Friday, August 17, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 8

කතාවක් දිගේ ඇවිද යමුද 7

ගියපු ඉක්මනින් වගේ දුවගෙන ආපු අමන්දා අතේ තිබුන පත්තරේ මට දික් කලා.
ඔබ දැන් අහන්න යන්නේ පත්තරේකින් කොහොමද යතුර ගන්නේ කියලනේ?
මෙන්න මෙහෙමයි ඒක කරන්නේ...
"පත්තර පිටුවක් අරගෙන දිගෑරලා.. දොරට යටින් එහා පැත්තට යවනවා මෙන්න මෙහෙම.."
"අමන්දා ඔයාගේ කොණ්ඩ කටුවක්  මගෙ මිත්‍රයාට දෙන්න"
ඉල්ලපු පමාවෙන් කොණ්ඩ කටුව දුන්න අමන්දා බිම දණගහගෙන බලන් හිටියේ මොකද්ද කරන්නේ කියලා.
"මගෙ මිත්‍රයා දැන් ඔය කොණ්ඩකටුව දිගැරලා හිමීට යතුරු හිලෙන් දාලා යතුර තල්ලු කරන්න. එක පාරට තල්ලු කරන්න එපා. යතුර පත්තරේ උඩට වැටෙන්නයි ඕන"
"අන්න හරි මගේ මිත්‍රයා ඔබ හරියටම වැඩේ කලා."
"මම හිතන්නේ යතුර වැටුනා අපි හෙමීන් පත්තරේ අදිමු දැන්..." 
දොර යටින් ඇතුලට දාපු පත්තර පිටුව හෙමින් හෙමින් අදිද්දි දොරයටින් පත්තර පිටුවත් එක්ක එන යතුර දැක්ක අමන්දට ලස්සන හිනාවක් ගියා.
ඒත් එක්කම අමන්දා  නැගිටලා යතුර දාලා ලොක් එක කැරකුවේ වෙව්ලන අතින්....
හෙමීට ඇරුන දොරින් ඉස්සෙල්ලම ඇතුල් වුනේ අමන්දා.
"එන්න මගෙ මිත්‍රයා අපිත් ඇතුල් වෙමු."
අමන්දගේ කිට්ටුවෙන්ම අඩිය තියමින් ඇතුල් වන විට මගේ අත් පා සීතල වී ඇතැයි මොහොතකට සිතුනි. එහෙත් කාමරය පුරා නෙත් යවද්දී කිසිවෙකුත් දක්නට නොලැබීම ගැන මට ඇති වන්නේ පුදුමයකි.අමන්දාද පිටුපසින් සිටින අප දෙස හැරි බැලුවේ බලාපොරොත්තු කඩවු අයුරිනි. කාමරය තුල කිසිවෙකුත් නැති බව දැනගත් නිසාම  සිතේ බිය අතහැර මෙහි ඇති දේ සෝදිසි කර බැලිම සුදුසු යැයි සිතේ....
අමන්දා පෙර කියු පරිදිම ජනේලය අසල චිත්‍ර රදවනයක් ඇති බව මා දුටුවේ දැන්ය.... ඇය එහි රදවා තිබු චිත්‍රය ගලවාගෙන ගිය බව කී නිසාම මා එතනට ලං වුනෙමි.
මා සිත නැවතත් හිරි වැටිගියේ එවෙලෙහිය. 
බලන්න මගෙ මිත්‍රයා මෙතන තවත් චිත්‍රයක්.... බාගෙට ඇද ඇති චිත්‍රයත් එහි තවමත් වේලී නැති පින්සල් පාරවලුත් දකින ඔබේ ඇස්ද විස්මයෙන් මහත් වනු පෙනේ.
"අමන්දා.... මේ...."
මා ඇයට චිත්‍රය පෙන්වීම සදහා කතා කළෙමි.... එහෙත් ඇය සිටියේ කාමරයේ අනෙක් කොනෙහි තිබූ කුඩා මේසය දෙසට හැරිගෙනය... ඇය නැවතත් අප දෙසට හැරුනේ අතෙහි කිසිවක් රදවගෙනය...
ඒ මොකක්ද මගෙ මිත්‍රයා??
අමන්දා ලගටම ආවමයි දැක්කේ එයාගේ අතේ තියෙන්නේ කෝප්පයක්.......!!!!
"මේ මේකේ කෝපි තියෙනවා!!!"
කෝප්පයට එබුනු ඔබේ හඩින් මම ගැස්සිලා ගියා..
"කෝපි??? ඒ කියන්නේ මෙතන කවුරුම හරි ඉදලා තියෙනවා...  මේ චිත්‍ර, කෝපි, හොල්මන්වල වැඩක් වෙන්න බෑ... කවුරු වුනත් පණ තියෙන මනුස්සයෙක්.. මොකද හොල්මන් කෝපි බොනව කියලා අපි අහලා නැනේ..."
"එත් මෙතන කවුරු හරි කෙනෙක් හිටියා නම් එයා කෝ??"
අමන්දගේ ඒ ප්‍රශ්නේත් එක්ක මම ආයෙත් වටපිට බැලුවේ කවුරුහරි හැංගිලාවත් ඉන්නවද බලන්න. ඒත් කිසිම කෙනෙක් ඉන්න බවක් පේන්නේ නැ.
"සමහර විට අපි දොර ළග ඉදන් කියපු දේවල් ඇහුනද දන්නේ නෑනේ? එහෙම ඇහුන නම් එයා කෙහෙ හරි හැංගුනා වෙන්න බැරිද."
ඔබ නගන තර්කය වඩාත් සාධාරණ බව පෙනේ.
"ඒත් මේ කාමරේ හැංගෙන්න තැනක් නෑනේ...."
"හරි එයාට යන්න තැනක් තියෙනවා...."
එක පාරටම කෑ ගහපු අමන්දා දුවගෙන ගියෙ වම් පැත්තේ බිත්තිය ගාවට..
"ඕහෝ...... එතන දොරක්.....!!!! මේ දොර කොහාට යන්නද තියෙන්නේ? "
මම එහෙම අහද්දිත් අමන්දා දොර ඇරලා ඉවරයි...
"මේක සීයගේ පොත් කාමරේ....."
පොත් රාක්ක කීපයකින්ම වට වුන කාමරේ මැද්දේ ලොකු මේසයක්..... මම වටේටම කැරකුනේ අපිත් එක්ක හැංගිමුත්තම් කරන කෙනා කවුද කියලා දැන ගන්න... ඒත් මගේ ඇස් නතර වුනේ එක පොත් රාක්කයක් උඩ තිබුන මල් පෝච්චියක් ළග...
අර.... 
කළු පාට රෝස මල්.......!!!! 
ඒවා පරවෙලා ගිහින්... සමහර විට සති ගාණක් වෙන්න ඇති....
මම ඒ ළගට යනවත් එක්කම මුළු ඇගම හිරිවට්ටන කෑ ගැහිල්ලක් ඇහුනේ පහළින්..... 
ඒ සද්දෙට අමන්දා අතේ තිබුන කෝප්පෙත් බිම වැටිලා කෑලී සී සී කඩ ගියා... තවත් කිසිවක් නොහිතාම මම පහළට දුවන්න ගත්තේ මට කලින් අමන්දත් ඔබත් ඒ දෙසට දුවන්න පටන් ගෙන තිබුන නිසා.

