Monday, January 3, 2011

ජිවිතේ අසුන්දර කාලෙක හමුවුන පුංචි සමණළයෙක්.....

        අලුත් දවසක්....ඊයේ මම තරහට දෙවියන්ට  බැන්නට දැන්නම් හිතෙනවා ඒක වැරදියි කියලා... සමාවෙන්ට දෙවියනේ....ආයෙමත් බනින්නේ නෑ ඕං...මගේ කරුමෙට දෙයියෝ මක් කරන්නද....
-----------------------------------------
                                      අකීකරු හිතට ඉන්නවා අපූරු යාළුවෝ ගොඩක්... කිසිම වෙනසක් නැතිව හැම විදිහකම යාළුවෝ...මම නම් හිතන්නේ යාළුවෙක් වෙන්න වයස, කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක...වගේ දේවල් බලපාන්නේ නෑ... මීට අවුරුදු ගානකට කලින් අන්න ඒ වගේ යාළුවෙක් හමු වුනා මට...ඒ පුංචි මල්ලියෙක්...එතකොට ඉතින් මාත් පොඩි එකා තමයි...අපි යාළුවො වුනේ මගේ සුපුරුදු නවාතැනක් වෙච්ච රෝහලකදි තමයි... ඒ රාගම පුනරුත්ථාපන රෝහල...අවුරුද්දක් ඒකේ උන්නා..එහේ ගිය මුල් දවස්වල මම උන්නේ ටිකක් ඔරොප්පු මූඩ් එකෙන්..... 
                         පොඩි දවස්වල නිසා මට හම්බ වුනේ අර දෙපැත්තෙන්ම කොටු කරපු ඇදක්....ඒ ඇදේ යකඩ කුරූ අතරින් ඔළුව දාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කලේ.. මම එහෙම ඉද්දි මම වගේම යකඩ කූරූ බදාගෙන ඒ අතරේ ඔළුව හිරකරගෙන හිටිය මල්ලි කෙනෙක් ඔන්න මාත් එක්ක හිනා වෙන‍වා...මුළු අවුරුද්ද පුරාමත් එයා කලේ හිනා වෙන එක විතරයි... ඒ පුංචි සමණල් පැටියට ඇවිදින්න බැරිවා වගේම කතා කරන්නත් බෑ....එයා දැනන් උන්නෙ පුංචි පුංචි සද්ද කිපයක් කරන්න විතරයි.... ඒත් අපි කියන ඒවා හරි අපුරුවට තේරුම් ගත්තා...මල්ලි පැටියට තිබුනා පුංචි බයිසිකලයක්...එයා හිටියේ ඒකෙමයි ... රෝද පුටුවට එයා කැමති වුනේ නෑ..බයිසිකලෙන් මුළු වාට්ටුව පුරාම යන එක තමයි එයාගේ වැඩේ.... 

මෙහෙදි  අපට බෙහෙත් වෙනුවට කලේ ව්‍යායාම කරවන එක...උදේ 8 ඉදන් 10 වෙනකන්ව්‍යායාම කරවලා ආයෙත් 2 ඉදන් 4 වෙනකන්... උදේ වරුවෙ නම් අපි පැනගෙන යනවා...මොකද ඒකෙදි කරන ඒවා ඒ තරම් අමාරු නැති නිසා....ඒත් හවස එකට නම් බලෙන් ඇදන් ගියත් යන්න අකමැති තැනක්.. මල්ලි පැටියත් මමත් හවස නොයා ඉන්න නොකරන දෙයක් නැ..ඒත් එයාලගෙන් බේරෙන්න ලැබුනේ නෑ...මරන්න අරන් යන කුකුල් පැටව් වගේ අපිව අරන් ගියේ...මල්ලි පැටියා බයම වුනේ කරන්ට් අල්ලන එකට...ඒ ඇද ලගට ගද්දිම හූ තියලා අඩන්න ගන්නවා...ඇත්තටම මාත් අකමැතිම දේත් කරන්ට් එක අල්ලන එක තමයි...  ඇත්තටම ඒකෙන් එළියට එන්නේ අපායෙන් එළියට එනවා වගේ....
                     එහෙම ගෙනත් වාට්ටුවේ ඇදට දාපුවම අපි කලේ නින්ද යනකන් අඩපු එක....කකුලේ වේදනාව දරා ගන්න බැරිව කැ ගගහ අඩද්දි ඒ පුංචි සමණල් පැටියා බයිසිකලේ තල්ලු කරගෙන ඇවිත් මගේ ඇදේ කම්බි කුරූ වල එල්ලිලා රිදුනු කකුල හෙමින් අල්ලන් ඉන්නවා...තුවාලෙක වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහා කියලා කියන කතාව ඇත්ත කියලා මට හිතෙන්නේ මේ දේවල් මතක් වෙද්දි...එයා ගොඩක් පුංචි වුනත් මගේ දුකේදි සෙවනැල්ල වගේ ලගින් හිටියා... ඒකට නේද හොද යාළුවෙක් කියලා කියන්නේ...

13 comments:

  1. සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
    http://sindilanka.blogspot.com

    ReplyDelete
  2. දුක දන්න කෙනා තමා අනිත් අයගේ දුකේදිත් පිහිට වෙන්නේ.........

