Tuesday, November 16, 2010

හොර වෙද්දු සහ පණ පිටින් වල දැමීම...............



වෙද මහත් (හොරු) මට මතක් වෙනකොටත් ඇතිවෙන්නේ පුදුමාකාර කේන්තියක්.. මං කියන්නෙ නෑ හොද වෙදමහත්තුරු නෑ කියලා... ඒත් මම නම් දැකපු තරමක් දැක්කෙ හොර වෙද්දු.. මගේ අසනීප තත්වෙත් එක්ක මාව මේ ලංකාවේ ඉන්න ගොඩක් වෙද්දු ලගට ගෙනිච්චා....
එක වෙදෙක් කීවා “ මට පුළුවන් මේ ‍ලෙඩේ හොද කරන්න. ඒත් ඒකට මේ කකුල කඩලා ආයෙත් හදන්න ඕන කියලා..” අපෝයි ඒක අහපුවම මට කලන්තේ නොදැම්ම එක විතරයි.ඔන්න ඉතින් මං පටන් ගත්තා හූ තියන්න... කාටද දෙයියනේ තමන්ගේ අතක් පයක් කඩනකන් බලන් ඉන්න පුළුවන්... ඒත් මගේ කෑ ගැහිල්ලෙන් පලක් වුනේ නෑ... ඔන්න වෙදා හරිබරි ගැහිලා වාඩිවෙලා පටන් ගත්තා වැඩේ.. මට හෙල වෙන්නවත් හැටියක් නෑ මොකද දෙතුන් දෙනෙක් මාව අල්ලන් හිටියේ...
අන්තිමට මම බලන් ඉද්දිම මගේ කකුල කැඩුවා... ඒක මතක් වෙද්දි තවමත් මාව හිරි වැටිලා යනවා......උන්දැ මගේ කකුල කැඩුවට ආයේ හැදුවේ නම් නෑ......... එතකොට මට අවුරුදු 12ක් විතර....මට පලවෙනි පාරට වෙද්දු එපා වුනේ එදා....
තව සැරයක් මාව ඇදන් ගියා දේවාලෙකට.. ඒකේ හිටියෙත් වෙදෙක්.. උන්දැ කියාපි මාව හොද කරන්න ඕන නම් වළදාන්න ඕන කියලා.. ඒ සැරේනම් කෑකෝ ගහන්න තරම්වත් හයියක් තිබුනේ නෑ මට.. කලින් වෙදා කල වින්නැහිය නිසා නැගිට ගන්නවත් පුළුවන් වුනේ නෑ මට......ඔන්න ඉතින් මාව වලදාන්න හැමදේම ලෑස්තියි... දෙයිහාමුදුරුවනේ.. එදා මාව පණපිටින් වල දැම්මා...මම දන්නෑ කවුරුත් මේක විශ්වාස කරයිද කියලා... ඒත් ඇස් දෙකයි නහයයි කටයි විතරයි යන්තං ඉතිරි වුනේ..... එදානම් වෙද්දු විතරක් නෙමෙයි ජිවිතෙත් එපාම වුනා...එදා දවසම මම හිටියෙ පස් යට.. මං කෑගගහා ඉල්ලුවා මාව ගොඩ ගන්න කියලා.. ඒත් කවුරුත් ඒක කලේ නෑ.... ඊට පස්සෙ මං කලේ මම දන්න හැම වචනයක්ම කියලා හැමෝටම බැනපු එක...
කෙහොම හරි අන්තිමේදි මාව ගොඩ ගත්තා.. ඒත් වෙදා කියපු හොදක් නම් තිබුනේ නෑ... ඊට පස්සේ මිනිහගෙන් ඒ ගැන අහපුවාම  මිනිහා දෙයියන්ගෙන් ඒ ගැන අහන්න ඕන කියලා ගියා.. ඒ දෙයියෝ කොහේ හිටි එකෙක්ද කියලා නම් දන්නෙ නෑ... ‍මගේ හිතේ තබුන තරහට මම කා එක්කවත් කතා කලේවත් කෑවෙවත් නෑ එදා.. පස් යට දවසක් ගෙවනවා කියන එක මේ කියන තරම් ලේසි නෑ... ඒ වෙලාවේ මට හිතුන දේවල් අකුරු කරන්න බෑ මට.... පහුවෙනිදා වෙදා ආයෙත් ආවා.. දන්නවද ඒ යෝධයා කියපු දේ.. මිනිහා කියාපි මාව වළදාලා තියෙන්නේ රාහු කාලේ ඒකයි හරි ගියේ නැත්තේ කියලා.. අපේ ගොන්නුන්ටත් ඒවා ඇත්ත... වෙදා කීවා ආයෙත් වළදාමු කියලා... අන්තිමේදි දෙවෙන් පාරටත් මාව වළ දැම්මා.... ඒත් වුන සෙතක් නම් නෑ.....
මේ විදිහේ වෙද්දු සල්ලිවලට ඕනම දෙයක් කරනවා.... කෙනෙක් ගේ දුක මේ විදිහට සල්ලි කරන්න කෙහොම හිත හදාගන්නවද කියල හිතා ගන්න බෑ... මේ වගේ මිනිස්සුත් එක්ක ජිවිතේ හොදට තෙම්පරාදු වෙලා දැන්... තාමත් මට සමහර වෙලාවට හීනෙන් පේනවා මාව වළදාපු හැටි..... දැන්නම් මම මැරෙන්න බය නෑ මොකද මම දන්නවා පස් යට ඉද්දි ඒක මොනවගේද කියලා..........

