Tuesday, October 12, 2010

කියන් තරුවෙ මතක් කරලා





මං අඩන්නෑ අම්මේ
මේ කදුළුත් ගලා ගිහින් 
සයුරු රළට එකතු වෙලා‍‍
රිදවාවි අප්පච්චිව 
අසරණ කරාවි........ 
හෙට උදේට අප්පච්චිව 
බලන්නෝන පුංචි දූට 
හෙට ඔහුගේ උපන්දිනේ 
මම හදනා සේපාලිකා මල් මාලේ 
අප්පච්චිගේ ගෙලේ දාලා 
නළලට හාදුවක් තියලා 
බුදු සරණයි කියන්නෝන.... 
සිකුරු තරුවේ මේ අහන්න 
ගිහින් කියන් අප්පච්චිට 
අප්පච්චිගේ පුංචි දෝණි 
ලන්තෑරුම් එළියෙන් 
මල් මාලා ගොතනා බව 
දින සති ගණනක් 
ඔහු නාවත් අපි බලන්න 
හෙට දවසේ වත් ඇවිදින් 
මං හදාපු මල් මාලේ 
පැලද ගන්න   
කියන් තරුවෙ මතක් කරලා




1 comment:

  1. සිකුරු තරුව අනිවාර්යෙන් ගිහිල්ලා කියාවි. ඒ මල් සුවඳත් මතක් කරලම කියාවි.

    ReplyDelete