    ReplyDelete
  3. අක්කිකරු හිත සමග රත්ගමයා නැවතත්.....අලුත් නවා තැනකින්

    -------- ටේක් කෙයාර් ------

    ReplyDelete
  4. අපිව ගොඩක්ම තේරුම් ගන්න පුළුවන් අපිට වෙලා ඒ දුක විදින අයටනේ නංගා.... දැන් කෝ ඒ සමනල් පැටියා.... ඔයාට අඩුම ගානේ කතාහරි කරනවද...

    ReplyDelete
  5. යාඵකමට වයස, කොල්ලො කෙල්ලො කියන එක විතරක් නෙවෙයි කිසිම බේදයක් අදාල වෙන්නෙ නෑ.
    ඔයාගෙ පුංචි යාඵවා නියම යාඵවෙක්...

    ReplyDelete
  6. කථාව නම් සහතික ඇත්ත,,

    ReplyDelete
  7. ඇත්තටම දැන් එයා කොහේද කියලා ඔයා දන්නේ නැද්ද ?

    සහෝදරී පරන මතකයට අඳුරු මතකයට ඔයාව ගිල ගන්න ඉඩ දෙන්න එපා !!

    ඔයාට සදා ජය !!

    ReplyDelete
  8. කෙනෙක්ට තව කෙනෙක් ඉන්න තත්ත්වය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ, එයත් අර කෙනා තත්ත්වයට පත්වුනාම තමා. බයනැතුව ඉන්න සමනල් පැටියා සුවෙන් ඇති.

    ReplyDelete
  9. ඔයාගේ බොලොග් එක මම ඊයේ කියෙව්වේ. එත් comment එකක් දාන්න බැරි උනා. ඔය වගේ අද්දැකිම් මටත් තියෙනවා. මාත් hospital ඉන්න කාලේ පුන්චි යාළුවෝ සෙට් එකක් හිටියා.ටික දවසකින් එයා මැරෙනවා කියලා දැනගෙන හිටපු පුන්චි මල්ලියක් හිටියා. එයා එක්ක ගත කරපු කාලේ හරිම සුන්දරයි. එයගේ හිනාවයි කතාවයි මට තාම මතකයි. මැරෙනවා කියලා දැන දැන ජිවත් වෙච්ච අපූරුව.
    දිගටම ලියන්න ඔයාට සුභ අනාගතයක් යාළු.

    ReplyDelete
  10. ඔයා කියන එක හරි...... යාලු කමට වයස ආගම් බේද අදාල නැ.... යාලුවෙක් කියන්නේ කියන්න කලින් හරි හිමිට හැමදේම තේරුම් ගන්න කෙනාටයි...

    ReplyDelete
  11. මේ ලිපිය පුදුමාකාර විදියට මගෙ හිතට වැදුන, ඔය කියපු "මල්ලි පැටිය" ටත් වඩා ටිකක් පොඩි පුතෙක් මට ඉන්නව, මට දැන් මැවිල පේනව එයා ජනෙල් කූරු අස්සෙන් එලිය බලාගෙන ඉන්න හැටි, මම වැඩට යනකොටයි, එනකොටයි, වාහනේ සද්දෙ ඇහෙනකොටම එයා ජනේලෙ ලග. ඒ විතරක් නෙ එයා එයගෙ බයිසිකලෙ අරන් සාලෙ පුරා යන හැටි මට දැන් මැවිල පේනව. එයාට තාම බයිසිකලේ පදින්නත් බෑ, ඒත් කකුල් ගහ ගහ යනව.
    මම මේ බ්ලොග් එක අද දැක්කෙ, ඉතින් මම දන්නෙ නෑ ඔයාටයි, ඒ කියපු බබාටයි මොකක් හින්ඩ හොස්පිටල් එකෙ හිටියද කියල, පුලුවන්නම් කියන්න මෙ කොමෙන්ට් එකේ දාන්න, මම පස්සෙ බලන්නම්. ඒ කියපු බබා දැන් හොදින් ඉන්නව කියල මම ප්‍රාර්ථනා කරනව. මට තාම මැවිල පෙනවා මගෙ පුතාගෙ මූන, පොඩ්ඩක් කොහෙහරි වැදිල රිදෙනකොට ඒ මූන, අර දරුවට කොච්චර වෙදනාවක් ඇතිවෙන්න ඇතිද.
    shaan

    ReplyDelete
  12. @ශාන්- මම රෝහල් ගත වුනේ මට ඇවිදිමට තියෙන අපහසුතාවය නිසා.. ඒ මල්ලි පැටියටත් එහෙමයි..අවාසනාවකට දැන් ඒ මල්ලි පැටියට කොහොමද කියන්න මම දන්නෙ නෑ..මල්ලි පැටියට කතා කරන්න බැරි නිසා එයාට කතා කරන්නවත් විදිහක් තිබුනෙ නැ මට... ඒත් එයා ගොඩාක් හොදින් ඇති කියලා මගේ හිත කියනවා.. ඒ වාග් අහිංසක පැටියෙකුට කවදාවත් වරදින්නෙ නැ...ඔයාගේ පුංචි පැටියත් හොදින් ඇති කියලා මම හිතනවා...එයාට ගොඩාරියක් ආදරේ කරන්න....ඒ ආදරේ තමයි අපි වාගේ අයට ජිවත් වෙන්න හයිය දෙන්නෙ

    ReplyDelete