Monday, August 20, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 9


            තරප්පු පේළියේ අවසන් පඩි දෙක තුනට උඩින් පැන්න මම දිව්වේ අමන්දා පස්සෙන්. අමන්දා ගියේ ගේ පිටිපස්සට... එ යද්දියි දැක්කේ.. පාල බිම ඉදගෙන බිත්තියට හේත්තුවෙලා ඉකි ගගහා අඩනවා.
"මොකද පාල මේ?" අමන්දා ඇහැව්වේ හති අරින ගමන්.
"අනේ චූටි මැණිකේ... අ..ර... අර... අර එහා පැත්තේ.. අ..ර.."
පාලට වචන කියවෙන්නෙත් නෑ. හූල්ල හූල්ල අඩන දිහා බලන් හිටපු මට ඇත්තටම හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා...
"පාල කියන දෙයක් තේරෙන්න කියනවා මනුස්සයෝ....." 
අමන්දා සැරෙන්ම කිවේ පාල කියන කිසි දෙයක් එයාටත් හරියට තේරුම් ගන්න බැරි වුන නිසා වෙන්න ඇති.
"අනේ මට නම් බෑ චූටි මැණිකේ තවත් මෙහෙ ඉන්ට මම යනවා යන්ට....."
කොන්දට අතකුත් තියාගෙන පාල නැගිට්ටේ යන්න හිතාගෙනද කොහෙදෝ.
"මෙතන වුනේ මොකක්ද නොකියා ගියාම හරියනවද පාල. එක පාරට යටිගිරියෙන් කෑ ගහලා දැන් යන්න හදනවා. මේකේ තේරුම මොකක්ද මනුස්සයෝ...."
"මම වත්ත පහළ ඉදන් අර පැත්තෙන් එනකොට...." 
"අනේ චූටි මැණිකේ මේ මගේ මුව සරුවාංගෙම වෙව්ලනවා..." කියන්න ගියදේ නොකියා ආයෙත් බහුභුත කියවන්න ගත්ත පාල ගැන මට ආවේ කේන්තියක්.
"උනේ මොකක්ද කියලා කියනවා පාල..."
"මම අතනින් පිළකන්න පැත්තට එනකොටම  අර අර.. පඩිපෙළෙන් එක පාරටම කවුදෝ මන්දා දුවගෙන දුවගෙන ආවා චූටි මැණිකේ..."
පාල අත දික් කරලා පෙන්නුවේ ගෙයි එළියෙන් උඩු මහළට යන පඩිපෙළක්...
"දුවගෙන ආවා !!!"
"මොන වගේ කෙනෙක්ද?" හිතේ මොකක්දෝ සැකයක් ඇතිවෙනවා වගේ දැනෙද්දි මම පාලගෙන් ඇහුවා.
"මම දන්නේ නෑ... කළු පාට රෙද්දක් පොරෝගෙන .. මේ කරුවලේ හරියට පෙනුනේ නෑ. විගහට විගහට පඩිපෙළින් බැහැලා දිව්වා...."
"කොයි පැත්තටද දිව්වේ...."
"අර පැත්තට..." පාල ඇගිල්ල දිගු කලේ නිවසේ ඉදිරිපසට...
"ඒ කියන්නේ ඉස්සරහ ගේට්ටුවෙන් යන්න ඇති.. අපි පොඩ්ඩක් ගිහින් බලමුද?" 
අමන්දාගේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්ම පාල මැද්දට පැන්නා.
"චූටි මැණිකෙට පිස්සුද. මේ ගොම්මං වෙලාවේ යන්ට හදන්නේ.. අනික කවුද දන්නේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. ඔව්වා සෙල්ලං වැඩ නෙවෙයි මැණිකේ."
"මෙහෙ ඇති අමනුස්සයෙක් නෑ පාල. පාලට බැරි නම් ඉන්ට මම ගිහින් බලන්නම්.." 
එහෙම කියපු අමන්දා ඉස්සර වුනා. අමන්දාව විතරක් තනියම යවන එක හොද දෙයක් නෙමෙයි එන්න මගේ මිත්‍රයා අපිත් යමු..
අමන්දා අඩිය ඉක්මන් කරලා ගියේ ගේට්ටුව පැත්තට... ගේට්ටුව ඇරලා දාලා... කොහොමත් අපි එනකොටත් ගේට්ටුව ඇරලානේ...ඒ හිංදා ලේසියෙන් පැන ගන්න ඇති.ගේට්ටුවෙන් එළියෙත් හොදට බැලුවත් කිසිම සළකුණක් නෑ.. අපි කොහොමත් එනකොටත් වෙලා ගියා අනික පාලත් එක්කත් කතා කරකර හිටියානේ. ඒ වෙලාව හොදටම ඇති ඕනම කෙනෙකුට පැන ගන්න.
ඔබටත් කිසිම හෝඩුවාවක් ලැබුනේ නැද්ද මගෙ මිත්‍රයා...!!
බලාපොරොත්තු කඩවුණු මුහුණකුත් හදාගෙන අමන්දා ඇවිදගෙන ආවේ ඊළගට කරන්නේ මොකක්ද කියලා අහන්න වගේ...
"දැන් කළුවරත් වැටිලනේ... මගේ මිත්‍රයා කලින් ඔබ කිව්වා වගේ අපිට දැන් කරන්න තියෙන්නේ මාරුවෙන් මාරුවට හරි ගේට්ටුව මුර කරන එක.." මගේ යෝජනවට ඔබ එකගයිනේ??
"දැන් අපි ඇතුළට යමු.....ඊට පස්සේ කරන්න ඕන මොනාද කියලා කතා කරගමු."
"මට හොදටම විශ්වාසයි මේ ගෙදර කවුරු හරි ඉදලා තියෙනවා කියලා. සමහර විට අමන්දලා ආයෙත් එන්නේ නැතිවෙයි කියලා හිතලා කවුරු හරි මෙහෙ ඇවිත් හිටියද දන්නේ නෑනේ. ඒත් එක්කම ඔයා ආයෙත් ආවම එයාට එකපාරට එළියට එන්න බැරි වෙන්න ඇති. අනික හොරෙන් ආපු කෙනෙක් නිසා ඔයා දැන ගනී කියලා බය වෙන්න ඇති..."
 මම මේ තාක් සිද්ධ වුන දේවල් මට තේරෙන විදිහට කිව්වේ.
"ඔව් ඒක වෙන්නත් පුළුවන්. ඒත් හැමදාම මල් තියන එකේ තේරුම මොකක්ද?"
අමන්දගේ ඊළග ප්‍රශ්නෙන් මම ආයෙත් හිර වුනා...
ඇත්තටම මේ මල්??? 
ඔබ මොකද හිතන්නේ ඒ ගැන....

