Monday, August 13, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 4


කතාවක් දිගේ ඇවිද යමුද 3
 දොරින් එබුණු මුහුණේද වුයේ කුතුහලය මුසුවු නොරිස්සුමක් බව බැලූ බැල්මට පෙනේ. අවුරුදු 60ක් පමණ වයසැති මිනිසෙකු රවාගත් මුහුණින් අප දෙස බලා සිටිම එතරම් සුබ පිළිගැනීමක් නොවන වග දනිමි.
"කවුරු හම්බවෙන්ටද?"
"අපි ආවේ අමන්දාව හම්බවෙන්ට.. එයා නැද්ද....?"
"තමුන්නැහේලා කවුද? "
"අපි අමන්දාගේ යාළුවෝ....එයයි අපිට එන්ට කියලා පනිවිඩයක් එව්වේ..."
"කොහෙ ඉදන්ද ආවේ? "
         ගමන් මළු වල බරත්, ගමන් වෙහෙසත් නිසා හෙම්බත්ව සිටින අපට මෙවන් ප්‍රශ්න පත්තරයක් එල්ල කරමින් සිටින මේ මිනිසා  ඔබගේ පමණක් නොව මාගේද ඉවසීමේ සීමාව පරික්ෂා කරන බව නොකියාම බැරිය...
"අපි ආවේ එයා එන්ට කිව්ව හිංදා.. කරුණාකරලා එයාට කියනවද අපි ඇවිත් ඉන්නේ කියලා.."
 "කවුද පාල ඇවිත් ඉන්නේ?" ... 
ඒ හඩ ඇසුනේ ගේ ඇතුලෙනි... ඒත් සමගම දොරින් මතු වූ මුහුණ මගේ හිතට සැනසුම් සුසුමක් එක් කලේ මාද නොදැනුවත්වමය...
ඔබ මා දෙස බලන්නේ මේ ඇයදැයි අසන්නටය...
ඔව් මගේ මිත්‍රයා මේ ඇයයි....
ආනේ.....!!!!
 "ඔයාලා ආවද... මම හිතුවේ තවත් හවස් වෙයි කියලා... පාල කෝ ඔය දොර ළගින් එහාට වෙන්ට...."
 සුදු පැහැති දිගු ගවුමක් හැද සිටි ඇය මනා රූ සපුවකින් යුතු බව ඔබට පෙනෙනු ඇත.දොරටුපාලයෙකු සේ මග අවුරා සිටි ඔහු ඉවත්වූයේ කුමක්දෝ මුමුණමිනි. 
"ඉතින්, එන්න ඇතුළට..."
අපි ඇගේ ආරාධනාව පිළිගනිමු...
"වාඩිවෙන්න.. ඔයාලට මහන්සිත් ඇතිනේ මොනව හරි බීලම අපි කතා කරමු. "
                    ඒ ඉල්ලීමට ඔබ එක පයින් කැමති වේ යැයි සිතමි... අප අතරමගදි කෑමක් හෝ බීමක් නොගත් නිසා ඔබට තවත් වෙහෙස දැනෙනු ඇත. මටද එසේය... එහෙත් එයට වඩා ඇය මුහුණ දී සිටින ගැටළුව කුමක්දැයි දැනගැනීමට කැමැත්ත වැඩිය.  කමක් නෑ අපි මොනාහරි බිලම ඉමු....
                     ඇය නිවස තුලට ගිය බැවින් මා ඇස් යොමු කලේ  නිවහන වෙතය... ඔබේ ඇස්ද සෑම අස්සක් මුල්ලක් දිගේම දුවනු පෙනේ...මාද මෙහි ආවේ පළමුවරටය.... පෙනුමෙන් ගොඩක් පරණ ගෙයක් වගේ.... ගෙයකටත් වඩා වලව්වක් යැයි කිව හැකි අංග ලක්ෂණයන් දැකිය හැකි බව ඔබටත් වැටහෙනු ඇත.සාලය  කොනක ඉහල මාලය දක්වා දිවෙන තරප්පු පෙළ මා තදින් සිත් ගත්තේ මන්දැයි නොදනිමි. ඊළගට මා නෙත් යොමු වුයේ බිත්තියේ එල්ලා තිබු චිත්‍රයකටය. එය මා කලකට ඉහතදි ඇයට තිළිණ කල එකක් විය.


