවින් සංකීර්ණ මාතෘකාවක්, කෙටි ලිපියකින් විග්‍රහ කිරීමට යාම සුදුසු නොවන බව මාගේ හැගීමයි.
    නැගණියක් නොමැති මාහට ඔබගේ සොයා බැලීම බොහෝ අගනේය.
    නමුත් සමා වෙන්න.
    දැන දැනම වූවද වරද මා නිති කරන්නෙම්.
    සමාජයට වරදක් ලෙස පෙනුනද, එය මාහට එසේ නොදැනෙනා තුරාවට..

    මෙයට ආදරනීය අයියා..

    ReplyDelete
  2. නමක් නැතිව ආවත් ඔයා කවුද කියලා මම දන්නව අයියේ... මේක ලියද්දි මට අයියවත් මතක් වුනා..ඒත් මම දන්නව මං කියන දේ ඔයා අහන්නෙ නැති වග.....මේ ලිපියෙන් හිත රිදුනනම් මට සමාවෙන්න.. ඒත් මම කිව්වෙ ඇත්ත..මම දන්නව මගේ වචන වල වැදගත් කමක් නැති විත්තිය.. ඔයා විතරක් නෙමෙයි මගේ අයියත් ඔය වචන ඔහොමම කියනවා... ඒ වචනත් එක්ක හැමදාම මම තර්ක කරනවා.. ඒත් ඒ තර්ක වලින් හැමදාම මම පැරදුනා..ඒත් මම පසුතැවෙන්නේ නෑ මගේ උත්සහය අතාරින්නෙත් නෑ..ජිවිතේ හැමදාම පැරදුන මම කවදාහරි දිනනවා.. කවදා හරි ඔයාලා මං කියන දේ තේරුම් ගනිවි.. සමහර විට එදාට මම නැතිවෙයි... ඔයා කියනවා වගේ මම ඔයා ගැන නොදන්නව ඇති..ඒ වගේම ඔයා මාව හරිහැටි දන්නෙත් නෑ.. අයියේ මට එක දෙයක් කියලා දෙනවද ඔය විදිහට බොන එකෙන් ඔයාට මොනවද ලැබුනේ? ඔයාලා කරන්නේ හරි දෙයක් කියලා හිතෙනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ පුරුදු විදිහටම කරන්න.. සමහර විට මම වැරදි ඇති..ඒත් මම ඒක වැරදි කියලා පිලිගන්නේ නැ.. ඔයා මාත් එක්ක තරහ වෙයි සමහර විට..ඒත් මේ නංගි කියපු දේවල් ටිකක් හිතන්න..

    ReplyDelete
  3. නංගියේ අයියා හැමදාම ඔයාව තර්කයෙන් පැරැද්දුවට,
    මට එහෙම කරන්න උවමනාවක් නැහැ.
    ඔයා කියලා තියෙන දේවල් බොරුයි කියලා මම කියන්නේ නැහැ.
    ඒත්,
    නංගියේ නොබී හිටිය කියලා මට මොනවද ලැබුනේ?
    නංගියේ මිනිහෙක් බොන්නේ මුකුත් ලබා ගන්න කියලම හිතන්න එපා.

    එක්කෝ අපි මෙ කතාව නවත්තලා දාමු..
    හිත් රිදෝගන්නවට වඩා ඒක හොඳයි..

    අනිත් අතින් සමා වෙන්න,
    ඇත්තටම ඒ වචන ටික මටම ලිව්වා වගේ තමයි.
    ඒකයි මම එහෙම ලිව්වෙ.
    මම දන්නවා නං ගං නැතුවාට ඔයා මාව අදුරනවා කියලා.
    හරි මෙ කතාව මෙයින් අවසානයි.
    කැමතිනං මෙකයි අර කළින් මම දාපු එකයි දෙකම මකලා දාන්ට.
    මෙ අයියා

    ReplyDelete
  4. මචං ඇනෝ,

    ඔයාට මොන හේතුවක් නිසා ජීවිතේ එපා වෙලා තියනවද කියන්න මම දන්නෑ. හැබැයි ජීවිතේ ආපහු රසවත් කරගන්ඩ ඕනෙ තරම් ක්‍රම තියනව.

    බොන එකෙන් විනෝදයක් ලැබෙනවද කියන්ඩ මම දන්නෑ. හැබැයි ‍එකෙන් ඔයාට ආදරේ කරන ‍හැමෝටම දුකක් දෙනව කියල තේරුම් ගන්ඩ.

    Not to mention that you are shortening your lifetime bit by bit.

    Please think about what I am saying.

    Find a hobby, make some friends, listen to music, watch a movie and try to start your life over again. Its thousand times better than just dying with regret.

    Stop worrying about problems that you cant solve. Just ignore them. Believe me, that's what keeps me alive too.

    ReplyDelete
  5. කාටහරි බීමත් කමින් නිදහස් වෙන්න වුවමනාවක් ඇත්තටම තියෙනවා නම් මේ ලිපියේ තියෙන ටික හොඳටම ඇති මං හිතන්නේ.

