Sunday, January 2, 2011

දෙයියන්ට මඤ්ඤංද මංදා


මම ඉල්ලුවා දෙවියන්ගෙන්
මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
කකුල් දෙකක්
ඒත් දෙවියෝ මට දුන්නේ
හැම මගුලකටම
තෙත් වෙන ඇස් දෙකකුයි 
පොඩ්ඩ බැරි වෙනකොට 
උණුවෙන හදවතකුයි
දෙයියන්ට මඤ්ඤංද මංදා

15 comments:

  1. දෙවියන් බුදුන් හට ගරහා ලන්න එපා..
    නෙතු අග කඳුළු පුරවා ගෙන ඉඳිනු එපා..
    උණු වන හදවතට සෝ ගිනි දෙවනු එපා..
    හෙට දින නුඹෙ දෙපා නොලැබී තිඛෙනු එපා..

    ReplyDelete
  2. පොලොවෙ පයගහල ඉන්න ගල් හිතක්කුත් එක්ක ලැබෙන කකුල් දෙකකට වැඩිය, උණුවෙන හිතකුයි ඇඬෙන ඇස් දෙකුයි දාහක් වටිනව කියල ගල් වෙච්ච හිතක් ලඟදි ඔයාට තේරෙයි !

    ReplyDelete
  3. තෙත්වෙන ඇස් දෙකයි, උණුවෙන හදවතයි කියන්නෙ දෙවියන්ගේම කොටස් තමයි. දෙවියන් ඔයා තුළමයි ඉන්නෙ.

    ReplyDelete
  4. දෙය්යෝ දුන්නේ ඔයාට ඇස් දෙකකුයි හිතකුයි විතරයි
    ඒ ඇස් දෙක තෙත් කරගන්න එකත් ඒ හදවත උණු කරගන්න එකත් ඔයාගේ වැඩක්.
    මොහොතක් කල්පනා කලොත් ඒක ඔයාට තේරෙයි.
    හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ නේ.....

    ReplyDelete
  5. අපේ කරැමෙට දෙයියෝ මක් කොරන්නද... ? දෙයියොත් අපේ කදුළු බල බල අඩනවා ඇති සමහර විට... ඒක දන්නෙත් දෙයියොම විතරයි නේද.. ?

    ReplyDelete
  6. දෙයියෝ කලොත් දෙයත් බාගෙට. සමහර කෙල්ලන්ව මවනවා හදවතක් නැත්ව. තවත් සමහර කෙල්ලන්ව කකුල් නැතුව . මේ දෙවියා බීලාද මන්ද...

    ReplyDelete
  7. ඔයාට ඔය ලස්සන හිත දුන්න දෙවියන්ට දොස් කියනවද නංගි බබා.... ඒයාට පුංචි වැරදීමක් වෙන්න ඇති මේ ආත්මෙට විතරක් සමාව දීල දොසක් නොකිය ඉන්න..... හොද නංගානේ...

    ReplyDelete
  8. මට උනුවෙන හදවතක් දුන්නාට දෙවියන්ට ස්තූතියි..........

    ReplyDelete
  9. දෙවියන්ටවත් අපේ දෛවය වෙනස් කරන්න බැරිව ඇති සුදු නංගී..දෙවියෝ දීපු ඇස් වලින් අපි ඇති වෙනකන් අඬමු..එතකොටවත් හිත සැනසෙයි...

    ReplyDelete
  10. මට තේරෙන නැ මොනවා කියන්නද කියලා..ටිකක් වෙලා බලන් ඉන්නකොට හිතෙනවා .ඔයාගේ අදහසේත් වරදක් නැ කියලා..

    ReplyDelete
  11. මොනව කරන්නද සහෝදරී . අපි දෙවියෝ දීල තියන දෙයිං සතුටු වෙමු. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්න නෑ . මගෙත් ඔයාගෙත් අපි හැමෝගෙමත් මොනවා හරි අඩුවක් තියනවා .

    අපි මොනව කරන්නද ? අමතක කරලා දාන්න ..

    ඔයාට හැමදාම ජය වේවා !!

    ReplyDelete
  12. මිරිවැඩි සගලක් ඉල්ලා ඇඩුවෙමි දේපා නොමැති ඔබ දකින තුරා....

    ReplyDelete
  13. ඔව් හැබැයි ඇත්ත තම‍යි ඔයගේ කතාවත්....ඒත්,තෙත් වෙන ඇස් දෙකකුඉ,උනුවෙන හදවතකුයි හැමෝටමත් නෑනේ.....

    ReplyDelete
  14. ඔයාට මෝනවා කියන්නද කියලා මම පැය ගානක් කල්පනා කරා.. තාමත් කල්පනා කරනවා..

    දිරිය ගන්න සහොදරි..
    බුදු සරණයි..

    ReplyDelete
    Replies
    1. ඔයාට මඤ්ඤංද මංදා දෙයියො හැමෝටම ඔයාට දීපුව දෙන්නෙ නෑ උණුවෙන හදවත දෙයියො දෙන්න ඇත්තෙ හිතලමයි යෙහෙලියේ

      Delete