Wednesday, August 22, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 10


   කතාවක් දිගේ ඇවිද යමුද 9                        
                           මම ඇතුළට එනකන්ම කල්පනා කලේ මල් තියලා යන එකේ තේරුම මොකක්ද කියලා..ඒත් ඒකට හරියන උත්තරයක් හිතා ගන්න තාමත් මට බෑ... දොරින් ඇතුළට එනකොටම වගේ ඔරලෝසුවේ හය වැදුනා.... ඒත් දැන් නම් වටපිටාව හොදටම කළුවර වෙලා....  ගමන් වෙහෙසයි, මේ සිද්ද වුනු දේවලුයි ඔබව හොදටම වෙහෙසට පත් කරලා කියලා මම දන්නවා... ඔබට තරම්ම වෙහෙසක් මටත් දැනෙනවා මගෙ මිත්‍රයා..... ඒත් අපි කොහොම හරි මේක විසගන්නම ඕන....
"ඔයාලා තාමත් ආව විදිහටමනේ... ඇත්තටම සමාවෙන්න මට...මේ වෙන දේවල් ගැන මිසක් ඔයාලාගෙ මහන්සිය ගැන හිතුවෙම නෑ මම....දැන් ඔක්කෝටම කලින් මූණකට සෝදගෙන මහන්සි නිවා ගන්න...."
අමන්දා එහෙම කියද්දියි මට මතක් වුනේ තාමත් අපි ආව විදිහටමයි කියලා....
"කොහොමත් අපිට අද රෑ ඇහැරගෙන ඉන්න වෙන නිසා දැන්ම ඒකට ලෑස්ති වෙන එක හොදයි අමන්දා." මම කිව්වේ මගේ ගමන් මළුටික  අතට ගන්න ගමන්....
"ඔබත් ටිකක් විවේක ගන්න මගෙ මිත්‍රයා... අද රෑ අපි මේ හැම දෙයක්ම විසදනවා...."
*****************************************************************
                          අමන්දා ලෑස්ති කරලා දුන්නු කාමරේ ඇදට වෙලා මම ටිකක් නිදා ගන්න උත්සහ කලේ බැරිවීමකින්වත් රෑ මුර කරන අතර තුරේ මට නින්ද යයි කියලා බය හිතුන නිසා...ඒත් නින්ද අහලකවත් නෑ.... මෙහෙට ආව වෙලාවේ ඉදන් සිද්ධවුන දේවල් එකින් එක මගේ හිතේ පෙළ ගැහෙනවා...එහෙම දිගින් දිගටම හිතද්දි පාල ගේ පැත්තට කතාව හැරවෙන්න තියෙන ඉඩකඩ වැඩියි වගේ.
පාලත් එක්ක ටිකක් කතා කලොත්..... සමහර විට මේ ගැන හොයා ගන්න බැරි වෙයිද?
සමාවෙන්න ඔබේ විවේකයට තිත තබන්නට වීම ගැන...ඔබ කොහෙද මගෙ මිත්‍රයා..
එන්න අපි පාලව කතාවට අල්ල ගමු...
මැද සාලයෙන් පිටුපස කොටසට වැටුනු කොරිඩෝව දිගේ ගේ පිටිපස්සට යමු... එතන පාල ඇති...
"ඒත් කෝ මේ මනුස්සයා? පේන්න නැනේ..."
"මිනිහා යනවා කිව්වා නේද ඉස්සර වෙලා? "
ඔබ එහෙම කියද්දියි ඒක මට මතක් වුනේ...ඇත්තටම ගියාද දන්නේ නැ එහෙනම්... අපරාදේ...
"ඔයාලා මෙතන? මම හිතුවේ ටිකක් නිදා ගනී කියලා...."
අමන්දගේ කටහඩ පිටිපස්සෙන් ඇහෙද්දි මම ආපහු හැරුනා...
"නින්ද ගියේ නෑ අමන්දා අපි මේ බැලුවේ පාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න...ඒත් මේ මනුස්සයා පේන්න නෑනේ... "
"මම දැක්කෙත් නෑ... ඉස්සෙල්ලා බෙරිහන් දුන්න විදිහට යන්න ඇති මම හිතන්නේ...."
"අමන්දා ඔයාට හිතෙන්නේ නැද්ද මේ දේවල් එක්ක පාලගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා..."
මම මගේ හිතේ ඇතිවෙච්ච සැකේ අමන්දට ඉදිරිපත් කළා...
"මම හිතන්නේ නැ එහෙම දෙයක්. ඔයාලත් දැක්කනේ ඉස්සෙල්ලා කෑ ගහපු හැටි... එහෙම කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ. අනික පාල කියන්නේ අපේ අප්පච්චිලා පොඩි කාලේ මෙහෙට ආව කෙනෙක්ලු. අප්පච්චි ඉන්න කාලේ පාල තරම් එයාට විශ්වාස කෙනෙක් තවත් හිටියේ නෑ. අප්පච්චිගේ හැම වැඩකටම පස්සෙන් හිටියේ පාල.. ඉතින් මේ වගේ දෙයක් පාල කරයිද?"
අමන්දගේ ඒ විස්තරෙත් එක්ක මාව තවත් පැටලෙනවා වගේ....
"හ්..ම්.. අපි බලමුකෝ..."
එක පාරටම පාල කලින් පෙන්නපු පඩිපේළිය දිගේ අදුරු හෙවනැල්ලක් ඇදෙනවා වගේ දකිද්දි මම තවත් ඕනකමින් බැලුවේ  ඒ මගේ හිතට දැනුනු දෙයක්ද කියලා දැනගන්න...
නැ... ඇත්තටම ඒ මනුස්සයෙක්...!!!!!
ඔබ දැක්කද මගෙ මිත්‍රයා....!!!
හෙමින් හෙමින් පඩිපෙළ බහින මේ මනුස්සයා කවුද? කළුවරේ හෙමින් හෙමින් ඒ රූපේ ඇදෙන්නේ අපි ඉන්න පැත්තට.... 
අමන්දා ඇවිත් එක පාරටම මගෙ අතින් අල්ල ගනිද්දි මාව ගැස්සිලා ගියා. මේවගේ වෙලාවක එහෙම වැඩ කරන්න හොද නෑ කියලා මේ මෝඩ කෙල්ලට තේරෙන්නේ නැති හැටි.... මට කෑගැස්සුනානම් එහෙම...
මට විශ්වාසයි අපි මෙතන ඉන්නවා කියලා නොදැනයි මේ මනුස්සයා එන්නේ....
සූදානම් පිට ඉන්න මගෙ මිත්‍රයා... දැන් මේ හැංගිමුත්තං සෙල්ලම ඉවරයක් කරන්නයි යන්නේ...
අදුරු හෙවනැලි අතරින් ඇදෙන මේ මනුස්සයා කවුද කියන එක ගැන හිතාගන්න අමාරුයි... තව ටිකක් ඉස්සරහට එනකොට හොදින්ම බලාගන්නපුළුවන් වෙයි...අපි තුන්දෙනෙකුට එක මනුස්සයෙක් අල්ල ගන්න අමාරු වෙන එකක් නෑ...
ඔන්න මිනිහා එනවා....!!!!!!!!
මාව මේ තරම් ගැහෙන්නේ සීතලටද බයටද මංදා....
මගේ දෙවියනේ!!!! අමන්දට කෑගැස්සුනා...
අමන්දගේ කෑ ගැහිල්ලත් එක්කම මතු වුන රූපේ දකිද්දි මට හුස්ම හිරවුනේ නැති එක විතරයි....

