Saturday, October 9, 2010

මාර හැපී........


මේ ජිවිතේ එක එක වෙලාවට හරි පුදුම ‍දේවල් වෙනවා.... මං මේ බ්ලොග් එක ලියන්න  පටන් ගත්තේ මහා බලාපොරොත්තුවක් තියාගෙන නම් නෙමෙයි..... ඒත් දැන් මේ හිතට හරි සතුටක් දැනෙනවා..
         පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.... මගේ පිස්සු අදහස් කියවන්නත් අය ඉන්නවා කියල දකිද්දි හරි පුදුමයි.....මේකට මම මුලින්ම ස්තුති කරන්නේ ගෝල්ඩ් fish ට
ඇත්තටම මං දන්නවා මගේ මිතුරට ස්තුති කියලා විතරක් මදි කියලා..... මගේ අකිකරු හිත ගොඩක් අය කියෙව්වේ ඔයාගේ පෝස්ට් එක නිසා.... ඒකට ගොඩාරියක් ගොඩාරික් ගොඩාරික්ම ස්තුතියි..... 
මනුස්සකම තියෙන හරි අපුරු හිත් තියෙන මිනිස්සු තවමත් ඉන්නවා දකිද්දි හිතට පුදුමාකාර හැගිමක් දැනෙන්නේ...ඒ හැගීම වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ මට ... සමාවෙන්න ඒකට....
අකීකරු හිත කියන්නේ ජිවිතේ අන්තෙටම විදවපු කෙනෙක්... මේ සමාජෙත් එක්ක හැප්පිලා හොදහැටි තෙම්පරාදු වුන කෙනෙක්... ගොඩක් වෙලාවට ඒ නිසාම සමාජෙන් හැංගෙන්න මං උත්සහ කලා... හැමෝම මේ හිත රිදවද්දි, තවත් දුක් විදින්න බැරි නිසාම... හැමෝගෙන්ම ඈත් වුනා... ඒත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේම මගේ හිතටත් එක විදිහට ඉන්න බෑ..ඉතින් ආයෙත් ආවා... ඒ එද්දි හමුවුන ඔයාලා නිසා අකීකරු හිතට මාර හැපී......
මගේ විකාර අදහස් මෙලෝ රහක් නැති වුනත් අමාරුවෙන් හරි කියවපු ඔයාලට ගොඩාරික්ම  ස්තුති වේවා..................  

4 comments:

  1. එල එල...හිත නියමයි....මාලු යාලුවගේ පෝස්ට් එක නිසා තමයි රත්ගමයත් හිත හොයාගෙන ආවේ..දිගටම හිතේ තියෙන ඒවා ලියන්න..කියවන්න බලාගෙන ඉන්නව.........

    ReplyDelete
  2. මටත් අකීකරු හිතට එන පාර පෙන්නුවේ ගෝල්ඩ් ෆිෂ් තමයි... තෙම්පරාදු වුනු කෙනෙක් ලියන හින්දද මන්දා මේ බ්ලොග් එකේ රස නම් නියමයි...

    ReplyDelete
  3. අක්කද නංගිද කියන්න නම් මේ පුංචි මාලුවා දන්නේ නෑ, ඒත් අකීකරු හිත ඇත්තටම මහ ලොකුයි. හොඳට දැනෙන්න ලියලා. තැන්ක් යු කට්ටියටම.

    ReplyDelete
  4. මේ සමාජෙත් එක්ක හැප්පිලා හොදහැටි තෙම්පරාදු වුන කෙනෙක්,නම් දවසක ඔබේ ජීවිතයට ආලෝකයක් ලැබේවි...
    ගොඩක් හිතට වදින විදියට ලියන්න පුලුවන් කෙනෙක් ඔයා...ඔබට ජය
    "ගල් වල හැපි හැපී ගලන දිය දහර වඩාත් ලස්සනයි...ජීවිතයත් එහෙම තමයි....
    ඒ දිය දහරට ගලා බැසීමට යම් පන්නරයක් වූ "Gold Fish" ඔබටත් මගේ තුති..."

    ReplyDelete