Thursday, October 14, 2010

වටිනාම වස්තුව


                          ජිවිතය කියන්නේ මොකද්ද? ඒක හරියටම මොන වගේද? මේ වගේ ප්‍රශ්න අපි අපෙන්ම අහගන්නවා. ඒත් ඒ ප්‍රශ්න වලට හරි උත්තර ලැබුනේ කීයෙන් කීදෙනාටද කියලා නම් මං දන්නෙ නෑ.. ජිවිතය කියන්නේ තවමත් පරිපූර්ණ නිර්වචනයක් දෙන්න බැරි වුන තවත් එක වචනයක් කියලයි මට හිතෙන්නේ....
                          ගොඩක් වෙලාවට අපි හිතනවා මේ ජිවිතය මොන තරම් පුදුමාකාරද කියලා.. එක් විටෙක කදුළකුත් එක් විටෙක සිනහවකුත් අරන් එන මේ ජිවිතේ ඊළග‍ට අපට දෙන්නේ මොනවද කියලා කාටද හරියටම  කියන්න පුළුවන්....?මේ ජිවිතේ ඇති වෙන බැදීම් ඊටත් වඩා පුදුමාකාර දෙයක්.... සමහර බැදීම් ඇති වුනේ කොහොමද කියලා හරියටම කියන්න බැරි වුනත් අපි ඒ බැදීම් වලට පුදුමාකාර විදිහට ලෙංගතුයි.... ඒ අතරිනුත් සමහර ඒවා සංසාර පුරුද්දට එන ඒවා... කොච්චර බුදු බණ ඇහුවත් බැදීම් කියන්නෙ දුකක් කියලා අපට නොදැනෙන්නේ අපි ඒ බැදීම් වලින් වට වෙලා ඉන්න නිසයි...ජිවිතේ තනි වෙලා දුක් විදිනවට වඩා බැදීම් නිසා විදින්න වෙන දුක වැඩියි.... ඒ තරම් අපි ඒ බැදීම් වලට ආදරෙයි...ඒත් කවදාහරි අපි තනිවෙනවා.. එදාට අපිට අපි විතරයි ඉතිරි වෙන්නෙ කියන සත්‍ය අපි දැන හෝ නොදැන අමතක කරලා දානවා.. ඒකයි යථාර්ථය....
සමහර වෙලාවට අපි හිතනවා  ජිවිතයට  ලග සතුටට වඩා දුක කියලා.. ඇත්තටම ජිවිතය අපට මොන තරම් රිදවනවද කියලා හිතුවොත්  අපේ හදවත් කෑ ගහනවා “ ජීවිතය කොහොමද උඹ මේ තරම් මට රිදවන්නේ කියලා..
ඇත්තටම දුක අපිව මොන තරම් රිදවනවද? ඒත් කොච්චර ‍රිදෙව්වත් සමහර වෙලාවට ඒ දුකම තමයි අපිව ජීවත් කරවන්නේ එහෙමත් නැත්නම් ජිවත් වෙන්න ධෛර්‍යය දෙන්නේ.. අපි හැමෝම වගේ නිතරම කරන්නෙ  දුකට වැඩියෙන් ලං වෙන එක.. මෙහෙම දුක් විදින්න වෙන්නෙ ජිවිතේ කියන්නේ අපි පතන දේ නෙමෙයි අපට ලැබෙන දේ කියන ඇත්ත අමතක කරන නිසා නේද?
                               අපි දුකට වැඩියෙන් ලං වෙන්නෙ අපි ආදරේ කරන දේවල් අපේම කරගන්න , අපේ ලගම නතර කරගන්න හදන නිසා කියලයි මට හිතෙන්නේ.. එතකොට ඔයාලා අහයි අපේම කර ගන්න බැරි ආදරේකින් වැඩක් තියනවද කියලා... මං කියන්නේ සමහර වෙලාවට අපි කොයි තරම් ආදරේ කලත් අපට නොලැබෙන දේවල් තියෙනවා..අන්න ඒ දේවල්  ගැනයි....හැමදේම අපේ අතේ ඇගිලි අතර හිර කරගන්න, අපේම කරගන්න හැමදෙනාම වෙර දරනවා... 
                          ඒත් කවදාවත් අත මිට මොලවගෙන ඉන්න හොද නෑ... එතකොට අතින් ගිලිහෙන බිංදුවත් දැනෙන්නේ මහමෙරක් වගේ.. හැම වෙලාවෙම අත්ල පෙනෙන්න ඇගිලි දිගහැරගෙන ඉන්න ඕන... එතකොට හැමදේම ඉහිරිලා ගියත් දුකක් දැනෙන්නෙ නෑ... මං කිසිදෙයක් අල්ල ගත්තෙ නෑ කියලා හිත හදා ගන්න පුළුවන්... 
ජිවිතෙන් අතෑරෙන හැම දේටම අතෑරෙන්න දෙන්න... එහෙම අතෑරූන දේවල් අතරින් ජිවිතයට කියලා මොනවා හරි දෙයක් ඉතිරි වෙයි... සමහර වට ඒ දේ අද අපට දූවිල්ලක් තරම් වත් වටින්නෙ නැති වෙන්න පුළුවන්... ඒත් ඒ දේ හෙට දවසේ ජිවිතේ වටිනාම වස්තුව වේවි......

