Tuesday, August 28, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 12


                              මුළු නිවහනම අන්ධකාරයෙන් වසා ගත් මොහොතක මෙලෙස උඩුමහළට යෑම ගැන හිතේ බියක් නැතුවාම නොවේ. එහෙත් බිය වීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ සියල්ලෙහි තේරුම දැනගත යුතුය.  අමන්දා පිටුපසින් අපිත් යමු මගෙ මිත්‍රයා. ඒත් එක ඉටිපන්දමක එළියකින් පමණක් අදුර මැකෙන්නේ නැත.
"අමන්දා අපි තව ඉටිපන්දමක් හරි ටෝච් එකක් හරි අරන් යමුද? හදිසියේවත් මේක නිවුනොත් එහෙම?"
 මා එසේ ඇසුවේ මේ පැතිර ඇති අදුරට මා එතරම් කැමැත්තක් නොදක්වන නිසාමය.
"හරි එහෙනම් ඔයාලා මේකත් අරන් උඩට යන්න. මම තව ඉටිපන්දමක් අරන් එන්නම්."
 එසේ කියු අමන්දා නැවතත් පහලට හෙමින් හෙමින් යද්දී මා කල්පනා කලේ උඩට යනවාද එසේත් නැතිනම් ඇය එනතෙක් මෙතනම සිටිනවාද යන්නයි.
"අපි මොකද කරන්නේ මගෙ මිත්‍රයා!!! මම හිතන්නේ අමන්දා එනකම් අපි මෙතනම ඉමු."
 ඔබ මගේ යෝජනාවට කැමති වෙතැයි සිතමි.
ගිය ඉක්මනටම වගේ ආපහු එන අමන්දා අතේ තිබුනේ ඉටිපන්දමක් වෙනුවට ලොකු චිමිනි ලාම්පුවක්. ඒක හොදයි ඉටිපන්දමකට වඩා.
"එහෙනම් අපි යමු."
 පඩි එකින් එක උඩට නගිද්දි හිතේ තිගැස්ම වැඩි වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අපි ආයෙත් අර කාමර වලට එබිකම් කරන්නයි යන්නේ. කලින් දැකපු දේවල් වලට වඩා වෙනස් දෙයක් තියෙන්න පුළුවන්ද එතන.... මම මගෙන්ම ඒ ප්‍රශ්න අහගත්තා. ඒත් ඒකට උත්තර දැනගන්න වෙන්නේ එතනට ගියාමයි. කල්පනාවත් එක්කම අපි උඩුමහළට ඇවිල්ලා කියලා දැනුනේ චිත්‍රකාමරේ දොර ඇතින් දකිද්දි.
"පොඩ්ඩක් ඉන්න අමන්දා. ඉස්සෙල්ලා අපි අතින් වෙච්ච වැරැද්ද ආයෙමත් වෙන්න හොදද නෑ කියලා මතක තියාගන්න."
"වැරැද්ද කිව්වේ?"
"වැරැද්ද කිව්වේ අපි දොර ලගදි හයියෙන් කතා කරපු එක. අපේ සද්දෙට තමා ඇතුලෙ හිටපු කෙනා පැනගන්න ඇත්තේ. අනික අපි මේ සැරේ චිත්‍ර කාමරේ දොරින් යන්නේ නැතිව පොත් කාමරේ දොරින් ඇතුළු වෙමු. මොකද එළියට යන්න  පුළුවන් දොරක් තියෙන්නේ එතනනේ."
 මම කතා කලේ පුළුවන් තරම් සද්දේ අඩු කරලා.
"ඒත් පාල කිව්වා නේද හිටපු කෙනා එළියට දිව්වා කියලා? එහෙම නම් ඇතුලේ කවුරුත් ඉන්න විදිහක් නෑනේ?"
"ඔව් අමන්දා ඔයා කියනදේත් හරි. ඒත් මට නම් පාලගේ කතාව ගැන දැන් දැන් පොඩි සැකයක් තියෙනවා. ඇතුලෙ කවුරු හරි හිටියත් නැතත් අපි ගිහින් බලමු. කෝකටත් අපි තුන්දෙනෙක් ඉන්න එකේ එක්කෙනෙක් චිත්‍රකාමරේටයි  තව කෙනෙක් පොත් කාමරේටයි එකපාරම ඇතුළු වෙමු. ඇතුළේ කවුරු හරි හිටියොත් එයාට පැනගන්න තියෙන හැම ක්‍රමයක්ම එතකොට නැතිවෙනවනේ."
ඒක හොදයි නේද මගෙ මිත්‍රයා!!!
"ඔන්න එහෙනම් අපි යමු දොර ළගදි කවුරුත් සද්ද කරන්න නම් එපා. අමන්දා ඔයා චිත්‍ර කාමරේට යන්න . අපි පොත් කාමරේට යන්නම්."
අඩි සද්හෛන එක වළක්වන්න මම මගේ සෙරෙප්පු දෙක එතනම ගැලෙව්වා. එන්න මගෙ මිතුයා අපි දොර ළගට යමු.
අදුරු කොරිඩෝව දිගේ හෙමින් හෙමින් දොර ළගට ආවට මොකක්දෝ ලොකු තිගැස්මක් මගේ හිතේ පැතිරෙනවා වගේ දැනුනා.
"මගේ මිත්‍රයා හෙමින් දොර අගුල කරකවන්න...."
ඔබ දොර අරිනවාත් සමගම අමන්දාද  අනෙක් දොර අරින ශබ්දය යාන්තමට ඇහුනා.  එක්වරම ඇතුළට යමු මගෙ මිත්‍රයා....
එක් වරම කාමරයට ඇතුළු වුවත් එහි පෙර තිබූ දෑට වඩා වෙනසක් නොපෙනීම මගේ බලාපොරොත්තු බිද දැම්මා වගේ.
ඒත් අමන්දට මොනා හරි හෝඩුවාවක් ලැබිලද දන්නෙ නැ නේද  මගෙ මිත්‍රයා. අපි මේ ඇතුළු දොරින් ඒ පැත්තට යමුද...
ලාම්පුවත් අරන් මම හැරෙනවත් එක්කම එහා පැත්තෙන් ඇහුනේ කෑ ගැහිල්ලක්...
ඒ අමන්දා නේද?
මම ඉක්මනටම පැන්නේ දොර අරින්න. ඒත් මම ප්‍රමාද වැඩි කියලා දැනුනේ මම අරින්නත් කලින් ඇරුනු දොරින් පැනපු කෙනෙක් මාවත් පෙරලගෙන දුවද්දි.
දෙයියනේ වැටුනු වේගෙට මගේ අතින් ලාම්පුවත් ඇතැරුනා.
"මගෙ මිත්‍රයා කවුරු වුනත් මේ මනුස්සයට එළියට පනින්න නම් දෙන්න එපා ."
" ඔය යක්ෂ පැටියාව ඉක්මනට අල්ල ගන්න."