17 comments:

  1. හනී ලස්සන කතාවක් හරි සෝක්...

    ReplyDelete
    Replies
    1. හානී ඔයත් කියවනවද මේක... හරි සෝක්

      Delete
  2. අම්මෝ අපි කතාව දිගේ ඇවිදින වේගේ වැඩි ද මන්දා...
    අපිත් අමන්දා ඉන්න දිහාවට දුවමු.. මොකද දන්නේ නෑ උනේ ?

    ReplyDelete
    Replies
    1. හෑ වේගේ වැඩිද? මම මේ ඉක්මනට ඉවර කරන්න බැලුවේ...

      Delete
  3. මට පනින්නමයි හිතෙන්නේ.. ඒක නිසා මෙන්න කියෙව්වා දිව්වා.....

    ReplyDelete
  4. එක පාර කතා දෙකක් දාල නේදෝ.. කතාව හරිම උණුසුම් වේගෙන එන්නේ. මට නම් හිතෙන්නේ පාලගේම වැඩක් කියල ඕක. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. සති අන්තේ නිසා දැම්මේ... අපි බලමුකෝ

      Delete
  5. සන්තෝසයි කෙල්ල දිගටම ලියාගන ලියාගන යනවා.

    ReplyDelete
  6. ම්ම්ම්..මේ කවුරු වෙන්න ඇතිද.. ම්ම්ම්..
    මට නම් හිතෙන්නේ අමන්දාගේ ගෙදර කවුරු හරි එයාට හොරෙන් පදිංචි වෙලා.. දැන අමන්දා ආවට එයාට යන්න තැනක් නැති නිසා හැංගිලා ඉන්නවා ඇති...
    අපි ඉක්මනට එයාව හොයාගමු..

    ReplyDelete
    Replies
    1. මටත් දැන් දැන් එහෙම හිතෙනවා

      Delete
  7. එන්න එන්නම කුතුහලේ වැඩි වෙනවා වගේනෙ.

    ReplyDelete
    Replies
    1. අපි මේක කෝම හරි විසද ගමුකෝ අක්කා

      Delete
  8. පහල කෑගහන්න ඇත්තේ කව්ද.... :O

    ReplyDelete