Wednesday, August 29, 2012

කතාවක් දිගේ ඇවිද යමුද (අවසාන කොටස)


ලාම්පුව වැටුනත් එක්කම මුළු කාමරේම අදුරු වුනා.
මගෙ මිත්‍රයා ඔයා දොර ගාවට යන්න. එළියට පනින්න දෙන්න එපා...
"අමන්දා ඉක්මනට එළියක් අරන් එන්න!!!!"
ඒත් එක්කම අමන්දා අරන් ආව ඉටිපන්දම් එළියෙන් කාමරේ යන්තම් එළිය වෙද්දි මගේ ඇස් හෙව්වේ මාවත් පෙරලගෙන දිව්වේ කවුද කියලා....
ඔබත් අමන්දත් හැරෙන්න එකපාරටම කාවවත් මට එක පාරටම පෙනුනේ නෑ. ඒත් කාමරේ දකුණු පැත්තේ අදුරු මුල්ලක ලොකු ගුලියක් හෙලවෙනවා වගේ පෙනෙද්දි අමන්දා අතේ තිබුන ඉටිපන්දම අරන් මම ඒ පැත්තට එල්ල කලා....
කකුල් දෙක අස්සේ මූණ ඔබාගෙන ගැහෙන මේ මනුස්සයා කවුද? මේ පාල නම් නෙමෙයි!!!! මම අමන්දා දිහා බැලුවේ එයාවත් මේ මනුස්සයාව අදුරනවද බලන්න.. ඒත් අමන්දගේ මුහුණෙන් ඒ වගක් පෙනුනෙ නෑ.
"ඔහේ කවුද?" මගේ ප්‍රශ්නෙට නෙවෙයි ඔහු ඔළුව ඉස්සුවේ. ඒ වෙනුවට තවතවත් ඔළුව හංගගත්තා.
"තමුසේ මොනවද මගේ ගෙදර කරන්නේ?...."
මොනවා හොරකම් කරන්නද ආවේ? .....
"කොච්චරකල් ඉදන් මෙහෙ ඉන්නවද?"
අමන්දගේ මේ ප්‍රශ්න වැලටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ...
"මේ වැඩේ හරියන්නෙ නෑ අමන්දා අපි පොලීසියට කතා කරමු. එතකොට මේ කට ඇරෙයිනේ." මම එහෙම කිව්වේ පොලීසිය ගැන කිව්වම හරි මොකක් හරි ප්‍රතිචාරයක් තියෙයි කියලා...
ඒත් ඇහුනේ හීන් ඉකිබිදීමක් විතරයි!!!
මේ මනුස්සයා අඩනවාවත්ද? අදුරටම තවතවත් ගුලි වෙන මේ මනුස්සයා ගැන මට ඇති වුනේ මහ පුදුමයක්...මේ වගේ බයේ ගැහෙන කෙනෙක් මම කවදාවත් දැකලා නෑ... මම තව ටිකක් ඉටිපන්දම් එළිය ඒ පැත්තට එල්ල කලේ හරියටම මේ මනුස්සයා මොනවගේද කියලා බලා ගන්න.
කිළිටි වෙලා ගිය කළු දිග කබායකින් මුළු ඇගම වැහිලා තිබුනත් මේ මනුස්සයා ඒ තරම් වයසක කෙනෙක් නෙමෙයි කියලා මට තේරුනා.. ඒත් බෙල්ල ලගටත් වඩා දිගට වැවිලා තිබුනු කොන්ඩේ නිසා ටිකක් අමුතු පෙනුමක් එක්වෙලා තිබුනා. මම හෙමින්ම ඔහු ලග බිම දණගහගත්තේ ඔහුගෙන් අනතුරක් වෙනව නම් මේ වෙනකොටත් එහෙම දෙයක් වෙලා තියෙන්න ඕන නිසා. ඔහු ඉන්නේ කාටවත් අනතුරක් කරන්න පුළුවන් තත්වයක නොවන වග ඔබටත් පේනවා නේද මගෙ මිත්‍රයා..
"දැන් කියන්න ඔයා මොකද මෙහෙ කරන්නේ කියලා..."  තව දුරටත් මොහුව බය කරන එකේ තේරුමක් නෑ.ඒ නිසාම මම පුළුවන් තරම් සැර බාල කලා.
ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ....
"මේක හරි යන වැඩක් නෙමෙයි. මම පොලීසියට කතා කරනවා. මගේ ගෙදර මේ  විදිහට හැංගිලා ඉන්න තරම් හයියක් ආවේ කොහොමද?"