    ReplyDelete
  6. මගේ නෙතඟ කඳුළක් තිබේ.සමහර විට අම්මා ගැන මතකය,අදටත් දැනෙන ඒ ආදරය නිසාවෙනි.දැනෙන දුක පොඩ්ඩක් හෝ නිවා ගැනීමට මම මෙය ලියමි.මට මේ ලෝකෙ කවදාවත් මා පැතූ ආදරය ලැබුනෙ නෑ.මගේ ලෝකෙ මට ඉන්න අම්මා වගේම මගේ මල්ලියාගෙනුත්.මල්ලි මාව දාලා ගොඩක් දුර ගිහින්.මට දැනෙන දුක මම දරාගෙන මුළු ලෝකෙටම පේන්න මට හිනා වෙන්න පුළුවනි.මම ඒක ලස්සනට කරනවා.ඒත් මට මේ දුක දැනෙන කොට මම කරන්නෙ තනියට අඬන එක.ඒක මට අන්තිමට ලොකු සැනසුමක් ගෙනෙනවා.ඒත් මම බොන්නෙ නෑ.මම දන්නවා බීලා දුක නිවා ගන්න බෑ.ඒක තාවකාලිකයි.මම මගේම පාළු ලෝකෙක හැමදාම ජීවත් වෙනවා.තනියම ජීවිතයට මූණ දෙනවා.ඒත් ඇයි අයියලා..උඹලට බැරි..නොයෙක් තර්ක විතර්ක වලින් ඔයලට දිනන්න පුළුවනි.ඒත් ඒක සැබෑ දිනුමක්ද..
    මම ගැන කිව්වොත් යාළුවො කීප‍ දෙනෙක්ම මාව දන්නවා.අක්කියෝ ඔයා වුනත්...

    ReplyDelete
  7. ඇයි කවදාවත් බීපු නැති මිනිස්සු බොන මිනිස්සුන්ව නවතන්න හදන්නේ එක කරන්න බැරි දෙයක්.
    මිනිස්සු දුකට බොනවා කිව්වට මම නම් කියන්නේ කට්ටිය බොන්නේ ආතල් එකට?
    ගානට බිල වැදුනම සින්දුවක් දල නටන්නකෝ බලන්නේ කොච්චර ආතල් ද බලන්න?
    පාවී පාවී නටද්දී... :P

    ReplyDelete
  8. මත් පැන් බොන කෙනෙක් හැටියට මට මොනවත් කියන්න බෑ .....සමාවෙන්න සහෝදරී !

    ජයවේවා !!

    ReplyDelete
  9. ලාවට පොඩි ශොට් එකක් දාලා සොෆ්ට් music එකක් දගෙන ඉන්න කොට ආතල් එක......:) Anonymous දුක පරදලා ආතල් එකෙ ඉන්න බලපන් උඹ්බට කවුරු නෑති උනත් උඹ්ට උඹ් ඉන්නවා කියල හිතපන් ..

    ReplyDelete
  10. මම දකින විදිහට කෙනෙක් මත්පැන්/දුම්වැටි පානය කරල අන් අයට කරදරයක් හිරිහැරයක් වන විදිහට හැසිරෙනව නම් ඒ දේ වැරදියි. එහෙම නැතිව කිටවත් කරදරයක් ගැටළුවක් ඇති නොකරනව නම් ඒකෙන් ගැටළුවක් නෑ නේද ?
    අනික අපිට කාටවත් කියන්න පුළුවන්ද මත්පැන්/දුම්වැටි බොන එක වැරදියි කියල? ඒ වගේම කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් නිසා මත්පැන්/දුම්වැටි බොන එක වැරදියි කියල කියන්නත් බෑ නේද? අපි මේවාට ජරාව කියල කියනව නම් අපි කන බොන වෙනත් මෙවැනි දේ නැතිද ?

    අද සමාජයේ බහුතරයක් ජීවිතය දකින්නෙ මහ අමුතු විදිහට. සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලන්න පුළුවන් නම් හැමදේම සුභවාදීව ධාරණය කරගැනීමේ හැකියාවක් තියෙනව කියල මම සිතනව. අපි බහුතරයක් හිතනව මත්පැන්/දුම්වැටි වලින් ප්‍රශ්න රාශියක් ඇතිවෙනව කියල. නමුත් නිවැරදිව එය භාවිතා කරන්නේ නම් කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ කියල මම දකිනව. අපි මේ ජීවත්වෙන සමාජය තුල නොයෙකුත් පුද්ගලයන්නෙ විකාර අදහස් තුලින් එක එක දේ මිනිස්සුන්ගෙ ඔළුවට දාන නිසා තමා මේ වගේ දේවල් ගැටළුවක් වෙලා තියෙන්නෙ. අපි සංස්කෘතිය කියල රාමුවක් හදාගෙන ඒ රාමුව තුල ජීවත් වෙන්න උත්සහ ගන්න නිසා මෙන්ම බහුතරයක් එවැනි මත වල ජීවත් වෙන නිසාම සමාජයේ නොයෙකුත් ගැටළු ඇති කරනව. එහෙම නෑ කියනව නම් මත්පැන්/සිගරට් නිසා ඔයා මේ දකින ගැටළු දියුණු රටවලත් තිබිය යුතුයි.

    ReplyDelete
  11. ඔය මට උඩින් ඉන්න Ano ගේ කීමට එකඟ වෙමි.

    ReplyDelete
  12. මත් පැනෙන් ජීවිතේ දුක වහන්න හදන මිනිස්සු තුල හරිම සුන්දර උදවියත් ඉන්නව නංගා........... මතට ලංවෙන එක මාත් අනුමත කරන්නේ නැහැ.. ඒ කත් හරියට චතුරාර්්‍යසත්‍යයය වගේ තමයි

    ReplyDelete