Saturday, October 30, 2010

අන්තරේ නැමති ඌරන් කැකුණ තලනකොට ආණ්ඩුවේ හබන් කුකුළන්ට රජ මගුල්


                                                 දැන් මට නිවාඩුය.. ඒ එස්.බී. ඇමතිතුමන්ට හා අන්තරේට පින්සිදු වන්නටය.  මේ දවස් වල “සරසවි අරගලය” මාධ්‍යයට හොද මාතෘකාවක් වෙලාය. එය කඩේ යන්නට ලැබුනු අතිවිශේෂ අවස්ථාවකි...මේ කඩේ යෑම කොයි තරම් වේගවත්ද කිවොත්  එහි හරි වැරැද්දින් වැඩක් නැත. උවමනා කඩේ යෑම පමණකි. ආයේ දෙකක් නැත, වැරදි කරුවෝ සරසවි සිසුන්ය.. උන්ට කාලා තෙලය. මේ දැන් මාධ්‍ය විසින් සියලු දෙනාගේ ඔළු ගෙඩි වලට ඇතුල් කර තිබෙන දෑය. සරසවිය තුල මාධ්‍ය විසින් කියන තාලයේ පිරිස් නැතැයි මා කියන්නේ නැත.. එහෙත් උන් බහුතරය නොව සුළුතරයකි.. අන්තරයේ පදයට නටන්නට තරම් මෝඩ රැළක් සරසවි තුල ඉදීවි යැයි මා සිතන්නේ නැත. උන් එතනට ගියේ තණකොළ කාලා නොවේය.(දිනක් නවක මන්ත්‍රි වරුන් පිරිසකට දේශනයක් කිරිමට ගිය අපගේ දේශපාලන අංශයේ  මහාචාර්‍යතුමෙකු කීවේ උන්ට දේශන කරනවාට වඩා අඹේවෙල ඉන්න වැස්සියන්ට එම දේශනය කලානම් හොද බවය.)
                                                         අන්තරේ පදයට නටන දෙතුන් දෙනෙක් සිටි.. ඒත් 90% ක්ම උත්සහ කරන්නේ හැකි තාක් ඉක්මනින් උපාධිය ගෙන මෙතනින් පිට වෙන්නටය..  මොකද සරසවිය තුල හිදින්නේ රන් හැන්ද කටේ ගහගත් රාජ කුමාරවරු නොවන නිසාය. උන්ටත් ජීවත් වෙන්නට ඕනාය. බලු දුක් විදලා උගන්නන්න මහන්සි වෙන අම්මලා අප්පච්චිලාගේ හිතට නිවනක් වෙන්න ඕනාය..... ඒකට රස්සාවක් ඕනාය.
                                                     හැම දුකක්ම විදින්න වෙන්නේ පොඩි මිනිහටය.. සල්ලි කාරයින්ගේ ළමයි කිසි දිනෙක හොස්ටල් වල ඉන්නේ නැත..... නවක වදයට ලක් වෙන්නේද නැත. කැන්ටින් කෑම කන්නේද නැත... ඒත් අනෙක් උන් ඔය සියලු දේම කල යුතුය... මොකද ඒ සියල්ලටම සල්ලි උවමනා නිසාය..... හැම පැත්තෙන්ම තැලෙන එකාව දැන් උඩ පැන පැන තලන එක දැන් සෙල්ලමක් වෙලාය... බඩු මිල ඉහල ගියාට කම් නැත....  කැන්ටින් කෑම කන එකාට බඩු මිල වැඩි වෙන එක හොදින් දැනේ... එත් මොනවා වුවත් කම් නැත...දැන් කලයුතු එකම දේ සරසවි සිසුන් මර්ධනය කිරිමය.... මොකද මේ වෙනකොට  කියන විදිහට රටේ ලොකුම ප්‍රශ්නය සරසවි සිසුන්ය... ඉතින් දැන් සරසවි පිරිසිදු කිරිම ඇරඹිලාය... පේරාදෙණිය දින නියමයක් නොමැතිව වසා දමලාය... රජරටට පොලීසිය දමලාය... ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්ය... දැන් අපේ උන් කතා කරන්න බයය. මොකද තවමත් උන්ගේ පිටවල් හරහා වැදුනු බෙල්ට් පාරවල් බැටන්පොලු පාරවල් මැකි නැති නිසාය.... මෙතෙක් කල් පහර වැදුනේ කොල්ලන්ට පමණි..... දැන් කොල්ලෙක් වුවත් කෙල්ලෙක් වුවත් කම් නැත.. හිතේ හැටියට පහර දිය හැක.. එයට ආණ්ඩුවෙන් තුති මල් ලැබේ........
                                            මා හදන්නේ අන්තරේ අය සුදනන් කරන්නට නොවේය..... අන්තරේ නිසා වුනේ කරදර වැඩි වුන එක විතරය.. උන්ගේ විකාර වැඩ නිසා අද අප ගෙදරය... එදා කොළඹ ගිය අපේ උන් එතනට අන්තරේ අය එනතෙක් ඔවුන් එන බවක් දැන සිටියේ නැත.. අන්තරේ එන බවක් දන්නේනම් බහුතරයක් එයට යන්නේද නැත... මේ ගැටළු කවදා කොහෙන් ඉවර වේදැයි කිව නොහැකිය...  මට  හිතෙන්නේ මෙපමණකි, අන්තරේ නැමති ඌරන් කැකුණ තලනකොට ආණ්ඩුවේ හබන් කුකුළන්ට රජ මගුල් කියාය.....