අමන්ද ඉන්නේ හොදටම කේන්ති ගිහින් කියලා තේරුනත්, එයාට ප්‍රතිඋත්තර දෙන්න ගියේ නැ මම. කොහොමත් තමන්ගෙම ගෙදර තමන්ට හොරෙන් කවුරු හරි හැංගිලා ඉන්නවා කියලා දැනගද්දි මොන මනුස්සයටද තරහ නොයන්නේ...කොහොමත් මේ මනුස්සයා අපි අහන දේකට උත්තර දෙන්නෙත් නැති එකේ කරන්න තියෙන එකම දේ පොලීසියට කියන එක කියලා මටත් හිතෙනවා. ඒක හොදයි නේද මගෙ මිත්‍රයා....!!!
"දෙයි හාමුදුරුවනේ....මම කිව්වනේද මෙහෙට එන්ට එපා කියලා....."
එක පාරට පිටිපස්සෙන් ඇහුනේ පාලගේ කටහඩ...
"මගේ ගෙදර මට ඕන තැනක යන්න පාලගෙන් අවසර ගන්නේ අහවල් දේකටද මම? අනික මේ බලනවා මේ ගුලි වෙලා ඉන්න එකා දිහා බලනවා... මටත් හොරෙන් මගේ ගෙදර රිංගගෙන ඉන්න හොරගෙඩියෙක්... පාල කියන්නේ මෙච්චර දේවල් වෙනකනුත් බලන් ඉන්න කියලද?"
"ඒ ...ඒ ... කියන්නේ හැම දෙයක්ම අහුවුනා කියන එකද???" පාල මුණුමුනු ගගා කියව කියව හෙමින් හෙමින් ස්සට ගියා...
"ඒ කියන්නේ පාලත් මේ දේවල් දන්නවා කියන එකද?" අමන්දා සැරෙන් එහෙම අහද්දි  පාල කලේ බිම බලා ගත්ත එක...
ඕ..හෝ...!!!පාලත්මේකේකොටස්කාරයෙක්...!!!!                                                           
"හොදයි මේ මනුස්සයා කට අරින්නෙත් නැති එකේ දැන් පාලවත් කියනවා බලන්න මේ සිද්ද වුන දේවල් වල අග මුල සේරම... එහෙම නැති වුනොත් කලින් අමන්දා කිව්වා වගේ මේ මනුස්සයාට විතරක් නෙමෙයි පාලටත් සිද්ධ වෙන්නේ කූඩුවේ ලගින්ට.."
"අනේ... මාවනම් ඕන හිරේක දැම්මට කමක් නෑ... ඒත් චුටි හාමු මහත්තයාට මොනවත් කරන්ට එපා..!!! මම කියන තැනකට වදින්නම්... චුටි හාමු මහත්තයා අහිංසකයි දෙයියනේ...!!!"
චුටි හාමු මහත්තයා!!!!
මට එක්වරම බැලුනේ පැත්තක ගුලිවෙලා ඉන්න මනුස්සයා දිහා...තවමත් ඉස්සෙල්ලා හිටපු විදිහටමයි.
"කියන දෙයක් තේරෙන්න කියනවා පාල... මේ මනුස්සයා කොහොමද හාමු මහත්තෙක් වෙන්නේ? අනික කවදාවත් මම දැකලා නෑ මේ මනුස්සයාව...." අමන්දාගේ ප්‍රශ්නයට උත්තර හදා ගන්න වගේ පාල ටික වෙලාවක් කල්පනා කරනවා...
"බොරු එහෙම ගොතන්න ලැස්තිවෙන්න එපා පාල..."
"අනේ නෑ... මම කල්පනා කලේ මේවා කොහෙන් පටන් ගන්නද කියලා... තවත් මේවා හංගන් ඉන්න එකෙන් පලක් නැනේ... "
අත් දෙකත් පපුවට තද කරගෙන පාල කිව්වේ ඇත්තටම කියලා මොහොතකට මට හිතුනා...
"මම හැමදේම කියන්නම් චූටි මැණිකේ..ඒත් ඊට කලින් අර අහිංසකයව නැගිට්ටවලා ඉන්නම්... චූටි හාමු මහත්තයා කළබල වලට හරි බයයි...ඒකයි ඔහොම ඉන්නේ.."
"මේ තරම් ලොකු මනුස්සයෙක් ඔහොමත් බය වෙනවද? "අමන්දා ඇහැව්වේ සරදමට වගේ.. හරි නම් අපිනේ බය වෙන්න ඕන...
"මම හැමදේම කියන්නම් කිව්වනේ මැණිකේ..." බිම ගුලි වෙලා ඉන්න මනුස්සයාව වත්තම් කර ගන්න ගමන් පාල එහෙම කිව්ව නිසා අමන්දා තවත් කියන්න ගිය දේවල් නවත්ත ගත්තා..
