Sunday, October 3, 2010

උපන්දින තෑග්ග


“ඔයා දැන් පොඩි එකෙක් නෙමෙයි... සෙල්ලං කරන්න හදන්න එපා.... බොරුව‍ට හුරතල් වෙනවා...” ඔයා එහෙම කියද්දි මගේ හිත රිදෙනවා...
“එහෙනම් මොන එහෙකටද මට චූටි දුව කියන්නේ”
මමත් පරදින්න කැමති නෑ.. දිගටම වාද කරනවා මට හිමි ආදරේ රැක ගන්න... මං අනිත් අයත් එක්ක ඕනම දෙයක් බෙදා ගන්නම්... ඒත් ඔය ආදරේ නම් බෙදා ගන්න බෑ... බෑමයි....
“නපුරු වෙන්න එපා...එයා තාම පොඩි දරුවෙක්.. එයා ගැන අපි බලන්න ඕන...”
“එතකොට මං ගැන බලන් නැද්ද? එයා ඔයාගේ මිණිබිරි.. මම ඔයාගේ දුව... වැඩි අයිතිය මටයි තියෙන්නේ...”
දැන් නම් ඇස් වල කදුළු පිරෙනවා.. හිත හයිය කරන් ඉන්න හැදුවට නිකම්ම කඩා වැටෙනවා... 
කවුරුත් මට ආදරේ නෑ.... 
මං මගේ පුංචි බොනික්කා තුරුල් කර ගත්තා.. ඔයාට අමතක වුනාට මෙයාව මට ඔයා ගෙනත් දුන්නේ අවුරුදු 20කට කලින් අද වගේ දවසක..මගේ උපන්දිනේට.........
එයා පරණයි.. ඒත් මං එයාට ආදරෙයි අම්මේ...හිතේ දුක යනකං මං ඇඩුවා.. ඒත් වෙනදා වගේ ඔයා මාව සනසන්න ආවේ නෑ...අනෙක් අය මට හිනා වුනා...
“මෝඩි..ඔච්චර බොළද වෙන්න එපා...”
“ඔව් මම මෝඩයි..”වෙනදට හැමෝම මං ගැන හොයලා බැලුවා.මං පේන්න නොහිටිය නම් හොයාගෙන ආවා..
“කෝ චුටි දුව? නිදිද? කෑම කෑවද?”
හැමදාම ඔය වචන මට ඇහුන ඒවා..ඒත් දැන් කාටවත් මාව මතක නෑ......අඩුම තරමේ මගේ උපන් දිනේවත්..........! කදුළුත් එක්ක පොර බදලා මහන්සියට මට නින්ද ගියා.. මට ඇහැරෙන කොට සාලය දිහාවෙන් කටහඩවල් ගොඩක් ඇහුනා.... “ආ.. ආ.. බබාව අරන් ඇවිත්..” මගේ හිත දුකින් පිරුනා.. මම නම් යන්නෙ නෑ බලන්න.. මට ඕනේ නෑ බලන්න... හිත තද කර ගත්තා..පැයක් දෙකක් ගෙවුනා.. කාමරේ දොර රෙද්ද හෙලවෙද්දි මං ඉක්මනට අනෙක් පැත්ත හැරුනා.. මගේ ලගින් කවුරුහරි ඉද ගන්නවා දැනුනත් මං නොසෙල්වී උන්නා....
“චුටි පැටියට නැන්දිව බලන්න ඕනලු” අක්කා එහෙම කියද්දි  මං හෙමින් හැරුනා.. මම ඉස්සෙල්ලම දැක්කේ පුංචි ඇස් දෙකක්.. ටිකක් වෙලා ඒ ඇස් දිහා බලන් ඉද්දී මටත් නොදැනීම  වීදුරු බෝල වගේ ඇස් දෙකට ආසා හිතුනා...
“මේ තමයි ඔයාගේ උපන්දින තෑග්ග...”
අම්මා  පැටියව මගේ අතට  අරන් දුන්නේ හිනා වෙමින්... මෙච්චර වෙලා මගේ රාජධානිය පැහැර ගන්න එන හතුරෙක් කියලා හිතුනට මං කවදාවත් මගේ තැන ඔයාට දෙන්නෙ නෑ කියලා හිතුවට.. මටත් නොදැනිම මගේ හිතත් මේ බෝල ඇස් දෙක හොරා ගෙන......................

9 comments:

  1. හිහ් හී.. පොඩි එවුන් එක්ක මොන හේතුව අල්ලගෙනත් තරහ වෙන්න හිතුවට තරහා වෙන්න බෑ අයියෝ.. අපිටත් දන්නේ නැතිවම අපි එයාලගේ වෙලා....

    ReplyDelete
  2. ඔයාගේ මේ බ්ලොග් එක සිංඩිකේටර් වලට ඇතුල් කරලා නැහැ මම හිතන්නේ.. කැමතිනම් ‍බ්ලොග් එක සිංඩිකේටර් වලට ඇතුලත් කරන්න. එතකොට වැඩි පිරිසකට මේ බ්ලොග් එක කියවන්න අවස්ථාව ලැබේවිනේ...

    ReplyDelete
  3. ඒකනේ... මේක සින්ඩියට දාන්න... නියමයි... මම දන්නේ නෑ ඈත්තම දේවල්ද, නැත්තම් සිතුවිලිද කියන්න, මට නම් ඈ​ඩෙන්නම වැදුනා. ලස්සනය, දුක්බරයි... නියමයි...

    ReplyDelete
  4. ඔන්න ඔයාට පොඩි support එකක් දුන්නා. මගේ බ්ලොග් එකේ පොඩි post එකක් දැම්මා. බලන්නකෝ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ගෝල්ඩ් ෆිශ් ට තැන්කියු වේවා!!!!!....අකීකරු හිත ...හොඩට ලියනවා...එල එල..ඔහොමයමු..අප්පිත් මේ පැත්තෙ කැරකෙනවා අද ඉදලා

    ReplyDelete
  7. ගෝල්ඩ් ෆිෂ් තමයි මට පාර පෙන්නුවෙ. අකීකරු හිතට මොනව හරි ලියල එන්න කියල. ඇතටම උඹ හරිම අකීකරුයි. ඇයි සින්ඩියට නොඑන්නෙ. අකීකරු හිතට හිතෙන දේවල් කියවල ගොඩක් අඬන්න පුළුවන් ගොඩක් දෙනෙක් සින්ඩියෙ ඉන්නව. කමක් නෑ රත්ගමයගෙ පස්සෙන් වැටිල මාත් එන්නං ඉඳල හිටල.

    ReplyDelete
  8. පැණි රසට කූබි අැෙදනව වගේ තමයි ෙහාඳ ෙද්වල් වලට අෙප් අෑෙයා අැදිලා එන්ෙන. ෙකාච්චර හැන්ගිල හිටියත් උන් හැමදාමත් ඔයා ෙහායාෙගන එනවාමයි,
    සුභ පැතුම්!

    ReplyDelete