Tuesday, November 30, 2010

දැන් ඉස්සර වගේ නෙමෙයිලු.


මහ සයුර බර කල්පනාවක.....
සයුරත් එක්ක තරහ වෙච්ච....
රළ පෙළක්
මගේ ලගට ඇවිත්...
ගතු කියනවා සයුර ගැන..
දැන් ඉස්සර වගේ නෙමෙයිලු..
හරි වෙනස්ලු....
මීට ටික කාලෙකට කලින්
 මම නුඹ ගැන
මේ වෙරළේ ඉදගෙන
කියපු වචන ටික
රළපෙළ
හරි ඉක්මනට
කොපි කරලා..

7 comments:

  1. හතර පාරක් කියෙව්වා.ඇත්තටම ලස්සනයි.ටිකක් දුක හිතුනා.

    ReplyDelete
  2. රළ පෙල කැත වැඩේ කරලා තියෙන්නේ.

    ReplyDelete
  3. ඕන හිතකට තේරෙන ලස්සනම පදවැල .....නියමයි !

    ජයවේවා !!

    ReplyDelete
  4. මාත් ආවා අකීකරු හිතත් එක්ක පොඩ්ඩක් සැරිසරන්න හිතාන...ඒත් ඔක්කොම පෝස්ට් කියවන්න මට හිතෙන තරම් ඔයාගේ හිත හරිම ආදරණීය බව දැනුනා...ඒ වගේම ඔයා මට ගොඩක් සමීප කෙනෙක් කියලා මට හිතෙන්නෙ ඇයිද මන්දා...අකීකරු හිත...අද ඉදන් මාත් ඔයා ළග..

    ReplyDelete