14 comments:

  1. අමිමෝ බය හිතෙනවනේ අනේ

    ReplyDelete
  2. මගෙ අම්මෝ!!!! ඔයාට වෙලා තියන දේවල්......ඔයා පව්නෙ අනේ.අර පස් යට දාන්න කියපු එකාටනම් හොඳක් වෙන්න එපා.

    ReplyDelete
  3. ඔයාව වලලපු එකාවත් වැලලුවනම් තමා හිතට හරි යන්නේ.

    ReplyDelete
  4. හොරු ගොඩේ හරි කෙනා හොයාගන්න බැරිවීම ගැටඵවක් තමයි. ඒකෙන් විඳින්න වෙන වේදනාව වැටහෙනව ඔයා ලියල තියෙන දේවල් වලින්..

    ReplyDelete
  5. අකීකරු හිත, මම මේ බ්ලොග් ජීවිතයට අලුත් කෙනෙක්, මුලින්ම බලුවෙ ඔයාගෙ බ්ලොග් එක, මට හිතෙන එක දෙයක් කියන්නම්, ඔයා ගොඩක් හිත හයිය කෙනෙක්, ඒ වගෙම ගොඩක් ආදරනීය කෙනෙක්.

    ReplyDelete
  6. ඩහෙන් ඔයාට සනිපයිද කියලා විතරක් කියන්න ..
    මම් දන්නවා ඔයාගේ හිතේ තියනා වෙදනාව....

    ජයො මුනින්දස්ස සුබොධි මුලේ
    අහොඅසි මාරස්ස පරාජයොහි
    උග්ඝොසයුං දෙවගනා පසන්නා
    ඒතෙන සච්චෙන ජයස්සු මයිහං

    බුද්ධො තිලොක සරනෝ
    බුද්ධො සුරියො තමොනුදො
    එවං තං සරණං ඛෙමං
    බුද්ධො මේ සරනණං වරං
    ගච්ජාමි සරණං බුද්ධං
    නත්ථි මය්හං බයං සදා


    ධම්මො තිලොක සරනෝ
    ධම්මො සුරියො තමොනුදො
    එවං තං සරණං ඛෙමං
    ධම්මො මේ සරනණං වරං
    ගච්ජාමි සරණං ධම්මං
    නත්ථි මය්හං බයං සදා


    සංඝො තිලොක සරනෝ
    සංඝො සුරියො තමොනුදො
    එවං තං සරණං ඛෙමං
    සංඝො මේ සරනණං වරං
    ගච්ජාමි සරණං සංඝං
    නත්ථි මය්හං බයං සදා

    මම ඔයාට ඉක්මනින්ම සුවය පතන්වා..

