Thursday, August 16, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 7


    කතාවක් දිගේ ඇවිද යමුද 6                          


  අමන්දාගේ පිටුපසින් වැටි තරප්පු පෙළ වෙත ගමන් කරද්දි ජනේලය දෙස බැලූ මට පෙනුනේ හාත්පසම කළුවර වෙමින් පැවති බවකි. ඒ කියන්නේ අපි ගොඩක් වෙලා කතා කර කර ඉදලා තියෙනවා... මා පිටිපස බැලුවේ ඔබත් මා සමගම එන බව සැක හැර දැනගැනීමටය. කුතුහලය මුසුවු දෑසින් මා පිටුපසින් එන ඔබ දැකීමෙන් මාගේ සිතට සියුම් ධෛර්යයක් එක් වන බව ඔබ නොදන්නවා ඇත. තරප්පු පෙල දිගේ  ඉහළ මාලයට පිවිසෙත්ම මගේ හද ගැස්ම වේගවත් වන බව දැනේ. අමන්දා තරප්පු පෙල පසු කර පිවිසියේ දිගු කොරිඩෝවකටය.. හාත්පස නැගෙන අදුර ජනේල තුලින් ඇතුලට කාන්දුවී ඇත්තාක් මෙනි. නැවතත් මා පිටුපස බැලුවේ ඔබ පැමිණෙන බව තහවුරු කර ගන්නටය.

"අපි හිතුවට වඩා මේ ගෙදර ලොකුයිනේ? " මේ නිහැඩියාව බිදිණු වස් මා කතා කලෙමි.

"ඔව් උඩ තට්ටුවේ කාමර 5ක් තියෙනවා. නිදන කාමර තුනයි. අපේ සීයගේ පොත් කාමරෙයි. අම්මගෙ චිත්‍ර කාමරෙයි. පොත් කාමරෙයි චිත්‍ර කාමරෙයි තියෙන්නේ අර කෙළවරේ..."
අමන්දා ඇගිල්ල දිගු කර පෙන්නු දිහා මම ඇගේ උරහිසට උඩින් එබී බැලුවා. මද අදුරේම මම දැක්කේ එක පේළියට වහලා තියෙන දොරවල් දෙකක්. ටිකෙන් ටික ඒතැනට කිට්ටු වුන අමන්දා එක දොරක් ළග නැවතුනා.

"මේ තමයි චිත්‍ර කාමරේ." අමන්දගේ කටහඩ වෙව්ලනවා.
"දොර ඇරලා නේද තිබුනා කීවේ?" මට මතක් වුනේ කලින් අමන්දා කීව දේ
"ඔ..ව්... ඒත් මේ..............."
අමන්දා දොර අරින්න උත්සහ කරමින් ඉන්නේ...
"ඒක වහලා....."
"කවුද දොර වැහැව්වේ? "

"මම දන්නෑ.එදා අර චිත්‍රෙත් අරන් මම එළියට ආවා දොර වැහුවෙ නෑ. ඉක්මනටම පල්ලෙහාට ගියා... ආයේ ආවේ නැ... "අමන්දගේ කටහඩේ තිබුනෙ පුදුමයක්.
"සමහර විට පාල වහන්න ඇති. '' මම කීවේ අමන්දා ඇරෙන්න මෙහෙ හිටිය එකම කෙනා පාල නිසා...
"පාල එදා මම එළියට එන්නත් කලින්ම පහළට ගිහින් . ආයේ වැරදිලාවත් උඩට ආවේ නෑ. ඊයෙත් මම අතුගාලා දාන්න කිව්වත් උඩට එන්න බෑම කිව්වා... "
"සමහර විට හුළගට වැහෙන්න ඇති... දැන් අපි කොහොමද ඇතුළට යන්නේ? යතුරකුත් නැතුව..."

"එහෙනම් ඉතින් දොර කඩන්න තමයි වෙන්නේ." ඔබ එසේ කියද්දි මටත් හිතෙන්නේ වෙන විකල්පයක් නෑ කියලා.
" අමන්දා මොකෝ කියන්නේ?"
"හරි, අපි දොරේ ලොක් එක කඩමු. පොඩ්ඩක් ඉන්න මම මොකක් හරි ආයුධයක් හොයන් එන්නම්." අමන්දා එහෙම කියාගෙන ආපහු පල්ලෙහාට දිව්වා.
ඇත්තටම මේ කාමරේ මොනවාම හරි දෙයක් තියෙනවා... ඔබට එහෙම හිතෙන්නේ නැද්ද මගේ මිත්‍රයා??
"අපි දෙන්නම ටිකක් දොර තල්ලු කරලා බලමුද.?"
හරි මිත්‍රයා!! 
තල්ලු කරන්න...!!
"ම්... හු.... මේක ඇරෙන්නේ නෑ.... මොකද අමන්දා පරක්කු...මට ඇතුල බලනකම් ඉවසිල්ලක් නෑ..."
"පොඩ්ඩක් ඉන්න මේ යතුරු හිලෙන්  මම බලන්නම්... "මම නැමුනේ යතුරු හිලෙන්වත් මොනාහරි පේනවද බලන්න.... ඒත් මට පෙනුනේ වෙන දෙයක්....
"මිත්‍රයා.. බලන්න... මේකේ ඇතුල් පැත්තෙන් යතුරක් දාලා තියෙනවා..".

"ඒ කියන්නේ ඇතුලෙ කවුරුහරි ඉන්නවා???? "

ඔබ එහෙම අහද්දි මගේ කොදු ඇටපේළිය සීතල වෙලා යනව වගේ දැනුනා.
දෙවියනේ ඇත්තටම ඇතුලෙ කවුරුහරි ඉන්නව නම්?? අපි මොකද කරන්නේ... ඇතුලෙ ඉන්නේ මොනවගේ කෙනෙක්ද කියලා නොදැන ඇතුලට යන එක භයානක වෙන්න බැරිද?
ඒත් එක්කම අමන්දා එන සද්දෙ ඇහුණා.
"අමන්දා කාමරේ ඇතුල් පැත්තෙන් යතුර දාලා තියෙනවා...." අමන්දා කිට්ටු වෙද්දිම මම එහෙම කිව්වා නෙමෙයි කියවුනා....
අමන්දගේ ඇස් ලොකු වුනේ පුදුමෙන්...
"ඒ...ඒ..කි..යන්නේ... කවුරු හරි.... ඇතුළෙ ඉන්නව කියලද........"
 අමන්දා අගුල කඩන්න ගෙනාව යකඩ කෑල්ල හයියෙන් අල්ල ගන්න ගමන් ඇහුවේ දොර දිහාත් හොදින් බලන ගමන්...
"වෙන්න ඇති... අනේ මංදා... මට හිතා ගන්න බෑ... අපි අගුල කඩන්න ගියොත් ඇතුලෙ කවුරු හරි හිටියොත් එයාට ඇහෙයිනේ? අපිට යතුර ගන්න පුළුවන් විදිහක් නැද්ද...."
"ඇතුලෙ තියෙන යතුරක් කොහොමද ගන්නේ? අමන්දා යතුරු හලට එබීගෙනම ඇහුවා..."

"හරි ක්‍රමයක් තියෙනවා..... "
"ලොකු පත්තරයක් තියෙනව නම් ඉක්මනට අරන් එන්න...."
මම එහෙම කියද්දි අමන්දා බලන් හිටියේ පුදුමෙන්..ඒත් මොනවත්ම කියන්නේ නැතිව එයා ආයෙත් දිව්වා පහළට

11 comments:

  1. අපිට යතුර ගන්න පුළුවන් වෙයිද...?

    ReplyDelete
  2. කතාව ටිකෙන් ටික අත්භූත වේගෙන එනවා. ඉක්මනට දොර ඇරියා නම් හරි.. මොකාද දන්නේ නෑ ඇතුලේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ ඉක්මනට දොර ඇරලා

      Delete
  3. ඇයි ඔය පත්තරේ කතාව දැම්මම දැම්මේ...... ෂික් මම මේ කියන්න හැදුවා විතරයි පත්තරයක් තියලා යතුර ගමු කියලා.....

    සොරි සොරි...... ඕකට මට ගහන්න ඕනැයෑ......... මෙන්න කට වහගත්තා......

    ReplyDelete
    Replies
    1. සොරි සොරි කලබලේ වැඩි කමටයි ගැහුවේ...මම දන්නවා ඉතින් හිරු හොද මොළකාරයා කියලා

      Delete
  4. පත්තරේ තියලා යතුර ගන්න පුලුවන් වෙන්නනම් දොරට යටින් ඉඩක් තියෙන්න ඕනෙනෙ. එහෙම ඉඩක් තියෙනවානම් අපි කතා කරන ඒවා ඇහුනද දන්නෙ නෑ.

    ඔයා ටක් ටක් ගාල ලියනවානෙ.මං අන්තිම කොටස් තුන එක පාර කියෙව්වෙ.

    මෙන්න මගේ දැනට නිගමනය. අම්මා පෙරලුනාට මැරිලා නෑ.හැබැයි විකෘති වෙලා ඇති.එයා තමා ඔය ඇවිත් ඉන්නෙ.:)

    ReplyDelete
    Replies
    1. ආ ඔව්නේ අපි කීව දේවල් ඇහුනද දන්නෑ...
      මේක නිකන් කොටි වලිගේ අල්ල ගත්ත වගේ අක්කා... ඉක්මනට ලියලා දාන්න ඔන...
      අක්ක කියනකම් මට එහෙම අදහසක් ආවෙම නැ...සමහර විට ඒ අම්මද දන්නෑ.අපි බලමුකෝ අක්ක කියන විදිහට වෙයිද කියලා

      Delete
  5. කවුද දොර ඇතුලෙන් ලොක් කලේ ඇත්තටම ...?

    ReplyDelete
  6. හොර යතුරක් කපාගන්න බැරිවෙයිද අපිට...

    ReplyDelete
  7. මන් දන්නවා යතුර ගන්න විදිහ.. මන් දන්නවා යතුර ගන්න විදිහ.. ජය වේවා!! :D

    ReplyDelete