Monday, November 8, 2010

පාළුයි ලොවම නුඹලා නැති දා මිතුරු..


 “අනාත මාරු‍තේ... කුනාටූ සාගරේ............” සින්දුව නැගලා යනවා.. ගීතයට අවශ්‍ය සංගීතය මගෙන්... ගායිකාව උන්නෙ මගේ ඩෙස්ක් එක උඩ ... ගායනය විතරක් නෙමෙයි නර්ථනයත් ඇගෙන්...අත පය එහෙ මෙහෙ විසික්වෙද්දි මගේ ඔළු ගෙඩියත් බේරගෙන  සංගීතෙ සපයන එකත් ලේසි වැඩක් නෙමෙයි...
“දිවිය තියෙන තුරු මගේ- ඔබයි ආදරේ...” මෙන්න ගායිකාව දොර දිහාට  අත් දෙකම දික් කරලා ආදරේ ප්‍රකාශ කරනවා.... පුදනකොටම කාපි යකා කීවලු.. මෙන්න දොර ලග අපේ සිංහල සර්... 
“හරි ෂෝක් මේක කෝලම් මඩුවක් කියලද හිතාන ඉන්නෙ ආ....?”  වැඩේ දරුණුයි වගේ.
“බහිනවා කිව්වෙ බිමට..”... සර් එහෙම කියද්දියි මතක් වුනේ අපේ ගායිකාව තවමත් ඩෙස්ක් එක උඩ කියලා.... ඊට පස්සෙ වුන දේවල් තරමක් ශෝකනීයයි....
-----------------------------------------------------------------
ඉස්කෝලේ කාලේ හරි අපූරුයි. මොන තරම් වැඩ තිබුනත් යාළුවොත් එක්ක පිස්සු නටපු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා.ඒ වගේම දුකයි ආයේ කවදාවත් ඒ කාලේ ලැබෙන්නෙ නැති නිසා. යාළුවෝ කියන්නේ අපේ හිත් වල හැමදාම ජිවත් වෙන අය. එයාලා අපේ ජිවිත වලින් ඈත් වුනත් එයාලගේ අඩි පාරවල් තාමත් අපේ හිත් වල මැකිලා නෑ. මටත් ඉන්නවා හැමදාම මේ හිත ඇතුලෙ සක්මන් කරන ආදරණිය පිස්සු යාළුවෝ දෙන්නෙක්.... අපි තුන්දෙනා තුන් තැනක. එක්කෙනෙක් මහ මුහුදෙනුත් එපිට ගිහින්. අනිකා ලංකාවෙ උන්නත් රැකියාවක් කරන නිසා දකින්නේ කාලෙකින්...  එහෙම කොහොම වුනත් ඉස්කොලෙන් අයින් වුනත් තාමත් එදා වගේමයි අපේ යාළුකම.හැමදාම  උදේට මේ දෙන්නගෙන්  massage 1ක් එහෙමත් නැත්නම් miss call 1ක් වරදින්නෙම නෑ.. කොයිතරම් කාර්‍යබහුල වුනත් යාළුකම අමතක වෙලා නෑ.. ඉතින් මට හිතෙනවා මං හරි වාසනාවන්තයි කියලා....
අපි තුන්දෙනා හොදම යාළුවෝ වුනත් තුන්දෙනා තුන් විදිහක්..  මගේ පිස්සුම යාළුවා  උන්මාද චිත්‍රා. ඒ තමයි අපේ ගායිකාව.. මට වගේම පිස්සු අදහස් තිබුන... පිස්සු වැඩ කිරිමේ පුරෝගාමි වුනු යාළුව තමයි මේ... යාළුවෙක් කියන වචනෙ තේරුම මං දැන ගත්තේ මෙයාගෙන්.. හැමදේම ගැන හරි සැහැල්ලුවෙන් හිතන මට වගේම හීන ගොඩාරියක් තියෙන කෙනෙක්... ඊළගට  රෝමියෝ...මෙයා ඇත්තටම හොද රෝමියෝ කෙනෙක්.. හැබැයි හැමදාම ආදරෙන් පරාද වුනා..  මෙයාගේ ආදරේ හිංදා අපි තරම් කටු කාපු වෙන අය නැතිව ඇති.... ඒත් ඒ හැම දෙයක්ම වතුරෙ ගියා... තාමත් එදා වගෙම අපි මාර කට්ටක් කනවා මෙයාගේ හිත හදන්න. මෙයාගේ ආදරේ ගැන වෙන වෙලාවක කියන්නම්... අගසව් දෙනම වගේ මගේ දෙපැත්තෙන් හිටියේ මේ දෙන්නා.  ඒ වගේම මොන මගෝඩි වැඩ කලත් අපි හිටියේ ඉස්සරහම පේලියේ.. අපි ඉතින් අපායට ගියත් ඉස්සරහින්ම යන අයනේ....එනිසාම අපරාදේ කියන්න බෑ කරන හැම මගෝඩි වැඩක්ම අතේ මාට්ටු කරගන්න එක අපේ පුරුද්දක් වුනා.අපේ පන්තියේ ගෑනු ළමයි 28 දෙනෙක් හිටියා.. ‍ඒත් පිරිමි ළමයි උන්නෙ දෙන්නයි.. එයින් එක් කෙනෙක් තමයි මේ අපේ රෝමියෝ.. මට ඒ හැටි හොර වැඩ කරන්න බැරි වුනත් මේ දෙන්නා හෙර වැඩ කරද්දි මුර කලේ මමයි...ඇත්තටම ඒ කාලේ  හරිම සුන්දරයි... ආයෙත් ඒ කාලේ එනවනම්.....

දෙනෙත බරයි කදුළකට අදුරු
හසරැලි බිදක් ඈතයි මුවගට සොදුරු
පියුමට සුවදක් වී පෙරදා එකට සැරූ
පාළුයි ලොවම නුඹලා නැති දා මිතුරු..

2 comments:

  1. නියම යාළුවෝ තුන් දෙනෙක්, අපිත් වාසනාවන්තයිනේ මේ තුන්දෙනාම එකට බලාගන්න තරම්. (මම කිව්වේ පහල තියෙන පින්තූරේ ගැන) ඔය ඉස්සරහින්ම ඉන්නේ උන්මාද චිත්‍රා වෙන්න ඕනේ. ඊට පිටිපස්සෙන් ඇස් දෙක වහගෙන ඉන්නේ අකීකරුහිත හිත. අර කට වහන් ඉන්නේ රෝමියෝ මම හිතන්නේ... ලස්සන යාළුවෝ තුන් දෙනා. හරි ෂෝක්...

    ReplyDelete
  2. ෂා ඔයා හරියටම අදුනගත්තනේ....

    ReplyDelete