5 comments:

  1. වැඩක් නෑ අක්කේ ඔය ගැන කියල....අපේ කට නිකන් රිදෙනවා විතරයි,..
    එස්.බී කාරයා සක්කිලියෙක්...වාසි පැත්තට යන අපත හොරෙක්

    http://rathgamaya.blogspot.com/2010/10/blog-post_28.html

    ReplyDelete
  2. එස් බී ඒ දවස් වල ඔය හැම සෙල්ලමක්ම දාපු එකෙක්..ඒකම දැන් කියනවා ඒවා කරන උන් හිරේ දානවා..ලංකාවේ ඉන්නවනම් හිරේ යන්න රෙඩිවෙලා තව එවරෙඩි ඉන්න ඕනේ..කොයි වෙලේ හිරේ දායාද දන් නෑනේ

    ReplyDelete
  3. මම නම් දැන් out වෙලා ඉන්නෙ. මමත් peradeniya campus එකෙ hostel එකක හිටපු කෙනෙක්. (පේරාදෙණියෙ වෙන්නෙ මෙහෙමයි)මම දන්න විදියට මහා ශිෂ්‍ය සංගමෙන් තමයි ඕවා මෙහෙයවන්නෙ. මහා ශිෂ්‍ය සංගමෙ මහ තැන් වලට උපදෙස් එන්නෙ අන්තරයෙන්(මොකද මම ඔය තැන්වල ඉඳල තියනවා). මහා ශිෂ්‍යයා(ශිෂ්‍යය සංගමයේ සභාපති) අනිත් faculty වල ශිෂ්‍ය සංගම් වල නායකයන්ට උපදෙස් දෙනවා අන්තරය සම්භන්දයි කියලා ශිෂ්‍යයන්ට දැනෙන්න අරින්න එපා කියල. ඉතින් ඔය අන්තරය පාලනය වෙන්නෙ එක දේශපාලන පක්ෂෙකින් කියන එක හංගන්න ඕන නෑනෙ.

    ReplyDelete
  4. අන්තරේ මෝඩ ජෙප්පො හුචක්කු වලට උද්ඝෝෂණයි හූ කියවිලියි ඇර වෙන විරෝධයක් තේරෙන්නෙ නැහැ. ඔක්කොම බදාගෙන හානවා මිසක් හරි දෙයක් කරන්නෙත් නැහැ.

    ඒවගෙන් වැඩි පුරම වාසි ගන්නේ එස් බී. අන්තරේ දැන් නොදැනුවත්ම නටන්නෙ එස් බී ගෙ පදේට. එස් බී නටන්නේ කාගෙ පදේටද?

    http://www.theopen.chamiladealwis.com/2010/10/the-university-student-trapped-in-between/

    ReplyDelete
  5. මම නම් ආසාම නැති මාතෘකාවක් තමා. ඒත් එහෙම දේවල් වෙනකොට ඒවා කියවන්නත් වෙනවා, අත්විදින්නත් වෙනවා. මහ ජරා දේශපාලනයක්.

    ReplyDelete