අම්මෙකුගේ උණුහුමට ගුලි වෙන පුංචි එකෙක් වගේ පාලට ලං වුන මේ මනුස්සයා ගැන පළවෙනි පාරට මොකක්දෝ අනුකම්පාවක් මගේ හිතේ ඇතිවුනා.
"හරි අමන්දා අපි පාලගෙන් මේ ගැන අහගමු. එත් මේ කළුවරේ ඒක කරන්න බෑනේ... අපි පහළට ගිහින් මේ ගැන කතා කරමු...අමන්දා ඒකට කැමති වුන නිසාම එයාටම ඉස්සර වෙන්න දීලා මම අයිනට වුනා.
පාල මෙයාවත් පහළට අරන් යමු..."
පහළට එනවත් එක්කමආපහු කරන්ට් එක ආව නිසා අමන්දා අතේ තිබුනු ඉටිපන්දම නිවලා දැම්මා...
දැනුයි මම හරියටම අපේ අමුත්තව දැක්කේ... ඒ මුහුණේ මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුනත් ඒ ගැන කල්පනා කරන්න කලින් අමන්දා කතා කරන්න පටන් ගත්තා.
හරි දැන් කියනවා බලන්න පාල හැම දෙයක්ම...
එන්න මිත්‍රයා අපි මෙතන ඉදගෙන පාලගෙ කතාව අහමු...
"මම කියන්නම් හැම දෙයක්ම...".
"මේ චුටි මැණිකේ ඉස්සරහා ඉදන් ඉන්නේ වෙනකවුරුත් නෙමෙයි.
චූටි මැණිකෙගෙම සහෝදරයෙක්!!!"
මොකක්????
"ඔව් ඒක ඇත්ත චුටි මැණිකේ... මේක චූටි මැණිකේ විතරක් නෙමෙයි තව ගොඩක් දෙනෙක් නොදැන හිටි කාරණයක්... ඇත්තටම ලොකුහාමුයි ලොකු මැණිකෙයි විතරයි දැනන් හිටියේ චූටි හාමු ජීවත් වෙන වගක්..".
"මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි පාල.. අප්පච්චිවත් අම්මවත් මට කියලා නෑ මේ ගැන කවදාවත්..."
"ඔව් මැණිකේ.. කිව්වේ නෑ තමා.. චූටි හාමු මහත්තයා ඉපදුනේ චූටි මැණිකෙ ඉපදෙන්ට අවුරුදු 3 කට කලින්. ඒත් ඒ ඉපදුනේ සාමාන්‍ය දරුවෙක් විදිහට නෙමෙයි... කවුරුත් හිතුවෙ නෑ ජීවත් කරන්න පුළුවන් වෙයි කියලා... විසබීජයක් ගිහින් කියලයි කිව්වේ... ලොකු හාමුයි මැණිකෙයි  පුදුමාකාර විදිහට දුක් වුනා ඒ වෙලාවේ...කොහොම හරි බේර ගන්නමයි බැලුවේ.. අන්තිමට දොස්තර මහත්තුරු කොහොම හරි අපේ චූටි හාමුව බේර ගත්තා... ඒත් ඒ වෙනකොට අපේ ලොකු හාමුගේ අම්මා මේ දරුවගේ වෙලාව බලවලා...ඒ වෙලාවේ කියලා තිබුනලු මේ දරුවා ගෙදරට ගෙනාවොත් මුළු පරම්පරාවම විනාස වෙනවා කියලා.... ඒ කාලේ ඕවා හරියට විශ්වාස කරනවා චුටි මැණිකේ...ඒ හිංදා දරුවව මේ ගෙදරට ගේනවට අකමැති වුනා... ලොකු හාමුටත් කරගන්ට දෙයක් තිබුනේ නෑ... අන්තිමට ලොකු හාමු තීරණේ කලා දරුවව වෙන කොහේ හරි නවත්තන්ට. අනික ලොකු මැණිකෙත් බයේ හිටියේ කවුරුහරි දරුවට මොනා හරි කරදරයක් කරයි කියලා...ඒ හිංදා කාටවත් නොකියා දරුවව වෙනම තැනක නැවැත්තුවා.. මයේ ගෑනි තමා දරුවව බලා ගත්තේ මැණිකේ..." මේ දේවල් කියාගෙන යද්දි පාලගේ ඇස් වලින් කදුළු  ගලාගෙන ගියා...