"මම කෝපි ගෙනාවා....කිතුල් හකුරුත් එක්ක...."
            අමන්දාගේ හඩින් තරප්පු පෙළෙහි රැදුනු ඇස් මා ඉවතට ගතිමි. ඔබ නම් කෝපි එකේ රස බලන්න පටන්ගෙනත් ඉවරය....සැබවින්ම සීතල පරිසරයකදී උණු උණුවේ ලැබෙන කෝපි කෝප්පයක රස වෙනස් බව ඔබට වැටහෙන්නට ඇත.
"අමන්දා කවුද අර මනුස්සයා? මම හිතුවේ මෙහෙ ඉන්නේ ඔයා විතරයි කියලා?" 
                           කෝපි උගුරක් බොන ගමන්ම මම මගේ පළමු වැනි ප්‍රශ්නය ඇයට යොමු කළෙමි. 
         "ඒ අප්පච්චිලා මෙහෙ ඉන්න කාලේ මෙහෙ හිටපු මනුස්සයෙක්. අපි රට යන්න කලින් අප්පච්චි පාලට අපේ වත්ත පල්ලෙහා පොඩි ගෙයක් හදලා දුන්නා.  මේ දේවල් බලාගෙන ඉන්න කියලා. අපි ආපහු එන්න නෙමෙයි හිටියේ. ඒත් හදිසියේ අප්පච්චි නැතිවුනාට පස්සේ මම හිතුවා ආපහු ලංකාවට එන්න. මම ඇවිත් දැන් මාස දෙකක්. මුල් දවස් වල නම් මම තනියම හිටියේ... අර මම ඔයාට කලින් සැරේක කතා කරනකොටත් මම මෙහෙ තනියම හිටියේ... ඒත්  මේ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ මට තනියම ඉන්න බය හිතුනා. ඒ නිසායි පාලටත් එන්න කිව්වේ."

"සිද්ධ වුන දේවල් කිව්වේ?"

මා ඇසිමට සුදානම් වූ ප්‍රශ්නයම ඔබ ඇයගෙන් ඇසූ නිසා මා නිශ්ශබ්දව ඇගෙන් පිළිතුරු අපේක්ෂා කරමි.
"ඒක ටිකකත් දිග කතාවක්. ඒ දේවල් නිසාමයි මම ඔයාලට එන්න කිව්වේ.. මට හිතාගන්න බෑ මොනවද කරන්නේ කියලා."
 "මෙහෙ ඔයාලගේ කවුරුත්ම නැද්ද අමන්දා"
 "මෙහෙ ළග අප්පච්චිගේ නෑයෝ ඉන්නවා, ඒත් එයාලා ඒ දවස්වල හිටන්ම අපිත් එක්ක හිත හොදනෑ.. ඉතින් මේවා එයාලට කියන්නත් බෑ.. එහෙම හිත හිතා ඉන්නකොටයි මට ඔයාව මතක් වුනේ. මට හිතුනා ඔයා උදව් කරයි කියලා."
"ඔයාට උදව් කරන්න තමයි අමන්දා අපි ආවේ... මේ මගේ යාළුවත් කැමති වුනා ඔයාට උදව් කරන්න එන්න...".
"ඇත්තටම ගොඩාක් පින් මේ වෙලාවේ ඔයාලා ආවට ... මම හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්නෙත් නැතුව මේ වෙනුවෙන් ආවට... විශේෂයෙන්ම ඔයාට ස්තුතියි. මම කවුද කියලවත් නොදැන ආවට..."
ඇය ස්තුති කරන්නේ ඔබටය. ඔබ එය පිළිගත් බව නැගුනු සිනාවෙන් පෙනේ.
"ඉතින් කියන්නකෝ මොකද්ද දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ කියලා..."
"ඇත්තටම මේ වෙන සමහර දේවල් මටවත් තේරෙන්නේ නෑ...හරි මම මුල ඉදලම වෙච්ච දේවල් කියන්නම් එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි වෙයි..."
"හරි ඔයා කියන්න අපි අහගෙන ඉන්නම්......."
ඇය කීමට යන්නේ කුමනාකාරයේ කතාවක්දැයි මට සිතා ගත නොහැක... ඔබටත් එලෙසම සිතෙනු ඇත. ඉතින් අපි ඒ කතාවට සවන් දෙමු.