17 comments:

  1. එන්න එන්නම බය හිතෙන ගතිය වැඩිවෙනවා. නියමෙට ලියනවා නංගි...

    ReplyDelete
    Replies
    1. තව එක කොටසයි අයියා තියෙන්නේ...

      Delete
  2. ම්ම්ම්ම් කවුරු වෙන්ඩ පුලුවන් ද? ඉක්මණට අල්ලා ගමු.

    ReplyDelete
    Replies
    1. අල්ල ගත්තම දැන ගන්න පුළුවන්වෙයි

      Delete
  3. ඇත්තටම යකෙක්ද දන්නේ නෑ.. හොද වෙලාවට ලාම්පුව ඇගට පෙරළුනේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. හ්ම් ලාම්පුව ඇගට වැටුන නම් තවත් කරදරයක්

      Delete
  4. පොඩි එකෙක් නේද ඇතුලේ හිටියේ ?

    ReplyDelete
    Replies
    1. කෝ කළුවරේ හරියට පේන්නේ නෑනේ

      Delete
  5. අපොයි...... මගේ හිතත් ගැස්සුනා.... කෝ ඉක්මනට ඉතුරු ටික..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  6. එල එල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. කතාවේ හොඳම හරියට අපි ඇවිල්ලා වගේ !
    මරු මරු !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තව ටික දුරයි අවසානෙට

      Delete
  8. ම්ම්ම්...නියමයි.. තව ටිකයි..අපි අල්ලගමු මේ හැංඟි හොරාව..:D

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පාරනම් අතාරින්න හොද නෑ

      Delete
  9. "අමන්දා අපි තව ඉටිපන්දමක් හරි ටෝච් එකක් හරි අරන් යමුද? හදිසියේවත් මේක නිවුනොත් එහෙම?"
    මා එසේ ඇසුවේ මේ පැතිර ඇති අදුරට මා එතරම් කැමැත්තක් නොදක්වන නිසාමය.
    "හරි එහෙනම් ඔයාලා මේකත් අරන් උඩට යන්න. මම තව ඉටිපන්දමක් අරන් එන්නම්."
    එසේ කියු අමන්දා නැවතත් පහලට හෙමින් හෙමින් යද්දී මා කල්පනා කලේ උඩට යනවාද එසේත් නැතිනම් ඇය එනතෙක් මෙතනම සිටිනවාද යන්නයි.
    බය වෙලාද උඩට යන්න මේ..? :P

    මට නම් හිතෙන්නේ අමන්දගේ අම්මා ඉන්නේ ඕක ඇතුලේ..

    ReplyDelete