"ඒත් අපි ආරංචිය යැව්වේ ඉස්පිරිතාලෙදිම අමාරුවෙලා දරුවා නැති වුනා කියලා... ඊට පස්සේ හාමුලා මෙහෙ ආවා... අනිත් අයත් ඒ කියපු දේවල් විශ්වාස කලා... ඒත් සැරින් සැරේ හාමුයි මැණිකෙයි දෙන්නම ආවා දරුවා බලන්න... ඒ ඇවිත් යන පාරක තමයි ලොකු  මැණිකෙගේ  වාහනේ පෙරළුනේ...චුටි හාමු මහත්තයා ටිකෙන් ටික ලොකු වෙද්දියි දැනගත්තේ හාමු මහත්තයට කතා කරන්ට බැරි වග. ඒත් අපි කියන දේ තේරෙනවා... චූටි හාමු මහත්තයා හරිම අහිංසක දරුවෙක් ඒ කාලේ ඉදලම... ලොකු මැණිකෙ වගේම චිත්‍ර අදින්න දස්සයා...තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා චිත්‍ර අදින එක තමයි කරන්නේ... මයේ ගෑනි නැති වුනාට පස්සේ මමයි හාමු මහත්තයාව බලා ගත්තේ...."
එතකොට මෙහෙ ආවෙ කොහොමද? පාලගේ දිග කතාවට විරාමයක් දෙන ගමන් මම ඇහුවා...
"ලොකු මැණිකෙ නැති වුනාට පස්සේ හාමු මහත්තයා රට යන්න ඕන කිව්වා.. තවත් චුටි හාමුව එහෙ තියනවට වඩා මෙහෙ ගෙනත් නවත්තමු කිව්වේ හාමු මහත්තයා.. මෙච්චර කාලයක් අර පොඩි ගේක හිරවෙලා ඉන්නවට වඩා මෙහෙ හොදයි කියලා තමා හිතුවේ. ඉතින් චුටි මැණිකෙවත් අරන් ලොකු හාමු ගියාම එදාම රෑ මම චූටි හාමුව මෙහෙ එක්ක ආවා.."
"ඒත් චූටි මැණිකේ ආයෙමත් ආවම මට කරගන්න දෙයක් නැතුව ගියා. ආයෙමත් පරණ ගෙදරට යන්ට චුටි හාමු කැමති වුනෙත් නෑ... ඒ හිංදා මම හිතුවා චූටි මැණිකෙව ආයෙමත් කොහොම හරි ඒ රටටම යවන්න... ඒ හිංදා චුටි මැණිකෙව බය කරලා මෙහෙන් යවන්න හිතාගෙනයි පහුගිය ටිකේ අර වගේ දේවල් කලේ."
පාල එක හුස්මට කියාගෙන යද්දි මම අහන් හිටියේ සුරංගනා කතා අහන පොඩි එකෙක් වගේ...
මම අමන්දා දිහාට හැරුනේ මේවට එයාගේ ප්‍රතිචාර මෙනවගේද බලන්න.
ඒ ඇස් වලින් කදුළු ගලාගෙන ගිහින් තිබුනා...
ටික වෙලාවකින් අමන්දා කතා කරන්න පටන් ගත්තේ මේ හැම කෙටම අවසාන තීන්දුව දෙන්න කියලා මට හිතෙනවා.
"පාල මට නිකන් හරි මේ ගැන කියලා තිබුන නම්... කවදාවත් මගෙ අයියට මෙහෙම හැංගිලා ඉන්න දෙන්නෙ නෑ මම... මොන විදිහට හිටියත් මේ මගේ සහෝදරයා නම් එයාටත් මේ දේවල් ගැන අයිතියක් තියෙනවා..."
අමන්දගේ ඒ වචන ටික මගේ හිතට සතුටක් එකතු කලා...
"තවත් හැංගිලා ජීවත් වෙන්න ඕන නෑ ඔයා... ඔයාගේ නංගි ඉන්නවනේ දැන්... අමන්දා එහෙම කිව්වේ ඔහු ගේ කරවට අත දා ගන්න ගමන්..,
බලන්න මගේ මිත්‍රයා ඒ මුණේ ලස්සන හිනාවක්...
ඉතින් තවදුරටත් අපි මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ... ඔවුන්ට කතා කරන්න ගොඩක් දේවල් ඇති තනියම...
තව පැය ගණනකින් අපද සමු ගතයුතුයි මගෙ මිත්‍රයා....හොද මිතුරන්ට ස්තුති කරන සිරිතක් නැති නිසා මම ඔබට සුබ පතන්නම් මගේ මිත්‍රයා... අපි කතාවේ අවසානයටම ආවා...