23 comments:

  1. කවුද හැබෑටම දකින්න ඇත්තේ..
    හ්ම්.... එනි සජෙශන්ස් !!!

    නිහඩතාවයෙන් පෙනී යන්නේ කිසිවෙකු නොදන්නා බවයි...
    එහෙනම් ඒ ටික ඊලඟ කොටසෙන්ම කියවමු !

    ReplyDelete
  2. හි හි... මේ මාවත් සීතල වෙලා හලෝ....

    ReplyDelete
    Replies
    1. ආ මම හිතුවෙ හිරු යකෙකුටවත් බය නෑ කියලනේ

      Delete
    2. කවුද කිව්වේ බයට කියලා.. මේ සීතලට..

      Delete
  3. අනේ අම්මෝ.... :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. කෑලි දෙකක් මග ඇරී ඇති බැවින්.. ඒ දෙක කියවලා ඉන්න ඕනේ....

    ReplyDelete
  5. මේ අමන්දා ගෙ අම්මා වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා, බොහොම ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට වෙන්න පුළුවන්... බලමුකෝ

      Delete
  6. මටත් දැන් හිතෙනවා මේ අමන්දගේ අම්මා කියලා. අම්මා නැති වෙලා නෑ. මොනව හරි අමුතු දෙයක් තියෙනවා මෙතන, අභිරහසක් වගේ..

    මොනවා වුනත් ඊළඟ එක ඉක්මනටම දාන්න..

    ReplyDelete
  7. කවුද ඒ...අමන්දාගේ අම්මා නම් වෙන්න බැ.. පිරිමි කෙනෙක් කියලා තමා මට හිතෙන්නේ.... කවුද මේ ආවේ.. ඔයාත් දන්නවා..අමන්දාත් අඳුරනවා..මන් විතරයි ඒ ආපු කෙනාව දන්නේ නැත්තේ...බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. පෙනුමෙන් නම් පිරිමි කෙනෙක් වගේ තමයි...

      Delete
  8. අප්පොච්චියේ මේක හරියට අර හෝම්ස් අංකල්ගෙ වගේ ඇග කිළිපොලා යන කතන්දරයක් නොවැ. මේව බලල රෑ ජාමෙට දොට්ට පිළටවත් යන්න ඇහැක් වෙයිද මංදා. කොහෙද ඉතිං මයෙ ගෙට අල්ලපු ඇටෑක් බාතුරූං එකක්වත් තියන එකක් යැයි? අදනං බඩ දිය බාන්ට වෙන්නෙ පැදුරු කබළෙම තමා. හයියෝ.....

    ReplyDelete
    Replies
    1. හිකිස්..!!!!
      අපෝ සකී ඔච්චර බය තිබුනොත් මදැ

      Delete
  9. ඉතින් ආපහු ඊලග කොටස වෙනකන් හිටපන්කෝ ආයෙත් ..

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ වැඩ ටිකක් වැඩි අයියෝ... ඉක්මනින්ම දාන්න බලන්නම්

      Delete
  10. මුලින්ම 10 වෙනි කොටස කියෙව්වා... අන්තිමට මුළ ඉඳන් නොකියවා ඉන්න බැරි වුණා... මරු මරු....

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට නම් අළුත් මල්ලි කලින් මේ පැත්තේ ඇවිත් තියෙනවා.... ස්තුතියි ඔයාට...

      Delete
  11. ඒ පාලද ආවේ?

    ReplyDelete