Tuesday, August 7, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 2

කතාවක් දිගේ ඇවිද යමුද 1

සුබ දවසක් මගේ මිත්‍රයා...... !!!!

එසේනම් ඔබ ගමනට සූදානම්ද? 

පෙර දිනයේ අපගේ ගමන ගැන ඔබට බොහෝ ප්‍රශ්න මතු වන්නට ඇත. 

එක් විටක ඔබ මගෙන් ඇසූයේ අප මේ ගමන කොත්මලෙන් පටන් ගත හොත් හොද යැයි කියාය. එහෙත් එය කළ නොහැකිය. අපගේ ප්‍රධාන චරිතය සිටින්නේ ඊට තරමක් දුරිනි. එහෙත් ගමන අතරමගදී අප කොත්මලයටද පැමිනෙන බව කීම ඔබට සතුටක් වේයැයි සිතමි. එසේම ඔබට කදුකරයේ සිටින තැනැත්තිය පිළිබදවද ප්‍රශ්නයක් නැගී ඇති බව පෙනේ. එහෙත් ඇය ඔබ හමුවට එනතෙක් ඇය කුමනාකාරයේ කෙනෙක්දැයි කීමට මා ප්‍රමාද වෙමි.

ඉතින් ඔබ නැගු ප්‍රශ්න වලට මා දුන් පිළිතුරු ප්‍රමාණවත් යැයි සිතමි. තවදුරටත් අප කාලය නාස්ති කිරිමෙන් පලක් නැත.

අප ගමන අරඹමු. ඒ සදහා තවත් ප්‍රමාද නොවී වාහනයට ගොඩවන්නැයි මා යෝජනා කරමි.

ඔබ කදුකරයට ආශා කරන්නෙකු යැයි අනුමානයක් මට ඇත.

ඒ සොබාදහමට ආදරය නොකරන මෝඩයා කවුදැයි ඔබ සිනාසෙමින් මගෙන් අසනු ඇත..........

හතරවටින් නැගී සිටින මහා කදුවැටිත් , 

බැලූ බැලූ අත පෙනෙන තේ වතුත් 

ඔහේ ඇදහැලෙන දියඇලිත් 

ඔබේ සිත තුල දැන් පෙනී නොපෙනී යනු ඇත. ඇයි කදුකරයේ සීතල සුළග......!!! මේ සියල්ලම ඔබට සිහිවනු ඇත. එසේම මේ ගමන ඔබව වෙහෙසට පත් නොකරාවියැයි මා සිතමි. මන්ද යත් ඉන් පසු ඔබටත් මටත් තරමක දුරක් ඇවිද යාමට සිදුවන බැවිනි...

.

.

.

.

.

.

.

.

                                                                                             .

 මගේ මිත්‍රයා!!!

අප ගමනාන්තයට ආසන්න වෙමින් සිටි..

 

තව දුරටත් වාහනයකින් ගමන් කල නොහැකි නිසා අපට සිදුවන්නේ මේ මාවතේ ඇවිද යන්නටය. කදුකරයේ ලස්සන සැබෑවටම දකින්නට හැක්කේද එවිටය....

 

එන්න අපි යමු...

                                                               http://www.lankahills.com

මේ මාවත දිවෙන්නේ ඇයගේ නිවහන වෙතය. 

එක්වරම අප එහි ගොස් කියන්නේ කුමක්දැයි හෝ ඇය අපව කෙසේ පිළි ගනීවිදැයි ඔබ මගෙන් අසන්නට හදන්නේ නම් එයට ලැබෙන පිළිතුර වන්නේ අපට එහි පැමිණෙන ලෙස දන්වා සිටියේද ඇයයි. මේ ඇයට උදව් අවශ්‍ය වෙලාවය. ඇය මුහුණපා සිටින ගැටළුවට විසදුමක් සොයා දීමට අපට හැකිවේයැයි ඇය සිතන්නීය. 

 ඇයට උදව් කිරිමට ඔබේ උදව් ගැනීමට මා සිතුවේ මෙය විසදීම මා හට තනිවම කල නොහැක්කක් නිසාය.

ඉතින් ඔබ ඇයට  උදව් කරන්නට සූදානම් නේද?



14 comments:

  1. කතාවට ලස්සන නමකුත් තියන්න.... කාලෙකට ඉස්සර ලියන්න අරගෙන දැං මකලා දාලා තියෙන කතාවක් මතක් වෙනෝ...

    ReplyDelete
    Replies
    1. නමක් මතක් වෙන්නෙම නැනේ...මොකක්ද ඒ මතක් වුන නම ..අර අයියා ලියපු අදුරු මිටියාවතද

      Delete
  2. ම්ම්ම්... කතාව දිගේ යන්න නම් මාරම ආසයි.. උදව් අවශ්‍ය කෙනෙක් නම් උදව් කරනවා කැමැත්තේන්ම... බ්ලොග් ඇතුලේ දිගටම එකම විදිහේ ආදර කතා කියවලා පොඩ්ඩක් විතර මහන්සි වෙලා ඉන්න වෙලාවේ මහන්සිය නිවා ගන්න හොඳ තැනක්..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාට දිගටම එන්න පුළුවන්..මොකද මේක ආදර කතාවක් කරන්න නම් මට තාම හිතිලා නෑ. ඔයා උදව් කරන්න කැමති වීම ගැනත් සතුටුයි

      Delete
  3. හරි ලස්සන පාරක්...ඒ පාරෙන් ගියාම තියෙන ගේ ඇතුලෙත් මාර පාරක් ඇති නේද??

    ReplyDelete
    Replies
    1. ඈ ගෙවල් ඇතුලෙත් පාරවල් තියේද

      Delete
  4. ලස්සන පැත්තකට එක්ක යන්ඩ හදන්නේ. මම නම් ආසම මධ්‍යම කදුකරයට !
    ඔහොම පැත්තක පොඩි රස්සාවක් කරගෙන උන්නත් සැපයි !!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ පැත්තෙන්ම රස්සාවක් හොයාගන්න බලන්නකෝ.. ඔයාට ලේසියෙන්ම තේ දළු කඩන රස්සාවක් නම් හොයා ගත්තැකි :D

      Delete
  5. ලස්සන කතාවක් වගේ ආස හිතෙනවා කියවන්න

    ReplyDelete
  6. අන්න ෂෝක් කතාවක්..

    මං හිතන්නේ ලස්සන කතාවක් වේවි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු. එන්න දිගටම කතාව දිගේ යන්න

      Delete
  7. දෙèආරක් කියෙවුවා ලස්සන නිසා..

    ReplyDelete