Friday, October 15, 2010

මා සමුගත් පසුව

 
ලෝකය දකින්න යැයි කීවද 
දෙනෙත් හරින්නේ මං කෝම 
දෙනෙත් අබියස මැවි රුපු විස 
උදුරාවි මාගේ එකම හීනය
දනිමි දුකක් බව  
හීන බිදෙන විට 
කුමක් කරන්නද 
කදුළු උරුම කල
හුස්ම කළදේ රැදුනු පැතුමන්  
මා කෙරෙන් නික්ම යන කල 
බිදී හදවත ඉරි තලා ගොස්  
රුහිරු පැතිරෙයි මුළු අහස් කුස
මගේ රුහිරෙන් තරු  දිලෙන විට.....       නිසයුරුත් හඩනු ඇත දුකට.....       සද කැනේ දැවටී ගලන දුක් හීන......     පෙනේවී නුඹලාට  මා සමුගත් පසුව.......

1 comment:

  1. සද කැනේ දැවටී ගලන දුක් හීන...... පෙනේවී නුඹලාට මා සමුගත් පසුව.......

    වෙන්න දෙන්න එපා මේක...

    ReplyDelete