7 comments:

  1. ඇත්තම ඇත්ත තමා ඔය කියලා තියෙන්නේ... ඒත් අතේ ගුලි කරගෙන හංගගෙන ඉන්නේ නැතුව අතෑරිලා යන්න දෙන්න ලෝබ හිතෙනවා නම්...?

    ReplyDelete
  2. "සමහර බැදීම් ඇති වුනේ කොහොමද කියලා හරියටම කියන්න බැරි වුනත් අපි ඒ බැදීම් වලට පුදුමාකාර විදිහට ලෙංගතුයි...."
    ඇත්ත තමයි,
    ඒත්...
    එක අවස්ථාවක් හැරෙන්න

    ReplyDelete
  3. @prasanna86k -අතෑරිලා යන්න දෙන්න ලෝබ හිතෙනවා නම්. අන්තිමේදි වැඩියෙන් දුක විදින්න වෙනවා නේද?

    @සෝනාර් - මොකද්ද ඒ එක අවස්ථාව ?

    ReplyDelete
  4. @ අකීකරු හිත - අ​නේ මන්දා මට ඕව බර වැඩියි.

    ReplyDelete
  5. කවදාවත් අත මිට මොලවගෙන ඉන්න හොද නෑ... එතකොට අතින් ගිලිහෙන බිංදුවත් දැනෙන්නේ මහමෙරක් වගේ.. හැම වෙලාවෙම අත්ල පෙනෙන්න ඇගිලි දිගහැරගෙන ඉන්න ඕන... එතකොට හැමදේම ඉහිරිලා ගියත් දුකක් දැනෙන්නෙ නෑ... මං කිසිදෙයක් අල්ල ගත්තෙ නෑ කියලා හිත හදා ගන්න පුළුවන්...
    _______________________________________________

    ඔය ටිකට මම කැමතියි...
    මම ගන්නවා ඒ වචන ​​ටික..

    ReplyDelete
  6. "ජිවිතෙන් අතෑරෙන හැම දේටම අතෑරෙන්න දෙන්න... එහෙම අතෑරූන දේවල් අතරින් ජිවිතයට කියලා මොනවා හරි දෙයක් ඉතිරි වෙයි... සමහර වට ඒ දේ අද අපට දූවිල්ලක් තරම් වත් වටින්නෙ නැති වෙන්න පුළුවන්... ඒත් ඒ දේ හෙට දවසේ ජිවිතේ වටිනාම වස්තුව වේවි....." ගොඩක් ලස්සන,වටින අදහසක් අක්කේ.....

    ReplyDelete
  7. සත්වැන්න,

    මම එක අල්ලාගත්තේ නෑ කියල හැමදේම මගෙන් ඈත් උනාම,ඔහොම හිතල හිතහදාගන්න මමත් සිහින දැක්ක සහෝදරී....ඒත් ඔයාගේ තරම් අහිංසක නැති මගේහිත,මට එකට ගොඩක් දොස් කිවුව,දන්නවද?එතකොට දැනුන දුක තරම් දුකක්,මට මුලින් හැමදේම මගෙන් ඈත් වෙනකොටවත් තිබුනේ නෑ.ඒකනේ මටත් පුදුමේ..

    ReplyDelete