    ReplyDelete
  7. අදහස් දැක්වු හැමෝටම ස්තුතියි‍‍...
    @ඉලංදාරියා - මට සුව වෙන්න කියලා පැතුවට ගොඩක් පින්..ඒත් ඒන හීනයක් විතරයි..
    @ඩිලී - ඔයාගේ ප්‍රසංසාවට ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  8. යාලූ මට ඔයාගේ බ්ලොග් එක අහම්ඛෙන් දැක්කේ... ලිපි සේරම කියෙව්වා...පොජ්ජෙ හිතුනේ නම් මෙහෙම... ඔයා තව තවත් හිත හයිය කර ගන්න ඔ්නි.මිනිස්සුන්ට කොයි තරම් නම් දේවල් වෙනවද? සමහරු අතපය හතරම නැතිව හොදින් ජිවත් වෙනවා...ඉතින් ඒවා එක්ක බැලුවාම...?

    ඔයාට හොද වෙනවා....ඒක හීනයක් කියලා හිත බිදවා ගන්න එපා...මට ලොකු බ්ලොග් ඉතිහාසයක් නෑ...ඒත මම කිව්වෙ මට දැනුන දේ...

    ඔයාට ඉක්මනට සනීප වෙනවා මගේ යාලූ... හිත අධෛර්මත් කර ගන්න එපා.. හිත ධෛර්යවත් කර ගනිමු නේද?

    නමු ම්‍යේහෝ රෙංගේ ක්‍යේ
    නමු ම්‍යේහෝ රෙංගේ ක්‍යේ
    නමු ම්‍යේහෝ රෙංගේ ක්‍යේ

    මමත් ඔයාට ඉක්මන් සුවය වෙනුවෙන් බුදු රජානන් වහන්සේ දේශනා කල අති උතුම් සදධර්ම පුණ්ඩරික සූත්‍රය සජ්ජායනා කරලා ඉක්මන් සුවය පතනවා...

    බුදුරදුන්ගේ අති උතුම් ධර්මයේ නාමයෙන් ඔයාට ඉක්මනින් සුව වෙයි.

    ReplyDelete
  9. අනේ.. ඔයාට ඉක්මන්ට සනීප වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  10. මමත් මේ බ්ලොග් එක දැක්කෙ අද. ඔයාට ඉක්මණට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. හතරවෙනි කොමෙන්ටුව....

    අනේ අසරණී...,
    කියවන කොටත් බය හිතෙනකොට,ඕක මට උනානම් කරන දේ හිතාගන්න මට නම් අවුරුද්දක්වත් යාවි.ඇයි දෙයියනේ ඕව කරන කොට යන තරහ නිවාගන්නත් එපැයි....
    ඔය ඔක්කොම දුක් වලින් අයින්වෙලා,කිරිල්ලියක් වගේ ඉගිලෙන්න හිතෙන්නකම් ඇවිදින්න පුළුවන් වෙන දවස වැඩි ඈතක සහෝදරී...එක මට විශ්වාසයි....


    .....මුලින් අසරණී කීවාට සමා වුව මැනව,වචනේ ලස්සන මිස වෙනකක් එතන නැතිබව සැලකුව මැනවි.....

    ReplyDelete
  12. නිවැරදි කීරීම.....

    ඔය ඔක්කොම දුක් වලින් අයින්වෙලා,කිරිල්ලියක් වගේ ඉගිලෙන්න හිතෙන්නකම් ඇවිදින්න පුළුවන් වෙන දවස වැඩි ඈතක නොවේ සහෝදරී...

    ReplyDelete
  13. //දැන්නම් මම මැරෙන්න බය නෑ මොකද මම දන්නවා පස් යට ඉද්දි ඒක මොනවගේද කියලා..........//
    මේකනං සැහෙන කාලෙකට අමතක නොවේවි.....

    ReplyDelete
  14. හරිම දුකෙක් දැනෙන්නේ ඔයා ගැන . . හොර වෙද්දු ගැන කන්න තරහකුත් එනවා . .
    හිත හයියෙන් ජීවිතේඅට් මූන දෙන්න . . .හැමදේම හොඳ විදිහට සිදුවෙයි . . .

    ReplyDelete