14 comments:

  1. මට නම් මුකුත්ම හිතෙන්නේ නෑ... මොකටද එහෙම මල් තියන්නේ ??

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් හිතාගන්න බැරි

      Delete
  2. matath mukuth hitha ganna ba gedara horena hitapu kenek nam mokatada mal thiyanne

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ හැම දෙයක්ම ඉක්මනින් හොයා ගන්න පුළුවන් වෙයි

      Delete
  3. ජය වේවා.. මන් හිතපු විදිහටම තමා ඔයාත් හිතලා තියෙන්නේ..
    මල්.. මට නම් හිතෙන්නෙම ඔය මල් තියලා තියෙන්නෙ බය කරන්න හිතාගෙන නම් වෙන්න බැ.. ඒක එක්තරා විදිහක සංඥාවක් වෙන්න පුළුවන්.. එහෙම නේද...

    ReplyDelete
    Replies
    1. මල් තමා දැන් විසදගන්න තියෙන තැන...

      Delete
  4. සමහර විට මල් තියන්නේ අමන්ද ඇතුළු පිරිස නොමග යවන්නත් පුළුවන්. අවධානේ වෙනස්ම අතකට යොමු කරාම ඒ පුද්ගලයට තමන්ගේ කාර්ය කරගන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුළුවන්

      Delete
  5. කලු ටියුලිප් මල් ගැන නම් අහලා තියෙනවා.. රෝස මල් නං.......
    අද මොලේ වැඩ කරන්නෑ... ටවුමට ගිහින් සැර දුංකොල ටිකක් අරගෙන එන්නෝනෑ..... ප්‍රමාණවත් දත්ත නැතුව කිසිම නිගමනයකට එන එකේ තේරුමක් නෑ කියලා ෂර්ලොක් හෝම්ස් හිටියනං කියයි......

    ReplyDelete
    Replies
    1. කළු රෝස මල් තියෙනවා...
      ඒකනේ හරියට දත්ත ටික හොයාගෙනම නිගමනේකට එමු

      Delete
  6. එක හුස්මට 9ම කියෙව්වා..

    මේක පාලගේ වැඩක්ද කියලත් හිතෙනවා. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. කතාව දිගේ යන්න මී පැටියෙකුත් ඇවිත්.... සාදරයෙන් පිළිගන්නවා ඔයාව...
      දිගටම යමුකෝ..හොයාගන්න පුළුවන් වෙයි එතකොට...

      Delete
    2. දිගටම ඉන්නවා කතාව දිගේ ඇවිදගෙන යන්න.

      ජය වේවා..!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete