Wednesday, August 15, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 6

කතාවක් දිගේ ඇවිද යමුද 5

ඔබේ මුහුණේ බියක් රැදි තිබිම මගේ සිත නොසන්සුන් කරයි. එසේ නම් ඔබ හිතන්නේ මෙහි හොල්මන් ඇතැයි කියාද?  ඔබ තුල එවන් අදහසක් ඇති වෙතැයි මා නොසිතුවෙමි. සැබවින්ම මා ඔය අත්භුත දේවල් ගැන විශ්වාස කරන්නෙකු නොවේ. මේ සිදුවී ඇති දෑ අමුතු බව සැබෑය. එහෙත් ඔතරම් බිය විය යුතු නැත. අපි ආවේ ඇයට උදව් කරන්නටය. ඉතින් ඒ සදහා කළ යුත්තේ කුමක්දැයි සිතමු.
"මම හිතන්නේ නෑ අමන්දා මේක ඔය හොල්මන් අවතාර වලට සම්බන්ධ ඇති කියලා. අනික ඔයාගේ අම්මාගෙ සළුව තිබුනු පළියට අපිට එහෙම නිගමනයකට එන්න බෑ." මම මගේ තර්කය අමන්දට ඉදිරිපත් කළා.
එයා ඒක පිළිගන්න වගේ ඔළුව වනලා ආයෙත් කතා කරන්න ගත්තා.  
"මමත් එහෙම විශ්වාස කරන්නේ නෑ."
"ඔයා කිව්ව නේද හැමදාම ගේට්ටුව ඇරලා දාලා තිබුනා කියලා? එතකොට දාලා තිබුන ඉබ්බා කඩලද ඇරලා තියෙන්නේ?"
"නෑ.... ඒක නිකම්ම ඇරලා තිබුනේ. ඉබ්බට මොනවත්ම වෙලා නෑ."
"එහෙම වෙන්න නම් යතුරක් තියෙන්න එපැයි"
"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. යතුර මගෙ ලග. අනික දවස් දෙකක් විතර එහෙම වෙනකොට මම ඉබ්බා මාරු කලා. ඒත් වැඩක් වුනේ නෑ."
"හරි කවුරු හරි කෙනෙක් මෙහෙම කරනවා කියමුකො අපි. ඒත් ඒ ඇයි? මොකක්ද එහෙම කරන්න තියෙන හේතුව.." ඔබ ඇගෙන් එහෙම අහද්දි මමත් ඒ ප්‍රශ්නේ ගැන හිතන්න ගත්තා.
"සමහර විට අමන්දා මෙහෙ ඉන්නවට අකමැති කෙනෙක් මේක කරනවා වෙන්න බැරිද? අමන්දම දැන් කිව්වනේ ඔයාලා ආයෙත් මෙහෙ එන්න නෙමෙයි හිටියේ කියලා. ඒත් ඔයා එක පාරටම ආවා. ඒක ප්‍රශ්නයක් වුන කෙනෙක් ඉන්න බැරිද?" මම ඇහුවේ ඔබ ඇසු ප්‍රශ්නෙ ගොඩක් සාධාරණයි කියලා හිතලා.
"මම ආයෙත් ආව එක ප්‍රශ්නයක් වෙන කවුරුත් ඉන්න විදිහක් නෑනේ. අනික මම ආවේ කාගෙවත් දේවල් ඉල්ල ගෙන නෙමෙයි. මම ආවේ මගේ ගෙදරට. තාත්තගේ නෑදෑයෝ අපිත් එක්ක එච්චර හිත හොද නොතිබුන බව ඇත්ත. ඒත් එයාල ඒ වගේ විකාර වැඩක් කරන්න විදිහක් නැ."
"හ්ම්........ගේට්ටුව ඇරලා තියෙන එකයි මේ කළු රෝස මල් තියලා යන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් වෙලා නැත්නම් ඒ වගේම ඒවයින් ඔයාට කරදරයක් වෙලත් නැත්නම් මේක එච්චර ලොකුවට හිතන්න ඕන නෑ. හිමිට හොයමු කවුද මේක කරන්නේ කියලා. දැන් අපි තුන්දෙනෙක් ඉන්නවනේ. අද රෑම අපි බලා ඉම් කවුද මේක කරන්නේ කියලා හරිනේ."
"නෑ මම තාම සිද්ධ වුන දේවල් ඔක්කොම කියලා ඉවර කලේ නෑ. "
අමන්දා එහෙම කියද්දි යන්තම් සැහැල්ලු වෙච්ච හිත ආයෙත් අවුල් වුනා වගේ දැනුනා. ඔබත් එක එල්ලේ ඇය දිහා බලන් ඉදීමෙන්ම මම තේරුම් ගත්තා ඇය කියන්න යන දේ ගැන ඔබ හොදින් ඇහුම්කන් දෙන්න සුදානම් කියලා.
"මේ විදිහට ගේට්ටුව ඇරලා දාන එකයි මල් තියන එයි ඇරුනම තවත් වෙල් වුනා.  අපේ අම්මා ඒ දවස් වල චිත්‍ර අදිනව ලස්සනට. එයා ඒ වැඩ වලට පාවිච්චි කලේ උඩ තට්ටුවේ කෙළවරේම තියෙන කාමරේ. ඒ කාමරේට ලස්සනට වටපිටාව පේනවා. අම්ම නැති වුනාට පස්සෙ ඒක වහලා දාලයි තිබුනේ. කිසිම වෙලාවක ඇරියෙ නෑ. අම්ම ගොඩාක් ආසවෙන් එකතු කරපු චිත්‍ර ඒකේ තිබුනා. එයා ඇදපුවත් තිබුනා.මම ආයෙ ආවමවත් අනෙක් කාමර සුද්ධ කලාට ඒ කාමරේ ඇරියෙ නෑ. ඇත්තටම මට ඒක අරින්න හිතුනෙ නෑ.අනික ඒකේ යතුර තිබුනේ අප්පච්චි ගාව. ඒක කොහෙද කියලා මම දැනන් හිටියෙ නැ.  මේ ලගදි දවසක  මම එළියේ ඇවිද ඇවිද ගේ දිහා බලද්දි  නිකමට හිතුනා උඩ ජනෙල් ටික ඇරලා දැම්මොත් හොදයි කියලා එහෙම හිතලා මම පාලව යැව්වා ජනෙල් ටික අරින්න.පාල ගිහින් ටික වෙලාවකින් ආයෙමත් දුවගෙන ආවා. හොදටම සුදුමැලි වෙලා."
"පාල දුවගෙන ඇවිත් කිව්වේ අම්මගේ චිත්‍ර කාමරේ දොර ඇරලා දාලා කියලා.ඊට පස්සේ මම පාලත් එක්කම උඩට ගිහින් බලද්දි පාල කියලා තිබුනෙ ඇත්ත. දොර ඇරලා දාලා. ඒ වේලාවේ හිතට පොඩි බයක් දැනුන්නෑ කිව්වොත් බොරු."
අමන්දා එහෙම කියද්දි මටත් පුංචි බයක් දැනුනා. 
"මම හෙමින් කාමරේ ඇතුලට ගියා. පාල ආවේ නෑ ඇතුලට. දොර ලග රූකඩයක් වගේ හිටගෙන හිටියා. මම කාමරේ පුරාම බලද්දි මොකක්දෝ වෙනසක් දැනුනා. ඇත්තටම අවුරුදු ගාණක් වහලා තිබුන කාමරේක තියෙන්න ඕන පෙනුමක් නෙමෙයි ඒකේ තිබුනේ. දූවිලි බිංදුවක්වත් තිබුනෙ නෑ. හැම දෙයක්ම  හරිම පිරිසිදුවට තිබුනා. ඒ විතරක් නෙමෙයි. ජනේලෙට පොඩ්ඩක් මෙහාට වෙන්න බාගෙට ඇදපු චිත්‍රයක් තිබුනා. සත්තයි මට හිතා ගන්න බැරි උනා. පොඩ්ඩක් ඉන්න මම ඒක ගේනකම්..."
එක දිගට අමන්දා කියාගෙන ගියපු කතාව අහගෙන ඉද්දි මට හිතුනේ මගේ හුස්ම නැවතිලා තිබුනා වගේ. මේ වෙන දේවල් ගැන කිසිම තේරුමක් මට පෙනෙන්නේ නැ. ඔබත් සිටින්නේ මා හා සමාන අවුලක බව පෙනේ.
නැවතත් ඇතුලත දොරින් මතුවූ අමන්දා අතෙහි ගෙන එන චිත්‍රය කුමක්දැයි දැන ගන්නට මාතුල වන නොඉවසිල්ල බලවත්ය. ඔබේ ඇස්ද එයට එබිකම් කරනු පෙනේ.  අමන්දා ඇය අතවු චිත්‍රය අප හමුවේ දිග හරියි.  
"මගේ දෙවියනේ!!!!!!"
ඔබට පෙනෙනු ඇත මේ සිටින්නේ ඇයම බව....
"මේ ඉන්නේ ඔයා නේද? "
"ඔව් මම තමා...". 
"ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඒ වෙලාවේ මට මොනව හිතෙන්න ඇද්ද කියලා? අවුරුදු 10 ක් තිස්සේ වහපු කාමරයක මගේ චිත්‍රයක් ඇදලා තියෙනවා දකිද්දි... අනික මේක පරණ එකක් නෙමෙයි."
මම ඇගේ අත වු චිත්‍රයට එබුනි. සැබවින්ම එය පරණ එකක් නොවන බව පැහැදිලිවම පෙනේ.  
"මේක දැකපු දවසේ තමයි මම ඔයාට ලියුමක් දැම්මේ. එදා නම් මාව හොදටම අවුල් වෙලා හිටියේ.  මේක අනිත් දේවල් වගේ සුළුවෙන් හිතන්න මට බෑ..."අමන්දගෙ කටහඩ ඒ වෙලාවෙ නම් හොදටම බිදිලා වගේ දැනුනා.
"බය වෙන්න එපා අපි බලමු මොනාද කරන්න පුළුවන් කියලා. ඒක නෙමේ අමන්දා අපි ඒ කාමරේ ටිකක් බලමුද?"
ඇත්තටම ඒ කාමරේ බලන්න මට ආසාවක් ඇති වුනා.
"හරි. එදා ගියාට පස්සේ මමවත් පාලවත් ඒ පැත්තටවත් ගියේ නෑ. මට බය හිතුන නිසා. ඔයාලා කියනව නම් යමු."
අමන්දා පුටුවෙන් නැගිට්ටෙ අපිටත් එන්න කියල ආරාධනා කරන්නා වගේ.
ඉතින් මගෙ මිත්‍රයා අපි යමුද ඒ කාමරේ බලන්න.

17 comments:

  1. අදමද මන්ද ආවේ... මුල ඉදන් එන්න වෙනවා
    බලාගෙනම එන්නං :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා මුල ටික කියවලාම එන්නකෝ...

      Delete
  2. මට නම් හිතෙන්නේ අපිට රෑට රෑට මුර සේවයක් දාන්න වෙයි වගේ.. කට්ටිය මාරුවෙන් මාරුවර ගේට්ටුව දිහා ඇහැ ගහ ඉන්න එක තමා හොඳම..

    කොටස් මඟ අරින්න හිතෙන්නේ නැ අනේ.. ටිවී සීරීස් එකක් බලනවා වගේ..
    ජය වේවා... !! :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි මටත් හිතෙන්නෙම මුර කරන්න වෙයි කියලා තමයි....

      Delete
  3. ඉක්මනටම ඒ කාමරේට යන්. මොකාද දන්නේ නැහැනේ ඒකේ හොල්මන් කරන්නේ....
    කවුරු වෙන්ඩ පුලුවන්ද.....????
    ඇත්තටම අම්මා භූතාත්මයක් වෙලාවත් ද ? එහෙම නැත්නම් අමන්දව හොදින් දන්න කවුරු හරි කරන වැඩක් ද ?
    මේ ප්‍රශ්න සේරටම පිලිතුරු ඊලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න... රැඳී සිටින්න අප සමඟම.... :)

    ප.ලි. - කතාවෙන් දෙබස් වෙන් කරන්ඩ උදෘත කොමා පාවිච්චි කලා නම් හරි. එතකොට කියවන අපට ලේසියි... :)

    ReplyDelete
    Replies
    1. ඔන්න වැරද්ද හැදුවා...
      ඔව් කාමරේ අපි හොයන දේ තියෙන්න පුළුවන්. අඩුම තරමේ හෝඩුවාවක් හරි..

      Delete
  4. බෑ බෑ.... මේකට ෂර්ලොක් හෝම්ස් ම ඕනේ.... ඒත් කරන්න දෙයක් නෑ... ටෙලිග්‍රෑම් ගහන්න යෑ....
    විකල්පයක් හැටියට මාත් පස්සෙන් එන්නම්.....

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් නැතුවට හිරු ඉන්නේ . ඒ මදැයි..

      Delete
  5. අදයි මේ පැත්තට ආවේ ,බලමු ඉදිරි කොටසුත් ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න සාදරෙන් පිළිගන්නවා ඔන්න

      Delete
  6. මේ කතා විලාශය හරිම නැවුම්. කියවනකොට එක හුස්මට කියල දම්මහැකි. ඒතරමට ආකර්ශනීයයි. අපි කතාව ඇතුලේ ජීවත් වෙන හැඟීමක් එනවා. එතුරු ටික ඉක්මනට ලියන්න. මේ පැත්තට පාර කියපු ඩබල් ආර් එච් ට ස්තුති කරන්නත් වෙනවා

    ReplyDelete
    Replies
    1. අයියෝ..ඕක කියන්න දෙයක්යැ පැතුම්.. හිහිහි.. :D

      Delete
    2. කතාවට සාදරයෙන් පිළිගන්නවා පැතුම්..... ඔන්න අලුත් යාළුවෙකුට පාර කිව්ව ඩබල් ආර් එච් ටත් ස්තුතියි... (මම මේ නම කෙටි කරගන්න විදිහක් හිත හිතා හිටියේ . ඔන්න දැන් ඒකත් හරි.)

      Delete
  7. මාත් ඉස්සෙල්ලම ආවේ අද. ලස්සණයි.. දිගටම බලමු.....

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා අළුත් මල්ලි

      Delete
  8. ඇත්තටම මොනා තියෙන්න ඇතිද....!!!

    ReplyDelete