21 comments:

  1. නියමයි සුපිරියි. කතාව ඉවර වුනේ හිතුවෙවත් නැති විදිහකට. විශිෂ්ට රචනයක්. ඒත් කතාව මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවේ නම් නෑ.. ඔන්න තව මේවගේ කතාවක් අපිට ඕනේ හොඳේ..ලියමු නේද එහෙනම්......ම් ....?. සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්... මට ඕන වුනේ මේක ඉක්මනට ඉවර කරන්න... එක දෙයක් මේ තරම් දිගට ලිව්වමයි මම...

      Delete
  2. නිකමට හිතුවා සහෝදරයෙක් වෙන්න ඇති කියලා.... ඒත් මේ වගේ කතාවක් හිතුවේ නෑ..... නියමයි අවසානය..... දැං ඉතිං ආපහු කූඩැල්ලෝ කඩ කඩ යන්න එපැයි.. හපෝයි....

    ReplyDelete
  3. නියමයි අක්කේ.. හරිම ලස්සනයි.. එහෙනම් මන් හිතපු දේ හරි.. කවුරු හරි හොරෙන් පදිංචි වෙලා ඉඳලා තියෙනවා.. :) තව එකක් ලියන්න හොඳේ..
    ජය වේවා... :D

    ReplyDelete
    Replies
    1. තව එකක්? අපෝ මේක ලියා ගත්තෙත් පුදුම අමාරුවකින්...
      ජය වේවා ඔයාටත්

      Delete
  4. නියමයි හොද අවසානයක් ....!!!!

    ReplyDelete
  5. සියල්ලෝම සතුටින් විසිර ගියහ !!
    ලස්සන අවසානයක් !!! නියමයි ! කතාව සුපිරි !

    ReplyDelete
    Replies
    1. ඔව් සියල්ලෝම සතුටින් විසිර ගියහ

      Delete
  6. මට නම් දුකයි කතාව ඉක්මනට නවත්තපු එක ගැන... ඔයාට තව දිගට ලියන්න තිබුනා මේක... අනිත් කතා වල වගේ නැතුව ලස්සන අවසානයක් දුන්න එක ගැන නම් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මුලින් නම් හිතුවේ ටිකක් දිගට ලියන්න තමා..ඒත් ගොඩක් දිග වුනාමත් එපා වෙනවනේ කියවන කෙනාට.. අයියා හිතුවේ මම මේකටත් දුක්බර අවසානයක් දෙයි කියලාද? එහෙනම් හොද වෙලාවට මම මෙහෙම අවසන් කලේ

      Delete
  7. Crash end..අවසානය තව ටිකක් ඇදුනනම් ඇහැට ආපු කඳුලු බින්දුව තවත් ටිකක් වෙලා රැඳෙන්න තිබුනා.තවත් කියවන්නාව කතාවට සම්බන්ද කලානම් මරු.එකවගේ දේවල් ගොඩක් අතරෙ වෙනස් එකක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් මේ කොටස ලිව්වේ හදිසියෙන් තමයි.. ඒත් මේකෙදි කියවන්නාව සම්බන්ධ කර ගන්න එක තමා අමාරුම වුනේ. ඇයි ඉතින් මටම අමතක වෙනවනේ මම මේක පටන් ගත්තේ කියවන කෙනාවත් සම්බන්ධ කර ගෙන කියලා

      Delete
  8. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සන ගමනක්. ස්තූතියි සහෝදරී......

    ReplyDelete
  9. අයියෝ කෝ ඉවර කරලනේ....
    බොරු මොකටද.. මුල් කතා ටික නම් ශෝක්..... මල් හතයි......
    ඒත් මෙන්න මේ කතාව නම් එක පාර ඔක්කොම එක පාර කියලා දාලා වගේ
    හරි නෑ වගේනේ.. මම දන්නේ නෑ.. මට දැනුන දේ කිව්වේ.. අනේ තවත් එකක් ලියන්නකෝ

    ReplyDelete
  10. ලස්සන කතාවක් නංගියේ.. මගෙන් සුබපැතුම්...!

    ReplyDelete
  11. අප්පේ ඉවරත් වෙලානෙ.අනේ තව පොඩ්ඩක් ලිව්වානම් හොදයි වගේ.

    ඒත් ලස්සනයි.

    ReplyDelete
  12. මම හිතුව දේ වැරදී. ඒත් හොඳ අවසානයක්.

    ජය වේවා..!

    ReplyDelete