Tuesday, November 9, 2010

අබ්බගාතයින්ට මොන කැම්පස්ද?



             ජිවිතේ හොදටත් නරකටත් දෙකටම යාළුවෝ මුල් වෙනවා...අකීකරු හිතටත් ඉන්නවා යාළුවෝ ගොඩාරියක්... ඒ අතර විවිධාකාර අය උන්නා.. කලින් පෝස්ට් එකේ කීව යාළුවෝ දෙන්න හැමවෙලාවෙම මාව ඉස්සරහට තල්ලුකරන්න ගොඩාක් ට්‍රයි කලා. ඒත් කවදාවත් අකීකරු හිතට කැම්පස් යන හීනයක් නම් තිබුනෙ නෑ. ඒත් විභාගෙට මාස 3 ක් තියෙද්දි හදිසියේම මට ඒ වගේ අදහසක් ආවා.. ඒකට හේතු වුනෙත් තවත් යාළුවෙක්ගේ පුංචි වචන කිපයක් කියලා කිව්වොත් පුදුම හිතෙනව නේද... 
         අකීකරු හිතට හිටියා යාළුවෙක්..උන්මාද චිත්‍රා, රෝමියො තරම් ගොඩක් ෆිට් යාළුවෙක් නම් නෙමෙයි. ඒත් තරමක් හොද යාළුවෙක්. එයාට හැමදාම ඕන වුනේ මුදුනා වෙන්න.. මම ඉතින් මෙලෝරහක් නැතිව පිස්සු නැටුවත් කාටවත් දෙවෙනි වෙන්න නම් කැමති වුනේ නෑ.. ඒ නිසා අපි අතරේ පොඩිපහේ තරගයක් තිබුනා...විභාගේ අතලග වුනත් අපි තුන්කට්ටුව හිටියේ කිසිම ගානක් නැතිව.. ඒ වෙනකොට හැමෝම ක්ලාස් යනවා.. ඒත් අපි තුන්කට්ටුවෙන් එකෙක්වත් ක්ලාස් එකකට ගිහින් නෑ.... ඒ මොනව වුනත් ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවෙ නම් නෑ ඉතින්...
                      එක දවසක් මගේ රසවින්දනයක‍ට වැඩිම ලකුනු ලැබුනා..ඇත්තටම ඒක ලිව්වෙ එදා උදේ සර් පන්නතියට එන්න ටිකකට කලින්.. ඉතින් දැන් මගේ ඔළුවේ මල් පිපිලා.... සර් ඒක‍ට හොද කීව... තව උත්සහ කලොත් කැම්පස් යන්න පුළුවන් ඔයාට...සර් කීවේ එහෙම...
        ඒ වචන වලට මම හිනා වුනා... අපෝ මට මොන කැම්පස්ද? මට හිතුනෙ එහෙම... ටික වෙලාවකින් සර් පන්තියෙන් ගියා.... අර යාළුවගේ මූණ හොද නෑ... ඉතින් මං මක් කරන්නද....එයා අකීකරු හිතව පහු කරගෙන ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා.... ඒ යන ගමන් කීවේ වචන තුනක් විතරයි. ඒ
 “අබ්බගාතයින්ට මොන කැම්පස්ද”
සත්තමයි...ඒ වචන හිතට වැදුනා ගොඩක්....මං වචනයක්වත් කීවේ නෑ..ඇත්ත‍ටම මට කියන්න වචන තිබුනෙ නෑ... මට වඩා ඒ වචන දැනුනේ  උන්මාද චිත්‍රාට...මේ හිතට ඒ වචන බර වැඩිවුන බව එයාට දැනුනා........
එයා හැමෝටම ඇහෙන්න  කිවේ.... “අනිත් හැමෝටම වඩා අහස උසට පියාඹන්න වරා මලකට පුළුවන්....” (එයාල මට ආදරේට කීවේ වරා මලේ කියලා)
         ඇත්තටම අර යාළුවා ඒ වචන කීවේ තරහින් වුනත්, අද මම මෙතන ඉන්නෙ ඒ වචන නිසා... මට කැම්පස් එන්න හිතුනේ ඒ වචන නිසා...ඒ වෙනුවෙන් මම එයාට පිං දෙනවා මිසක් තරහක් නෑ...ඇත්තටම ඒ වචන නිසා අබ්බගාතයින්ටත් අනෙක් අයට වගේම හයියක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් වුනා මට...මේ ගමනට මට හයියක් වුනේ මගේ ආදරණීය උන්මාද චිත්‍රා...වරා මල පොළවට වැටෙන්න යද්දි ආයෙමත් අහසට යන්න සුළං රැල්ලක් වුනේ එයා....
තාමත් ජිවිතේ සමහර වෙලාවට මම මේ වචන මතක් කරනවා...
ඒවා ඇල්පෙනිති තුඩු වගේ..ඒත් ගල් වෙච්ච හිතකට ඇල්පෙනිති තුඩු පොඩි වැඩියි..........

7 comments:

  1. එල...පරණ පෝස්ට් ටිකත් ඔක්කොම කියෙව්වා....

    ජීවීතේ කොච්චර කල් ගෙව්වත්..අපිට මතක , සතුටු උන දවස් ..අඩු ගනනේ 30 ක් මතක් කර ගන්න පුලුවන්ද..මේක මයියා බලපු හින්දි ෆිල්ම් එකක දෙබසක්..එත් ඒක මයියා ට අමතක කරන්න බැරි කථාවක්..මයියා ට හිතෙන විදිහට මේක අකීකරු හිතටත් ප්‍රයොජනවත් වේවී...

    ReplyDelete
  2. ගල් වෙච්ච හිතකට ඇල්පෙනිති තුඩු පොඩි වැඩියි..........

    හරිම ආසයි ඒ වචන ටිකට. ජිවිතේ සැබෑ වෙනසක් කරන්න පුලුවන් පද පේලියක්. මගේ ජිවිතේ සෑහෙන්න වෙනසක් කරයි ඒ පද පේලිය.

    ReplyDelete
  3. ජයවේවා... ඔයාට කවදාවත් වරදින්නේ නෑ...

    ReplyDelete
  4. අතපය තිබ්බට හැමෝම මිනිස්සු නෙමෙයි..එකයි මේ වගේ දේවල් කියන්නේ...ඒත් අපි හැමදාම ඔයා එක්ක..ඒ අපේ හිතේ ඔයා ඉන්න නිසා..

    ReplyDelete
  5. ඔයාට තියෙන්නේ ඇත්තටම ගොඩාක් ලස්සන හිතක්.....ඒක අහිමි කරගන්න එපා....

    ReplyDelete
  6. අතපය හතර තිබුන පලියට හැම මිනිහෙක්ම මිනිහෙක් වෙන්නේ නෑ.මිනිහෙක් වෙන්න නම්,ඔළුවක් තියෙන්න ඕන.එකත් පිරිච්ච එකක් වෙන්න ඕන.හිස් ඔළුවක් කියපු දෙයක් නිසා ඔය ආපු දුර ගැන සතුටුයි..ඒවගේම ඔයා ගැන පුදුමයි..ඔය ලස්සන හිත ගැන අපිටත් හිතන්න දෙන්න...

    ReplyDelete
  7. එක දෙයක් නිසා කඩා වැටෙන්න හදන කොට ඊට වඩා නැගී සිටින්න ශක්තියක් තමන් තුලින්ම ඇති කර ගන්න ඕන කියන දේ අහලා තිබ්බට ඔයා ඒක ඔප්පු කරලා පෙන්නලා . . .නියමයි . .

    ReplyDelete