22 comments:

  1. හරිම dramatic.. චිත්තරූප මවනවා.. දිගටම ලියන්න.. ඊළඟ කොට එනකන් බලාගෙන ඉන්නවා..ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට..... ඉක්මනට ඉතිරි ටික දාන්නම්

      Delete
  2. අහො ්ෙබ්දයකි ගත්ත තැනම ඉවර වෙලානේ...

    ReplyDelete
    Replies
    1. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ....
      තව තියෙනවා....

      Delete
  3. මේ ජාතියේ කතාවක් කියවපු පලවෙනිම අවස්ථාව. මේ කතාව කියවන පාඨකයන්ව කතාවෙම චරිතයක් කරලා කියලයි මට හිතෙන්නේ. ඒකත් මරු අත්දැකීම.
    මට හිතෙන්නේ ඒකම වෙන්න ඇති අකීකරු නංගි, කතාවක් දිගේ යනවා කියලා කියන්නේ...
    කතාව ලස්සනයි නංගි !

    ReplyDelete
    Replies
    1. අන්න හරි මේක කියවන කෙනත් කතාවෙම චරිතයක්... ඒකනේ මම මුලින්ම කතාවට එන්න කියලා ආරාධනා කලේ... ඔන්න අතරමගදි යන්න එහෙම එපා

      Delete
    2. නෑ නෑ එහෙම යන්නේ නෑ...
      අවසානයක් දකිනකන් ඉන්නවා !

      Delete
  4. මරේ මරු නංගි.මේක අන්තිමට හොල්මන් කතාවක්ද,රහස් පරීක්ෂක එකක් වෙයිද කියලා බලමුකො...

    ReplyDelete
    Replies
    1. අක්කා කැමති හොල්මන් කතාවකටද රහස් පරික්ෂක කතාවකටද

      Delete
  5. කෝපි එක නම් පංකාදු පහයි.....

    එහෙනම් ඉතිං හරිබරි ගැහිලා කතාව අහමුකෝ..........

    ReplyDelete
    Replies
    1. මට හිතුනා කෝපි එක බිව්ව තාලෙන්ම... ඇත්තටම ඒක රහයි තමා...
      අපි අහමුකො කතාව

      Delete
  6. මාර කුතුහල කථාවක් නේ මේක.....

    ReplyDelete
    Replies
    1. දිගටම එන්නකො කතාව දිගේ

      Delete
  7. ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි කියවන්න අස හිතෙනවා

    ReplyDelete
  8. මං කියන්න හිටිය එක නිසූපා කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් නිසුපා අක්කාගෙන අහපු ප්‍රශ්නෙම අයියගෙනුත් අහන්නම්කො
      අයියා කැමති හොල්මන් කතාවකටද රහස් පරික්ෂක කතාවකටද

      Delete
    2. හොල්මන් එපා... කුතුහලය පිරුණු රහස් පරීක්ෂක කතාවක් හොඳයි....

      Delete
  9. මේකතවනම් මාරම විදියට හිතට දැනෙන විදියට නේ ගලාගෙන යන්නේ.හරිම අමුතුයි ඒවගේම මාරම ලස්සනයි.මමත් කතාව ඇතුලේ ඉනව වගේනේ. :)

    ReplyDelete
    Replies
    1. හරිනේ ඉතින් ඔයත් කතාවෙ ඉන්නවනේ..

      Delete
  10. ඉතින් ඊට පස්සේ

    ReplyDelete